ජනාධිපතිවරයකු කියන ඇත්ත



සුනන්ද දේශප්රිය

පාසැල් ගිය සන්දියේ කී දහස්වරක් නම් පන්සිල් පද කියා ඇත්ද? 

1. ප්රාණ ඝාතනයෙන් වළකිමි
2. තමන්ගේ නොවන කිසිම දෙයක් නොගනිමි
3. කාම මිත්යාවචාරයෙන් වළකීමි
4. අසත්යේ පැවසීමෙන් වළකිමි
5. සුරාවෙන් වළකිමි

මේ කතාව හතර වැනි සිල් පදය ගැනය. පොදු වශයෙන්  මෙරට බෞද්ධයන් සහ බෞද්ධ සංස්ථා පන්සිල් සියල්ල නැතොත් ඉන් බහුතරය කෙළෙසන බව කියන විට අප ආරක්ෂා කරන්නේ එම හතර වන සිල් පදය යි.

අටසිල් හි මම බොරු නොකියමි‘ යන එස සිල් පදය තව දුරටත් විස්තර කෙරෙයි.

,මම නුසුදුසු භාෂිතයෙන් එනම් බොරු කීම අනුන් රැවටීම අනුන් උගුලේ හෙලීම සිත් පහරවන වචන භාවිතය ආදියෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි,

දැන් අල් ජසීරා කතාවට යමු

ශ්රී  ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මංඩළ රුස්වීමට ගිය අතරවාරයේ අල් ජසීරා රූපවාහිනියට සම්මුඛ සාකච්ජාවක් දුන්නේ ය. පසුගිය පළාත් පාලන මැතිවරණය දා මේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේම ආන්ඩුව ශ්රී ලංකාවේ ජිවත්වන ජනයාට බැලීම තහනම් කළේ ද මෙම අල් ජසීරා රූපවාහිනියම ය. ඒ  ශ්රී ලංකාව ගැන එහි වූ වැඩ සටහනකට රාජපක්ෂ ආන්ඩුව බිය වූ නිසා ය.

එනමුත් දෙමළ බසින් විකාශනය වන  හිටපු එල්ටීටීඊ ප්ර්කාශක වූ  දැන් ආන්ඩුවේ නොනිල ප්ර කාශකයකු වන දයා මාස්ටර් මෙහෙයවන ඩෑන් රූපවාහිනියේ දෙමළ ජාතික සන්ධානයට අවාසිදායක පුවත් මැතිවරණ දිනයේ නීති කෙළසමින් ප්රචාරය කෙරුණි. එහි විකාශනය කෙරුනේ බොරු ය. දයා මාස්ටර් බෞද්ධයකු නොවන නිසා  මම බොරු නොකියමි පන්සිල් පදය දන්නේ නැතුව ඇති.

එනමුත් ජනාධිපති රාජපක්ෂ එම සිල්පදය දන්නවා පමණක් නොව අරලිය ගහමැදුරේ බුදු කුටියෙහි දී  පන්සිල් දිනපතා ම සමාදන් වනු ඇති බව සහතික ය. එපමණක් නොවේ එම රූපවාහිනී සාකච්ජාවට  ජනාධිපති රාජපක්ෂ මුහුණ දෙන්නේ ද සිය ආගමික ඇදහිල්ල පෙන්නුම් කරන  මහායාන බෞද්ධාගමික වජ්රා සංකේතය සිය වම් අතෙහි රඳවා ගෙන යග මහායාන ඇඳහිල්ලට අනුව වජ්රාව සෑම විටම දකුණතෙහි තිබිය යුතු අතර වම් අතෙහි තිබිය යුත්තේ එවැනිම ආගමික සංකේතයක් වන සීනුව ය: සමහර විට සීනුව ජවිපෙ ලාංචනය නිසා ජනාධිපති රාජපක්ෂ එය අත හරින්නට ඇති.  නේපාලයේ තමෙල්හි පදික වෙළදුන්ගෙන්  මෙම වජ්රාවක් රුපියල් දෙතුන් සියයකට මිල දී ගත හැකි ය.

වජ්රාව අධ්යාත්මික ද්රෟ ඩ බාවයේ ද අධ්යාතත්මික පාරිශුද්ධ භාවයේ ද සංකේතයක් ලෙස මහායානය මෙන්ම හින්දු සහ ජෛන ආගම සළකයි. ආධ්යායත්මික පාරිශුද්ධ බාවයේ ආගමික සංකේතයක් ලෙළවමින් උදේ හවා පන්සිල් පද සමාදන් වන ජනාධිපති රාජපක්ෂ පසුගිය දා අල් ජසීරාවට කීවේ මොනවාද? ඇත්ත ද බොරු ද? 

එකින් එකට යමු.

උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත් වූ බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් ප්රාකාශ කරන ලදැයි ජනාධිපති රාජපක්ෂ අල් ජසීරාව හරහා ලෝකයට කීය.

නමුත් ඇත්ත කතාව නම් පසුගිය පළාත් පාලන මැතිවරණය  සඳහා යුරෝපා සංගමයෙන් මැතිවරණ නිරීක්ෂකයින් නොපැමිණි බව ය. පැමිණි විදේශීය නිරීක්ෂක කන්ඩායම් දෙක එනම් පොදු රාජ්යි මන්ඩල සහ සාක් රටවල නිරීක්ෂක පිරිස් උතුරු පළාතෙහි යුද කරණය මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාගේ සතු බලයේ අප්ර මාණවත්කම ප්රමකාශ කළ බව ය.

අතේ පැල කළ එවැනි බොරුවක් ලෝකයට කීම පන්සිල් හෝ වජ්රාව සමඟ ගැලපේ ද? 

වතුර ඉල්ලා පාරට ආ වැලිවේරිය රතුපස්වල ජනයා ට වෙඩි තැබීම පිළිබදව අල් ජසීරා මාධ්ය වේදියා අසන ප්රයශ්ණයකට පිළිතුරු දෙන ජනාධිපති රාජපක්ෂ ලෝකයට කියන්නේ එම සිදුවීම ගැන සොයා බැලීමට තමන් කමිටුවක් පත් කළ බවත් එම වාර්තාව තවමත් තමන්ට නොලැබුණ බවත් ය.

නමුත් ඇත්ත කතාව නම් ආන්ඩුවේම හොරණෑව වන ඩේලි නිව්ස් පුවත්පත අගෝස්තු 16 දින වැලිවේරිය සිදුවීම ගැන සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව වාර්තා කළ බවයි.  එමෙන්ම ඒ ආසන්නයේ ම හමුදාපති ජෙනරල් දයා රත්නායක කියා සිටියේ වැලිවේරිය සිදුවීම පිළිබඳ යුද හමුදා අධිකරනයේ වාර්තාව හමුදාවේ නීති අංශයට බාර දී ඇති බවයි.

එතකොට ජනාධිපති රාජපක්ෂ මේ වාර්තා ගැන දැන සිටියේ නැත් ද? මම බොරු නොකියමි සිල් පදය බිඳුනා ද නැත් ද? 

දෙමළ ජන  පෙදෙස්  යුද කරණය ගැන අසනු ලදුව ජනාධිපති රාජපක්ෂ අල්ජසීරාවට කියන්නේ උතුරෙහි සිටින හමුදා ප්රාමාණය 8000 – 12000 අතර වන බව ය. මේ වනාහී උතුරු පළාතෙහි ස්ථාන ගත කර ඇත්තේ මෙතරම් අඩු හමුදා සංඛ්යාවක් බව අසන්නට ලැබුණ මුල් වතාව ය. ශ්රී ලංකාවේ උතුරු පළාතෙහි සංචාරය කර ඇති කවරකු හෝ මෙම ගණන පිළි ගනියි ද? 

බේගල් එතැනින් නොනවතී. හමුදාව අල්ලා ගෙන සිටි උතුරේ සිවිල් ජනයාගේ ඉඩම් සියල්ල ආපසු දී ඇතැයි ජනාධිපති රාජපක්ෂ අල් ජසීරාවෙන් ලොවට කියන්නේ සිය ඉඩම් හමුදාවෙන් ලබා ගැනීම පිණිස සිය ගණන් උතුරු වැසියන් අධිකරණයේ පිහිට පතා තිබිය දී ය. යුද හමුදාවවත් මෙවැනි ප්රිකාශයක් කර නැත. මේ වනාහී බොරුකාර දේශපාලනඥයකු නොව පචවිලි මාමා කෙනෙකුවුව පරදවන අතේ පැළ වෙන තවත් බොරුවකි. 

රටෙහි සිදුවන සුදු වෑන් පැහැර ගැනීම් බොරු යැයි කීමට ජනාධිපති රාජපක්ෂ 23 හැවිරිදි තරුණියක සහ ඇයගේ පෙම්වතකු පිළිබද හාස්ය ජනක කතාන්තරයක්  අල් ජසීරාවට දෙසා බායි. ශ්රී ලංකාවේ තවමත් සුදු වෑන් පැහැර ගැනීම් වන බවට ඊයේ පෙරේදා ආචාර්ය  මර්වින් සිල්වාගේ ගෝලයකු බව කියන හුටු තිලක් පැහැර ගැනීම ම සාක්ෂියකි. පොලීසියේ නියෝජ්ය  පොලිස්පතිවරයකු විසින් සංවිධානය කළ තවත් පැහැර ගැනීමක් සහ ඝාතනයක් මේ දිනවල පුවත් පිටු පුරවයි. කොලොන්නාව ප්රදේශීය සභාපති පැහැර ගැනීමට පැමිණි යුද හමුදා සෙබළු අතටම හසු විය. 

එහෙව් කොට සුදු වෑන් පැහැර ගැනීම් පෙම් පළ හිලව්වට ලුහු කිරීම ජනාධිපතිවරයකුට පැහෙයි ද? 

ජනාධිපති රාජපක්ෂ මුස්ලිම් රටක රූපවාහිනී සේවාවකට කතා කරමින් මෙරට මුස්ලිම් ජනයාගේ ආගමික නිදහසට කැරෙන ප්රහාරයන් පිළිබඳ කියන්නේ  සමහර සිද්ධි සහ පහරදීම් සිදුව තියබන බව ය. එනමුත් එම සිදුවිම් වලට හේතු වූයේ මොනවාදැයි තමාගෙන්ම අසා ගනිමින් ඔහු මෙසේ කිය යි ,දැන් බලන්නල ගෑනු ළමයෙක්ව දූෂණය කළා අවුරුදු හතක ගෑනු දරුවෙක් දූෂණය කළා. එහෙම වුණහම ඒ මිනිහා මොන ජාතියේ ද ආගමේ ද කියලා බලන්නේ නැහැ. මිනිස්සු ගහනවා. එහෙම සිද්ධියක් දැන ගත්තහම ජනයා කෝප වෙනවා. නෑදෑයෝ කේන්ති ගන්නවා.  ඒ වගේ දේ වෙලා තියෙනවා. ඒ හැම සිදුවීමකටම පසුබිමක් තියෙනවා, කියා ය.

අසව් මෙරට ඉස්ලාමීය ආගමික ස්ථාන වෙත එල්ල වූ සෑම ප්රකහරයකටම හේතූ වූ ඇත්තේ ලිංගික කෙළෙසීම් වැනි ක්රියා ය.  මේ වනාහී ජනාධිපතිවරයෙකු ගේ වදන ය.  

බුද දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී පිරිස් විසින් ඉස්ලාමීය ආගමික ස්ථාන සහ මුස්ලිම් ව්යාසපාරික ආයතන වෙත එල්ල කරන නිමක් නැති ප්රාහාරයන් සාධාරණ කරනු පිනිස  ජනාධිපති රාජපක්ෂ කියන මෙම හත් හැවිරිදි දැරිය දූෂණය වූයේ කොහි දී ද? කා අතින් ද? ඒ සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් තිබේ ද? මේ වනාහී ප්රචන්ඩත්වයට අනුබල දීමක් සමණක් නොව සාහාසික බොරු මගින් එම අපරාධ සාධාරණ කිරීමකි. 

ජනාධිපතිවරයකු අන්තර් ජාතික රූපවාහීනී සේවාවක් ඔස්සේ සිය රටෙහි ජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් මෙවැනි අතාර්කික අතේ පැළ කරන ලද බොරු කියන විට ඉන් සංකේතවත් කැරෙන්නේ කුමක් ද?  ඕනෑම බේගලයක් ඇද බෑව ද මෙරට දී  කිසිදු ජනමාධ්යේ හෝ මහජන පරීක්ෂනයකට මුහුණ දීමට සිදු නොවන බවට ඇති විශ්වාශය යි. ඊටත් වඩා එම ජනාධිපතිවරයා සිය ජනයාගේ මානව හිමිකම් කෙරෙහි දක්වන සැළකිල්ලේ හැටි ය. 

එවැනි ජනාධිපතිවරයකුට බුදු කුටිය, පන්සිල් සහ වජ්රාව කුමට ද? 

:ග්රනවුන්ඩ් විව්ස් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් ද ඇසුරු කෙරුණි

12.10.13