වර්ෂ 2018 ජනවාරි 03 වන දින පත්වීම්ලාභීන් වෛද්‍යවරුන් 650 කට ආසන්න ප්‍රමාණයක් නැවත ස්ථානගත කිරීම සඳහා 2019. 05. 13 දින සිදු කිරීමට නියමිත බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය සංගමය වෙත දැන ගැනීමට ලැබී ඇති බවත් කරුණු ගණනාවක් මත එම නැවත ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මෙම සංගමයේ තදබල විරෝධය ප්‍රකාශ කරන බවත් එම සංගමය ඊයේ (7) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබේ.
මෙහි වැඩිදුරටත් දක්වන්නේ,
01. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තාවකාලික ස්ථාන ලබා දීම හා නැවත ස්ථානගත කිරීම අසාධාරණ වීම.
02. මෙතෙක් පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම පාහේ උල්ලංඝණය වීම.
03. මේ වනවිටත් වර්ෂ 2018 පත්වීම්ලාභී වෛද්‍යවරුන් එම ස්ථාන වල වර්ෂයකුත් මාස 6 ක කාලයක් තම සේවය ලබා දී වර්ෂ 2020 මාරුවීම් සම්බන්ධව සුදුසුකම් ලබා තිබියදී මෙම ස්ථානගත කිරීම අසාධාරණ වීම.
04. සාධාරණ හෝ යුක්ති ධර්මයේ මුලධර්මය අනුගමනය නොකර ස්ථානමාරු සමාලෝචන කමිටුව හරහා ගත් ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ස්ථානගත කිරීම සිදු කිරීම.
05. එම ස්ථානමාරු සමාලෝචන කමිටුව විසින් 2019 මාරුවීම් පටිපාටිය දැඩිලෙස උල්ලංඝණය සිදු කිරීම.
06. 650 කට ආසන්න දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිටින සියලුම වෛද්‍යවරු බරපතල අපහසුතාවයන්ට ලක් කිරීම.
07. රටේ පවතින සුවිශේෂී වාතාවරණය සැලකිල්ලට ගෙන කටයුතු නොකිරීම.
08. මෙම නොමනා ක්‍රියාව නැවත නැවත පූර්වාදර්ශයක් බවට පත්කිරීමට ඇති අවස්ථාව වැඩි වීම.
09. මෙතෙක් කරන ලද සාධාරණ ඉල්ලීම් හා සාකච්ඡා නොසලකා හැරීම (මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් හෝ හමුවීමක් සඳහා විධිමත් අවස්ථාවක් ලබා නොදීම.)
10. වර්ෂ 2019. 03. 14 වන දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා සමග සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ල වෘත්තීය සමිති පුළුල් සාකච්ඡාවකින් පසුව වර්ෂ 2018 පත්වීම් ලබාදුන් නවක වෛද්‍යවරුන් සේවය කරන ස්ථාන වල ස්ථිරවම ස්ථානගත කිරීමට ලබා දුන් තීරණය ක්‍රියාත්මක නොකර ඊට විරුද්ධව කටයුතු කිරීම.
යන කරුණු හේතුකොටගෙන ඊට විරෝධය දැක්වීම සඳහා සහ වර්ෂ 2018 පත්වීම්ලාභී වෛද්‍යවරුන් දැනට ස්ථානගත කර ඇති ස්ථාන වලම ස්ථානගත කිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද දින පෙරවරු 10.30 ට රටේ ආරක්‍ෂිත තත්ත්වය ද සැලකිල්ලට ගෙන සාමකාමී උද්ඝෝෂණයක් සිදු කිරීමට අප සංගමය විසින් කටයුතු කර ඇති බව කාරුණිකව දන්වා සිටිනු කැමැත්තෙමු.
මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ වෙනත් විකල්පයක් නොමැති වීම හේතුවෙන් සහ බලධාරීන් අපගේ ඉල්ලීම් නොසලකා හරිමින් කටයුතු කල නිසා බවද වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමු.
මෙම උද්ඝෝෂණය පැවැත්වීමට හෝ ඊට විසඳුමක් ලබා දෙන්නේ නම් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය ගැනීමට අදහස් නොකරන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.‘‘ යන්නයි.

Post a Comment