කතන්දර දෙකක්



අමිල ගුණරත්න 


1)  මව්බිම නැතිනම් මරණය  : මෑතකදී ඕස්ට්‍රේලියාවට ගිය හිතවතෙක් මෙම ලියුම්කරුට මුණගැසුනි. 1988-89 කාලයේ ඔහුගේ මස්සිනා දේශප්‍රේමී ජනතා වියාපාරය විසින් මරා දමා තිබුනි. එසේම ඔහුටද මරණ තර්ජන තිබුනි. " ඒ කාලයේ ජවිපෙ ක්‍රියාත්මක කල දේශප්‍රේමී ජනතා වියාපාරයේ සාමජිකයෝ ගොඩ දෙනෙක් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ " ඔහු පැවසුවේය​. ඒ කාලයේ මව්බිම නැතිනම් මරණය කියලා කියනකොට අපි හිතුවේ මේ කස්ටිය කතා කරන්නේ ලංකාව ගැන කියලා. අපිටයි වැරදුනේ මුන් මව්බිම කියල තියෙන්නේ ලංකාව ගැන හිතලා නෙවෙයි ඕස්ට්‍රේලියාව ගැන හිතලා. අපිටයි වයර් මාරු වෙලා තිබුනේ. ඒ කාලෙම ඕස්ට්‍රේලියාව නැතිනම් මරණය කිව්වනම් ඉවරනේ.  එහෙමනම් අපේ මස්සිනාත් ජීවතුන් අතර. " 

2)   බූරු තිලක් :  ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයෙකු වන බූරු තිලක් නමැත්තා "පිබිදෙන කැලණිය" සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරිකයෙකු බව කියයි."පිබිදෙන කැලණිය" යනු මර්වින් සිල්වා විසින් කප්පම් එකතු කර ගැනීම සඳහා අටවා ගත් අපරාධ සංගමයකි. "පිබිදෙන කැලණිය" මගින් මර්වින් සිල්වා එකතු කරගෙන ඇති කප්පම් මුදල ලක්‍ෂ 6000. බූරු තිලක් මර්වින් සිල්වා ගේ සෙවන යට මත්ද්‍රව්‍ය ජාවාරමද කලේය​. මර්වින් සිල්වා විසින් මොහුට ලබා දී තිබූ සම්බන්ධීකරණ ‍ලේකම් හැඳුනුම්පතේ මොහු කේ .ඩී තිලක් කියා ඉංග්රීසියෙන් අත්සන්  කොට තිබෙනේ  කේ සිම්පල් සහ ඩී කැපිටල් වශයෙනි.  ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය යට සිටින්නේ කැපිටල් සිම්පල් වෙනස නොදත් අපරාධකාරයන්‍ වෙති. මර්වින් සිල්වා පමනක් නොවේ. වර්තමානයේ සියලුම දේශපාලකයන් ගේ රෙදි අස්සේ මෙවැනි නූගත් පාදඩ අපරධකරුවන් සිටිති. ඔබගේ දුවා දරුවන් ගේ හෙට දවස , රටක අනාගතය , අධ්‍යාපනය , සුව සේවා, අර්ථිකය යන සියලුම දේ තිරය යට සිට පාලනය කරන්නේ කැපිටල් සිම්පල් වෙනස නොදත් නූගත් පාදඩ අපරධකරුවන්‍ය​. ඔබට කල හැක්කේ කුමක්ද ? කිසිවක් නැත​. මේ මැරයන් පත් කලේ  මෙරට සිටින ඡන්දදායකයන් නම් බත් කන හරකුන්‍ය.  ඔබට කල හැක්කේ තමන් ගේ දරුවන් වෙනුවෙන් හෝ නීතිය සහ සංස්කෘතියක් පවතින දියුණු  රටකට පැන යාම පමණි. අහේතුවකට මෙන් රටින් පැන යාමද දැන් පාලනය වන්නේ රෙජිමයේ මාෆියාව මගිනි.