ආරක්ෂක අංශ ගැන පූර්ණ විශ්වාසය තබා තම එදිනෙදා ජීවන කටයුතු වල, නියැලෙන ලෙස මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ආරක්ෂක ලේකම්, හිටපු හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ අද (11) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ,
‘‘අප්‍රේල් මස 21 වන දින ඇති වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රට තුළ අනාරක්ෂිත බවක් ඇති විය. එම තත්ත්වය මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව සියලු දෙනාට වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමතියි.
රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු වීරෝධාර ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත්, විශේෂ කාර්ය බලකායත්, සිවිල් ආරක්ෂක බලකායත් එක්ව මෙහෙයුම් සිදුකරමින් මේ ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් විනාශකාරී කටයුතු සඳහා යෙදීමට ඇති පුද්ගලයන් හා පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ වෙනත් උපකරණ අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටින බව දන්වනු කැමැත්තෙමි.
වීරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කෙරෙහි විශ්වාසය තබන්න. ආරක්ෂක විධිවිධාන මේ වනවිට පැය 24 පුරා දැඩි වගකීමෙන් යුතුව ක්‍රිඅයකරන බව දන්වනු කැමැත්තෙමි. රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන තෙක් ත්‍රස්තවාදීන්ගේ අක්මුල් ගලවා දමන තෙක් පොලීසිය හා හමුදාව ක්‍රියාකරනු ඇත.
ඔබ සැම අප ආරක්ෂ අංශ ගැන පූර්ණ විශ්වාසය තබා තම එදිනෙදා ජීවන කටයුතුවල, නියැලෙන ලෙස මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. සියලු පාසල්වල සහ ආගමික ස්ථානවල, සංචාරක ස්ථානවල අවශ්‍ය පරිදි අරක්ෂාව යොදා ඇත. වගකිවයුතු රජයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය හරහා ලබා දෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන්න‘‘ යන්නයි.

Post a Comment