රාජ්‍ය ඇමතිවරයෙකු මිලියන 100 ක කොමිස් මුදලක් ගනියි

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු රුපියල් මිලියන 100  ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බව  විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වී ඇත. අදාළ ඇමතිවරයාට මෙම කොමිස් මුදල් ලැබුණු ගනුදෙනුව ගැන නිශ්චිතව අනාවරණය නොවුණද  එය ආරක්ෂක කටයුත්තකට අදාළ බව දැනගන්නට ලැබේ.  


රාජ්‍ය ඇමතිවරයා පසුගිය සතියේදී අදාළ කොමිස් මුදල, විදේශ මුදල් හුවමාරු ක්‍රමවේදයක් (Mundial money transferring) හරහා  ඩුබායිහි දී ලබාගෙන ඇති බව වාර්තා වේ. 


රට තුළ යහපාලනයක් ස්ථාපිත කරන බවට පවසා බලයට පත්වූ ආණ්ඩුවේ ඇමතිවරුන්,  උග්‍ර ආර්ථික අර්බුදයෙන් ජනතාව බැට කන අවස්ථාවක මෙවැනි දූෂිත ගනුදෙනු වල නිරතවීම මෙරට නැවතත් අරාජිකත්වයට ගමන් කරන බව පෙන්නුම් කරන  කරුණක් වී ඇත.