"දැන් ඕවාට ප්ලාස්ටික් සැත්කම් තියෙනවා" OIC කළුතර උතුර පොලිසිය.



හර්ෂි සි. පෙරේරා

කළුතර උතුර පොලිසිය මෙසේ නිතීය ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටින්නේ එස් ඩි නිරෝෂා මාලිට සිදුවූ අසාදාරනය සම්බන්දයෙනි. ඇය 28 හැවිරිදි තරුණියකි. උපතින්ම ඇස නොපෙනන අබාදයකින් පෙලේ. එම නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලදාරින්ට විරුද්දව ඇය ඉදිරිපත්කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. 

ස්ථානාධිපති,
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය,
16, සුබෝධා ගොඩනැගිල්ල,
පාගොඩ පාර,
නුගේගොඩ.

ලිඛිත පැමිණිල්ල

සන්තානම් දේවගේ නිරෝෂා මාලි, අවු: 28යි, අවිවාහක
ලිපිනය : ............... වස්කඩුව.
2013.08.16 දිනදීය.

මා උපතින් ඇස් දෙකෙ නොපෙනෙන ආබාධයකින් පෙලෙන්නියක්මි.

වස්කඩුව, මාදංවත්ත, ධීවර ගම්මානව හි පදිංචි - සුජිත් ප‍්‍රියංකර (අවු: 31යි* නැවැති අය, මීට මාස 9ක පමණ කාලයක සිට මා සමල ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනු ලැබීය.

එ් අනුව ඔහු මා විවාහ කරගන්නා බවට පොරොන්දුවී ඉතා කිට්ටු සම්බන්ධතා මා සමග පැවැත්වීය.

එ් අනුව ඔහු මා හට ඔහු හමුවන ලෙසට නිරන්තරයෙන් රාත‍්‍රී කාලයේදී දුරකථන ඇමතුම් ලබාදෙමින්, මා ඔහු හමුනොවුනහොත් සියදිවි හානි කරගන්නා බවට මට තර්ජණය කරනු ලැබීය. 

එසේ තර්ජණය කර, ඔහු මා නවාතැන් ගෙන සිටි වාඩියමංකඩ ප‍්‍රදේශයේ නිවසට නිතර රාත‍්‍රී කාලයේ පැමිණ, මා සමග සම්බන්ධතා පැවැත්වීය. එ් සෑම අවස්ථාවකම ඔහු මා විවාහ කරගන්නා බවට පාරොන්දු විය.

නමුත් මේ වන විට ඔහු මා මග හරිමින්, මාව විවාහ කර ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් මා 2013.08.02 දින, ක`ඵතර උතුර පොලිසියට පැමිණිල්ලක් කළෙමි. පැමිණිලි අංකය ඵක්‍ඍ 2239රැු13ල ක්‍ෂඊ ෂෂ 354රැු21  වේ. 

එම පැමිණිල්ල විභාගය 2013.08.09 දින පැවැත්වූ අතර, මා සමග සම්බන්ධතා පැවැත්වූ සුජිත් ප‍්‍රියංකර ද පැමිණ සිටියා. ඔහු ප‍්‍රකාශ කලා හෙම දෙයක් වෙලානම් මාව බාරගන්න කැමති බව. නමුත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ඔහු පැවසූවා. 

මා පොලිසියෙන් ඉල්ලා සිටියා මාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට. නමුත් පොලිසිය එය ප‍්‍රතික්ෂේප කරමින්, වයස හරි නිසා ඔවුන්ට එසේ කිරීමට නොහැකි බව පැවසුවා. එය පොලිසියට අයිති වැඩක් නොවන බවද පවසා සිටියා. 

ක`ඵතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා මාහට ප‍්‍රකාශ කර සිටියා, දරුවෙක් පිළිසිඳගෙන තිබෙනවාද බලාගන්න මුත‍්‍රා පරීක්ෂණයක් කරගන්න, නැත්තම් දැන්  ඕවට ප්ලාස්ටික් සැත්කම් තියෙනවා එයින් එකක් කරගන්න යනුවෙන්.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මා විවාහ කරගන්නා බවට පොරොන්දුව මා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයාට පක්ෂපාතීව කටයුතු කරමින්, ක`ඵතර උතුර පොලිසියේ ස්ථානාධීපති ඇතුලූ නිලධාරීන් විසින් මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු නොකර, මාහට සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන්, එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ලෙසත්, මාහට සාධාරණය ඉටු කරනා ලෙසටත්ය.

එස්.ඞී. නිරෝෂා
පිටපත : 1. පොලිස්පති - පොලිස් මූලස්ථානය, කොළඹ
          2. ස්ථානාධිපති  - පොලිස් ස්ථානය, ක`ඵතර උතුර.