රෝහින්යා අර්බුදය වාර්තා කිරීම නිසා මියන්මාරයේ නිල රහස්‍ය පනත උල්ලංඝනය කල බවට චෝදනා ලැබූ අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් වන වා ලෝන් හා ක්යාව් සෝ ඌ දින 500කට පසු ඊයේ (7) යැන්ගොන් අධිකරණයේදී නිදහස් කෙරුණි.
යැන්ගුන් නගර ආසන්න බන්ධනාගාරයක සිරගත කරනු ලැබ සිටි මොවුන් දෙදෙනා එම චෝදනාවන්ට ඔවුන් වරදකරු බව අධිකරණය විසින් තීන්දු කළ අතර ඔවුන්ට අවුරුදු හතක සිර දඬුවමක් නියම විය.
කෙසේ වුවද මේ සිද්ධියත් සමඟ මියන්මාරයේ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව බොහෝ විවේචන එල්ල වු මේ සිද්ධිය සම්බන්ධයෙන් අතර අවුං සාං සුකීගේ හැසිරීම ද ජාත්‍යන්තරයේදී කතාබහට ලක්විය. .
මියන්මාරයට නව වසර උදාවත් සමඟ වාර්ෂික පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කරන අතර මාධ්‍යවේදීන් දෙදෙනාට ද එලෙස නිදහස ලැබිණි.
නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වා ලෝන් පැවසුවේ, ‘‘මං මාධ්‍යවේදියෙක් විදියට දිගටම වැඩකරනවා. ප්‍රවෘත්ති මැදිරියට යන තෙක් ඉවසිල්ලක් නැහැ‘‘ යනුවෙනි.

Post a Comment