පසුගිය පාස්කු ඉරිදා දින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආවේගශීලීව හැසිරෙමින් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී අදහස් ව්‍යාප්ත කරන සිංහල ජනතාව හැසිරිය යුත්තේ කෙසේදැයි යන්න ගැන ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සිය මුහුණු පොතේ සටහන් කර ඇත්තේ මෙලෙසිනි.
‘‘ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!!!!
ඔබට වර්මාතනයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරණ වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිළිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතැමුන් තුළ පැවති ආත්මාර්ථකාමය ද මම පිළිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද ?. මා විසින් විසින් මීට පෙර කළ අදහස් දැක්වීම තුළ ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් සාකච්ඡා කරමු. නමුත් ඇතිවී ඇති තත්වයට පිලිතුර අපගේ ආදරනීය දේශය ආවේගයේ ගිනිදැල් තුලින් අරාජිකත්වයට ඇද දැමීම නොවේ.
නමුත් මෙම කරුණු පිළිබඳව අප ගේ දේශපාලන සමාජය තුල ගැඹුරට සාකච්ඡා නොවන බවද සත්‍යයකි. එම නිසා පුරවැසියන් තුළ අසහනකාරී ආවේගයක් ඇතිවීමද සාධාරන වන්නේය. නමුත් මේ සැමට පිලිතුර පාලනයේ පවතින්නේ යයි ඔබ සිතන හිස්තැනකට ආවේගය එක් කොට ඒ හරහා තීන්දු තීරණ ගැනීම නොවේ.
පාලනයද පාලනයේ කොටස්කරුවන්ද අසමත් යයි සිතීම
ඔබට ඡන්දයකින්, සිද්ධියට වගඋත්තරකරුවන් ලෙස සලකන්නන් පුරවැසි බලය මගින් පරාජය කළ හැකිය. නමුත් ඒ සඳහා ද කාලයක් ගතවන්නේය. එතෙක් වර්තමාන පාලකයන් අතිත වරදට වගඋත්තරකරුවන් කියා නිහඬව සිටීම සිදු කල හැකි දෙයක් නොවේ. ඒ සඳහා වර්තමානයේ පාලනයට බල කරන්න ඔබ ගේ ආවේගය භාවිතා කරන්න.
ඔබ මෙන්ම අප ද රට, සමාජය. ජනතාව හා සිංහලයන් ගැන කැක්කුමක් ඇති පුද්ගලයන් බවද සිහිපත් කරමි. ඔබ සතු වගකීම අප සතුවක් තිබේ. එම නිසා මේ ගැනත් සිතන්න.
සිංහලයා ආවේගය අතාර්කිකව භාවිත කොට ඇණගත් අතීතයක් තිබේ
ආවේගයන් මගින් අප මුහුණ දුන් අභියෝගයන්ට පිලිතුරැ සැපයීමට උත්සාහ දැරූ අතීතයක් අපට පවතින්නේය. සිංහල සමාජයේ ආවේගය වරෙක ඛේදවාචකයක් දක්වා පැතිර ගියේය. නැවත එය පුනරැච්චාරණය කළහොත් එය විගඩමක් විය හැකිය. ඒ පිලිබඳ මාගේ අත්දැකීම කෙටියෙන් මෙලෙස ලියා තබමි.
බෙදුම්වාදී යුද්ධය ඇරඹුණ මුල් අවදීයේ මා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය හමුවේය. සොල්දාදුවන් 13 දෙනා ත්‍රස්තවාදීන් විසින් මරාදැමුණු විට කොලඹ විශ්වවිද්‍යාලයේ විප්ලවවාදී ශිෂ්‍ය කණ්ඩායමක් සංවිධානය වුයේ කොලඹ කනත්තකට ගොස් මිනී සමග වෝඩ් පෙදෙසට ගොස් ජේ.ආර් ට ගෙදර යන්නට බල කරන්නටය.
කනත්තෙන් පෙළපාලිය පටන් ගත්තේ මෙම ශිෂ්‍ය කන්ඞායමේ මෙහයවීමෙනි. එහි තිබුණේ ආණ්ඩු විරෝධයකි. පෙළපාලියේ ඉදිරියෙන් ගියේ එයට ආගන්තුකව එක්වු අදටත් සුපතල භික්ෂුන් වහන්සේ නමකි. පෙලපාලිය බොරැල්ල හංදිය අසලට යද්දී ජේ.ආර් ගේ ආණ්ඩුවට ඇති විරෝධය යටපත්වී දෙමළ කඩ ගිනි තියන්නට පටන් ගත්තේය. කළූ ජුලිය ඇරඹූණේ එලෙසටය.
ඉන් පසු ජේ.ආර් වාමාශික පක්ෂ ගණනාවක් තහනම් කලේ කැරැල්ලට වගකිව යුතු බව නම් කරමිනි. ඒ මෙම කරුණට පෙලඹවූ වාමාංශික කණ්ඩායම කවුදැයි එවකට වු ඔත්තු සේවාවවන්ට නිසි ලෙස හඳුනාගැනීමට නොහැනි වු නිසාය. පසුව ජේ.ආර් බ්‍රිගේඩියර් බුල් වීරතුංග යාපනයට යැව්වේ ගොඩනැගෙමින් තිබු ත්‍රස්තවාදය මසකින් අවසන් කීරිමටය. බ්‍රිගේඩියර්වරයා යාපනයේ සැම හංදියකම මරා දැමු ත්‍රස්තවාදීන් ගේ කපා දැමුනු හිස ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබුනි. වාර්තා කරන අන්දමට එවකට 500 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටි LTTE සාමාජිකත්වය දස ගුනයින් ඉහල ගියේ. තහනම නිසා ජවිපෙය විප්ලවාදී දේශපාලනයට අවතීර්ණ වුයේය. ශ්‍රී ලංකාව දෙකොන විලක්නුව කින් ඇවිලී ගියේය.
අප ජිහාඩි / වහාබි/ ISIS/ මුස්ලිම් පරමවාදී දේශපාලනය මෙරටින් අතුගාදැමිය යුතුය. එය නිසැකය නමුත් ඒ මුස්ලිම් ජනතාව ගෙන් ගේම ඉල්ලා නොවේ.
සිංහලයා ආවේගය භාවිත කළ යුත්තේ තාර්කිකවය
පලමුව අන්තවාදයට උඩගෙඩි දුන්නේ යයි සැලකෙන සියලුම දේශපාලඥයින් තම පක්ෂ වලින් හා තනතුරු වලින් ඉවත් කිරීමට බලකල යුතුව තිබේ. සියලුම මව්ලවිවරැන් ගේ හා ප්‍රධාන මට්ටමේ සිවිල් හා දේශපාලනික නායකයින් ගේ වක්කම් හා බැංකු ගිණුම් මහ බැංකුවේ විදේශ වත්කම් නියාමන ඒකකයේ විමර්ශනයකට යටත් කරන්න යයි උද්ඝෝෂණය කළ යුතුව තිබේ. මෙම ක්‍රියාවලිය විමර්ශනය කිරිමට සමාජය පිලිගත් සිවිල් හා ආගමික නායකයන් ගේ කමිටුවට බාර දීමට උද්ඝෝෂණය කරන්න. ඉදිරි මාස 6 තුළ මැතිවරණ ක්‍රමය වහා වෙනස් කරන්න යයි සියලු ජාතික දේශපාලන පක්ෂ වලට බලකරන්න.
ඉදිරි මාස 06 තුල එය කළ හැකි නම් අලුත් පාලකයන්ට ඉතිරිය භාර කළ හැක.‘‘
(ශිරාල් ලක්තිලක විසින් නෙදර්ලන්තයේ පැවති Amsterdam Dialogue සමුළුවේදී සිදුකළ අදහස් දැක්වීම සිංහලෙන් කියවන්න පිවිසෙන්න)

Post a Comment