රාවණා බළකායේ කප්පම් මෙහෙයුම



අමිල ගුණරත්න 

ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ රිට්ස්’ සිනමා ශාලාවේ   පැවැත් වූ අවස්ථාවේ එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ  සිවුරුකාරයන් එම විරෝධතාව  පවත්වා ඇත්තේ හුදු කප්පම් අරමුණකින් බව හෙලි වෙමින් පවතී.

 විමල් වීරවන්ශ අමාත්‍යවරයා විසින් මෙහෙයවන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරුකාරයාගේ නාමික නායකත්වයෙන් යුක්ත රාවණා බළකායේ මුලික අරමුණ  සැබෑ දේශපාලන ප්‍රශ්න වලින් ජනතා අවධානය වෙනතකට  යොමු කිරිමත් ධනවත් වියාපරිකයන් ගෙන් කප්පම් ලබා ගැනීමත්‍ ය​. පසුගියදා සීතා මං ආවා’ චිත්‍රපටයට දැක්වූ විරෝධයේ අරමුණ වී තිබෙන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ වියාපෘතියට එල්ල විය හැකිව තිබූ ජනතා විරෝධය සීතා මං ආවා’ චිත්‍රපට විරෝධය මගින් යට ගැසීමත් එම  චිත්‍රපටයේ නිශ්පාදක චමින්ද රණසිංහගෙන් අත යට ගනුදෙනුවක් බලහත්කාරයෙන් ලබා ගැනීමත්‍ ය​. මේ ක්‍රියාවලීන් දෙකම සාර්ථක වූ බව වාර්තාවේ.

 පසුගිය කාලයේ බොදු බල සේනාව විසින් ෆැශන් බග් වියාපාරික ආයතනයට එල්ල කරන ලද ප්‍රහාරයෙන්  පසුව ෆැශන් බග් වියාපාරික ජාලය විසින් බොදු බල සේනාවට විශාල කප්පමක් ගෙවූ අතර දැන් ෆැශන් බග් ආයතනය බොදු බල සේනාවේ ප්‍රහාරක ලැයිස්තුවේ නොමැත​.  මේ අන්තවාදී කන්ඩායම් දෙක මුස්ලිම් මෙන්ම සිංහල වියාපාරිකයන් ද බිය ගන්වමින් කප්පම් ජාවාරම නිරුපද්‍රිතව කරගෙන යති.