මලාලට නැවත තලිබාන් ප්‍රහාරයක්?



හර්ෂි සි. පෙරේරා

තමන්ට නැවත වරක් අවස්ථාවක් උදා වුවහොත් අදයාපන අයතීන් වෙනුවෙන් පෙනීසිටින මලාලට නැවත ප්‍රහාරයක් එල්ල කරන බව පකිස්ථානයේ තලේබාන්වරු ප්‍රකාශ කරති. ඔවුන් කියන්නේ මලාලා යුස්ඵස්තිට දයිරියක් හෝ ආත්ම ශක්තියක් නොමැති බවයි.

 ගිය වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා මලාලව පාසල් බස් රථයක් තුල ගාතනය කිරීමට තලේබාන්වරු තුවක්කුකරුවකු යෙදවිය. ඔවුන් කියන්නේ එසේ කලේ මලාලා අද්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම ගැන නොව ඇගේ ඉස්ලාම් විරෝදී සදහන් කිරීම ගැන බවයි. තමන් ඇයට ප්‍රහාරයක් එල්ල කලේ පාසල් යන නිසා නොව ඇය තලේබාන්වරුනට හා ඉස්ලාම් ආගමට විරුද්දව හඩනගන නිසා යයි ඔවුන් දිගින් දිගටම කියා සිටිති. 

මලාලා ඇයට එරෙහි ජිවිත තර්ජන බැහැර කරමින් බිබිසි ය හා පැවැත්වූ සම්මුක සාකච්චාවකදී කියා සිටියේ තම අබිලාශය නැවත පකිස්ථානයට පැමිණීම බවයි. ඇය දැනට බ්‍රිතාන්යේ ජිවත් වේ. 16 හැවිරිදි මලාලා සිකුරාදා පිරිනැමීමට නියමිත නෝබල් සාම තියාගයටද නම් කර තිබේ. ඒ ලෝකය පුරා සැමට අද්‍යාපනය යන පණිවිඩය වියාප්ත කිරීම වෙනුවෙනි.

 ගිය වසරේ පාසලේ සිට නිවසට එමින් සිටියදී තලෙබන්වරුන්ගේ වෙඩි තැබීම නිසා ඇගේ බෙල්ල සහ හිස තුවාල විය. නමුත් ඇය දිවි ගලවා ගත් අතර දැනට පිරිමි ගැහැණු බේදයකින් තොරව ළමුන්ට අද්‍යාපන අයිතිය ලබාදීම පිළිබද එනම් පාසල් යාම ගැන ලෝක තානාපතිනියක් ලෙස කටයුතු කරන්නීය.