වංචා, දූෂකයින් අරලියගහ මැදුරට ගොඩවූ පසු නිදොස්කොට නිදහස්

-    රටවිරුවන් නමින් විදේශ ශ‍්‍රමිකයන්ගේ මුදල් ගසා කනවා
-   මිල්කෝ පාඩු ලබන්නේ වංචා හා දූෂණය නිසයි


මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ වංචා දූෂණ වලට එරෙහිව හඩනගන අවස්ථාවලදී, ඔවුන්ව ඝාතනය කිරීමට උත්සහ කළ බව, ‘‘ආණ්ඩුවේ පුද්ගලයින්ගේ අතේ ලේ ගෑවී නැතැයි’’ ප‍්‍රකාශ කළ නොහැකි බව නිතීඥ චන්දන ජයතිස්ස මහතා අද (29) උදෑසන පොදු අපේෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාරයාලයේදී පැවති මාධ්‍ය සාකඡ්ඡාවකදී ප‍්‍රකාශ කලේය.

‘‘පාඩු ලබමින් සිටි ‘මිල්කෝ’ආයතනයේ මානව සම්පත් කළමණාකරු ලෙස එහි හිටපු සභාපතිතුමාගේද සහයෝගය ඇතිව මාස තුන හමාරක් වැනි කෙටි කාලයකදී ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා. එම ආයතනය දිගින් දිගටම පාඩු ලැබීමට හේතුව වූයේ එහි වංචා හා දූෂණ සිදුවීමයි. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනුලැබුවත්, ආයතනයෙන් ඉවත් කරන විට ඔවුන් අරලියගහ මන්දිරය වෙත ගියා.මෙය භාරව සිටි ඇමතිවරයා සිදුකලේ ඔවුන් තවත් ස්ථානයකට මාරුකිරීම පමණයි. වංචා හා දූෂණ සිදුකරන පුද්ගලයින් මට මරණ තර්ජණ එල්ල කළා. ඔවුන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සම්බන්ධ බව මම හොදින්ම දන්නවා.

2008 මැයි මස 5දින මහනුවර උසාවියට යමින් සිටි මාව ඝාතනය කරන්න උත්සහ කළා. එම ප‍්‍රහාරයෙන් මම දැඩි ආසාධ්‍ය තත්ත්වයට පත්වුනා. මම මහින්ද රාජපක්ෂ මහතාගේ පළමුවර ජනාධිපතිධුරයට පත් කිරීම සදහා බොහෝ වෙහෙස මහන්සි වූ කෙනෙක්. නමුත් මා වංචා දූෂණ වලට එරෙහි වීම නිසා මට මෙවැනි දෙයක් සිදුකලා. මගේ ඇගෙන් ගිය ලේ මේ රජයේ පුද්ගලයිනගේ හා ජනාධිපතිවරයාගේ ලවා ගෑවී තිබෙනවා.දූෂකයින් අද සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා හා සමගය. පසුගිය කාලය තුළදී ආණ්ඩුවේ දූෂිත නිලධාරින් ලබා ගත් මුදල් පිළිබද හෙළිකිරීමට වාතාවරණයක් තිබුනේ නෑ. මෛත‍්‍රීපාලනයක් තුළදී තොන්ඩමන් අමාත්‍යවරයා ඇතුඵ තවත් ආණඩුවේ මැතිඇමතිවරු රුසක් වංචා කල මුදල් පිළිබද හෙළි කිරීමට අපි සූදානම්’’

මෙම අවස්ඵාවට සම්බන්ද වූ නීතිඥ නවීන් චානක මහතා ප‍්‍රකාශ කරණු ලැබුවේ විදේශගත වන ශ‍්‍රමිකයන් රටවිරුවන් ලෙස නම් කරමින් විවිධ ව්‍යපෘති සිදුකරමින් ඔවුන් වෙහෙස මහන්සියෙන් ගෙන එන මුදල් වංචාසහගත ලෙස ලබාගන්නා බවයි. එයද ඉදිරියේද හෙළි කිරීමට ඔවුන් සූදානම්ය.