#MeToo ඉන්දියාවට - ජනප්‍රිය චරිත 12 කට එරෙහිව චෝදනා ගොනුවේ

මෑතකාලීනව නැගී ආ #MeToo ව්‍යාපාරය හරහා ලොව පුරා සිටින ජනප්‍රිය චරිත විසින් කාන්තාවන්ට සිදුකළ ලිංගික අතවර හා දූෂණයන් පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණි. #MeToo  ව්‍යාපාරය සාර්ථකව ජයගත් අවස්ථාවක් ලෙස පසුගියදා සිරගෙට නියම වූ බිල් කොස්බි සම්බන්ධ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය මගින් හුවා දැක්වුණි. කෙසේවුවත්, මේ වනවිට අසල්වැසි ඉන්දියාව පුරා ද #MeToo ව්‍යාපාරය පැතිර යන්නට පටන්ගෙන ඇත. 


 



එම්. ජේ. අක්බාර්

ඉන්දියාවේ කණිෂ්ඨ විදේශ ඇමතිවරයෙකු ලෙස සේවය කරන මොහු මීට පෙර The Sunday Guardian පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස සේවය කළේය. එමෙන්ම, The Telegraph හා The Asian Age නම් ඉංග්‍රීසි පුවත්පත් වල සංස්කාරකවරයෙකු ලෙස ද සේවය කර ඇත. 


 

රැස්වීම්‘ වලට යැයි පවසමින් තරුණියන්ට හෝටල් කාමර වලට පැමිණීමට ආරාධනා කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙන්ම අක්බාර් ද මේ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.


 

ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් වන ප්‍රියා රමණී පසුගිය සඳුදා (8) දිනයේදී මීට වසරකට පෙර  මේ ගැන මුලින්ම අනාවරණය කළ බව දැක්වූවාය. ඒ ඇය පසුගිය වසරේදී "To the Harvey Weinsteins of the world" යන ශීර්ෂයෙන් යුතුව Vogue India සඟරාවට ලියූ ලිපියකින් සේවා ස්ථානයේදී සිදුවූ ලිංගික හිංසන ගැන කළ අනාවරණයෙනි.


මෙමගින් ඇය සෘජුවම අක්බාර් වෙත චෝදනා එල්ල කර නැති වුවත් අදාළ ට්වීටර් පණිවිඩය මගින් ඇය චෝදනා එල්ල කළේ ඔහුට බව සඳහන් කර ඇත.


මේ සිද්ධියෙන් පසුව තවත් කාන්තාවන් පස් දෙනෙකු ද ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇත. අක්බාර්ට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී අලෝක් නාත් හා සිනමා අධ්‍යක්ෂ විකාස් බාල් ට ද ලිංගික අපචාර චෝදනා එල්ල කෙරුණි. කෙසේවුවත්, අලෝක් නාත් තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.


#MeToo මගින් ඉන්දියාවේදී චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වේ. හාස්‍යය ශිල්පීන්, ජනමාධ්‍යවේදීන්, කතුවරුන්, රංගන ශිල්පීන් මෙන්ම සිනමා අධ්‍යක්ෂවරුන්ට ද මේ හරහා චෝදනා එල්ල විය. 


කෙසේවුවත්, ළමා හා කාන්තා කටයුතු ඇමතිනිය වන මනීකා ගාන්ධි පවසා තිබෙන්නේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් දියත් කළයුතු බවයි.


රංගන ශිල්පිනියක වන තනුශ්‍රී දත්තා විසින් නානා පටේකර් හට ද ලිංගික අතවර චෝදනා ගොනුකර තිබුණි.


 


වරුන් ග්‍රෝවර්


සම්මානිත ගීත රචකයෙකු මෙන්ම ලේඛකයෙකු ද වන වරුන් ග්‍රෝවර්ට එරෙහිව ද බණාරස් හින්දු සරසවියේ ශිෂ්‍යාවක විසින් අපචාර චෝදනා ගොනුකර තිබුණි. 2001 වසරේදී නාට්‍යය වැඩමුළුවකදී ඇයව මෙලෙස අපචාරයකට ගොදුරු කරගෙන ඇත.


කෙසේවුවත්, වරුන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.


ලේඛකයෙකු, රූපවාහිනී නාට්‍ය නිෂ්පාදකයෙකු වන මොහු තමන්ව අපහරණයට ලක්කළ බව ඔහුගේ Tara නම් මාලා නාටකයකට දායක වු වින්තා නන්දා අනාවරණය කර ඇත.


‘‘ඔහු දැඩිව මත්පැනට ඇබ්බැහි වී හිටියා. කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. ඒ වුණත් තිරය මතදී නම් ඔහු බොහොම හොඳ චරිතයක් විදියටයි පෙනී හිටියේ. නමුත්, බොහෝ දෙනෙකු ඔහුගේ නරක හැසිරීම් වලට සමාව දුන්නා.‘‘ යනුවෙන් ඇය සටහන් තබා ඇත.


කෙසේ වුවත්, නන්දා වැඩිදුරටත් අනාවරණය කර තිබෙන්නේ, ඔහු ගැන උනන්දුවක් නොදැක්වූ Tara හි ප්‍රධාන රංගන ශිල්පිනියට පවා හිංසා කළ බවයි.


මේ ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ ආලෝක් නාත් පවසන්නේ, ‘‘මං මේ චෝදනා පිිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කිසිම දිනක මා කාන්තාවක්ව දූෂණයට ලක්කර නැහැ. මේ චෝදනා කරන්නේ වෙන කෙනෙකුට විය යුතුයි. මේ ගැන තවත් දේවල් කතා කරලා ගැටළුව දුරදිග යවන්න මට වුවමනාවක් නැහැ‘‘ 


 


නානා පටේකර් 


මීට වසර දහයකට පෙර Horn Ok Pleasss සිනමාපටයේ රූපගත කිරීම් අතරතුරදී සිදුවූ අතවර චෝදනා ගැන තනු ශ්‍රී දත්තා විසින් නානා පටේකර්ට චෝදනා ගොනු කර ඇත.  තමන්ට එරෙහිව එල්ල කර ඇති ලිංගික අතවර චෝදනා ගැන පැහැදිලි කිරීමට ඔහු අද (11) පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව ද අවලංගු කර ඇත.


එමෙන්ම, චිත්‍රපට නිෂ්පාදක විවේක් අග්නිහෝත්‍රිට එරෙහිව ද 2005 වසරේදී සිනමාපටයක රූපගත කිරීම් අතරතුරදී වූ සිද්ධියක් ගැන දත්තා චෝදනා ගොනු කර ඇත.  කෙසේවුවත්, අග්නිහෝත්‍රිගේ නීතිඥවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.



 


චේතන් භගත්


ඉන්දියාවේ අතිශය ජනප්‍රිය කතුවරයෙකු වන චෙතන් භගත් විසින් මීට වසර කීපයකට පෙර යොමුකළ වට්ස් ඇප් පණිවිඩ වල ස්ක්‍රීන් ෂොට් ප්‍රසිද්ධියට පත්කර ඇත. කෙසේවුවත්, මේ ගැන සිය ෆේස්බුක් ගිණුමේ පැහැදිලි කිරීමක් කරන චේතන් පවසන්නේ, තමන් හිතාමතා කෙනෙකු අපහසුතාවට පත්කිරීමට පණිවිඩ යොමු නොකළ බවයි.




 

 

 විකාස් බාල්


විකාස් අධ්‍යක්ෂණය කළ"Queen" සිනමාපටයට  2014 වසරේදී දායක වූ කන්ගනා රනවුට් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත. ‘සිනමාපටයේදී රූපගත කිරීම් අතරතුරදී ඔහුගේ හිස මගේ බෙල්ලේ සඟවාගෙන මට හෙල්ලෙන්නටවත් නොදී හිටියා‘‘ යනුවෙන් ඇය පවසා ඇත.


‘‘ විකාස් සම්බන්ධයෙන් කියැවෙන කතාවල ඇත්තක් තියෙනවා. ඔහු වැනි මිනිස්සු බොහෝ දෙනෙකු ඉන්නවා. තව ඉදිරියට මේ ගැන බොහෝ අනාවරණයන් කළයුතු වෙනවා. මේ ලෝකය කාන්තාවන්ට ආරක්ෂිත තැනක් බවට පත්කළ යුතුයි.‘‘ 


සිනමා නිෂ්පාදක කුරාන් දෝශි, හාස්‍යය රංගන ශිල්පියෙකු වන උත්සව චක්‍රබෝර්ති, රංගන ශිල්පියෙකු වන රාජත් කපූර්, ගායන ශිල්පී කෛලාස් කේර්, හාස්‍යය රංගන ශිල්පී ආදිත් මිත්තල්, ගායන ශිල්පී රගු ඩික්සිත් මේ චෝදනා වලට ගොදුරුවූවන් වේ. 


එමෙන්ම, කලක් සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඇමති අර්ජුන රණතුංගට එරෙහිව ද මේ හරහා චෝදනා ගොනුවී ඇත. මුම්බායි හෝටල් කාමරයකදී අර්ජුන රණතුංග මහතා තමන්ට අතවර කළ බව ඉන්දීය ගුවන් සේවිකාවක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.


 



 

නිශ්චිත දින වකවානු සඳහන් නොවූවද ඇය මෙහිදී පවසා තිබෙන්නේ අර්ජුන රණතුංග මහතා සිය ඉණෙන් බලෙන් අල්ලා හාද්දක් ලබාදුන් බවත් කිසිවෙකු ඇගේ පිළිසරණට නොආ බවත්ය. 


ඉන්දියාවේ පැතිරෙන මෙම රැල්ල ලංකාවටත් පැමිණේවිද ?  එදිනට මෙරට කාන්තාවන් තමන්ට සිදුවූ අසාධාරණයන්ට එරෙහිව හඬ නගන තෙක් අපි බලා සිටිමු. 


 

 

 

 

 

BBC, City Times  හා Times Now News.com ඇසුරිනි 

 

සටහන - වින්ධ්‍යා ගම්ලත් 

සබැඳි පුවත් 

හාවේ වින්ස්ටන් කෑන්ස් උළෙලේදී මාව දූෂණය කළා – ඒෂියා ආර්ජන්ටෝ

Lucy සිනමාපටයේ අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා

#MeToo  නොබියෝෂි අරාකිව විවේචනය කරයි