‘‘ලංකාවේ නියෝජිතයා අප වාර්තාව වැරදි ලෙස අර්ථකතනය කළා‘‘ - මිචෙල් බැච්ලට්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් අඟහරුවාදා පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවාහී මාර්තු 20 දා පැවති සැසියට සහභාගිවූ රජයේ නියෝජිතයන් හා පැවැති නවතම ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව සබැඳි ඇයගේ සාකච්ඡාව උසස් ශ්‍රී ලාංකීය නිළධාරියෙකු "ඉතා බැරෑරුම් ලෙස වැරදි ලෙස අර්ථකතනය කර ඇති" බවයි.

සඳුදා ඩේලි මිරර් පුවත්පත් ලිපියකින් රජයේ නියෝජිත කණ්ඩායමේ උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පැවසූ බව දැක්වූ "ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් වාර්තාවේ දක්වා ඇති ඇතැම් කරුණු කිසිසේත් පිලිගත නොහැකි බව" සහ ඇය විසින් රැස්වීමට පැමිණි තම කණිෂ්ඨ නිළධාරින් දෙදෙනෙකු අමතා "වඩා වගකීම් සහිත සහ පරිස්සමි විය යුතු වග" වාර්තා විය. 

"මෙම ප්‍රකාශ වලින් එකක් වත් සත්‍ය නොවේ" බැච්ලට් පැවසුවාය. "පුවත්පත, ආණ්ඩුකාරවරයා නිවැරදිව වටහා ගනු නොමැතිව හෝ මා වැරදි ලෙස උපුටා දක්වා ඇත." යි කොමසාරිස්වරිය පැවසුවේ ඇය, වාර්තාව සහ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද වාච්‍ය ප්‍රකාශ ද්විත්වය සමග සම්පූර්ණයෙන් එකඟ වන බව සහ ඒවා ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව අපක්ෂපාතී සහ සාධාරණ පිළිඹිබුවක් ලබා දෙන බවයි.


"ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග මගේ සාකච්ඡාව උඩු යටිකුරු කිරීම පිළිබඳ මා දැඩි ලෙස කළකිරී ඇත." යි ඇය පැවසුවේ අනෙකුත් ප්‍රවෘත්ති මාධ්‍ය පවා අඛන්ඩව ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ කාර්ය පටිපාටිය සාවද්‍ය ලෙස හා වැරදි ලෙස අර්ථකතනය කරන බවද සටහන් කරමිනි.


සාමාන්‍ය ක්‍රමවේදයට අනුකූලව, සාමාජික රටවල් 47 කින් සැදි මානව හිමිකම් කවුන්සලයේ,  මානව හිමිකම් වාර්තාව ප්‍රකාශයට පත්වීමට පෙර ශ්‍රී ලංකා රජය වෙත ලබා දී ඇත. රජයේ අදහස් ද වාර්තාව අවසන් කිරීමේ දී සළකා බලා ඇති අතර ජ්‍යේෂ්ඨ මානව හිමිකම් කාර්යාල නියෝජිතයින් පිරිසක් විසින් එහි අන්තර්ගතය පිළිබඳ පෙබරවාරියේ මෙරට සංචාරයක් අතරතුර සාකච්ඡාවට බඳුන් කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 30/1 (2015) සහ 34/1 (2017) ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙත සහාය වීමට ඇය සහ ඇයගේ කාර්යාලය කැපවී සිටින බව ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරිය, මානව හිමිකම් කවුන්සිලයේ තවත් යෝජනාවක් (40/1) මඟින් මීට සිව්වසරකට පෙර, ආරම්භයේදී  පිළිගත්, කළයුතු කැපවීම් සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට රජයට තවත් වසර 2 ක කලයක් ලබා දී ඇති බවද ප්‍රකාශ කළාය.


2009 දී අවසන් වූ යුද්ධය අතරතුර සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝණයන් සහ අවභාවිතයන් සඳහා යුක්තිය සහ වගවීම ඉටු කිරීම සඳහා උත්සාහ දැරීමට ශ්‍රී ලංකා රජය දැන් තම අවධානය යොමු කළ යුතු බව සිහි කල බැච්ලට් මහත්මිය සිදුවූ දෑ පිළිබඳ සත්‍යතාවය තහවුරු කිරීමට ඇති කැපවීම  කෙරෙහි ගරු කළ යුතු බවද සඳහන් කළාය.