විලා හවුස් ග්‍රේස් කුමාරවරු යුක්තිය උදෙසා.



හර්ෂි සි. පෙරේරා

කලමුල්ල පයාගල ග්රෙස් කුමාර ළමා නිවාසයේ වැඩිවිය පැමිණි ළමුන් විලා හවුස් හි සිටිති. මෙම තරුණ ළමුන් එයින් පන්නා දැමීමට එහි පුජක තැන කටයුතු කරමින් සිටි අතර දැන් එයට පයාගල පොලිසියේද සහයෝගයද ලබා ගෙන ඇත. එහි ප්‍රතිපලය තරුණයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන වියාජ චොදනා නගා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට ගත් උත්සහයයි. ඔවුන්ගේ නඩුව කළුතර මහේස්ත්‍රාත් අදිකරණයේ දැනටත් විබාග වේ. මෙහි සිටින වයස අවුරුදු 18 ට වැඩි ළමුන්ගේ සන්කයාව 20කි. අද 2013.08.20 දින උදේ ඔවුන් මානව හිමිකම් පිළිබද සාකච්චාවකට ජනසංසදයට පැමිණියහ. මොවුන්ට බාර කරුවන් නොමැත. සමහර තරුණයින් ඉපදී දවස් එකෙන් දෙකෙන් නිවාසයට පැමිණි අයය. අවුරුදු 18 ට වැඩි වුවත් ඔවුන්ව සමාජගත කිරීමෙන් අනතුරුව පමණක් තනිව ජිවත් වීමට කටයුතු කිරීම ළමා නිවාසයේ වගකීමයි. තවද ඔවුන්ගේ මවු පිළිබද තොරතුරු මෙතෙක් නිවාසය ඔවුන්ට ලබා දි නොමැති අතර රටවැසියෙකු වීමට අවශ්‍ය චන්ද හිමි නාම ලේකනයට නම්ද ඇතුලත් කර නොමැත. දැනට ආරංචි වන ආකාරයට මෙම ළමා නිවාසය රජයේ ලියාපදිංචි කල එකක් නොවේ. ඒ අනුව එය නීතිවිරෝදී ලෙස පවත්වා ගෙන යනු ලබන්නකි. ඔවුන් ජනසංසදයට පැමිණි අවස්ථාවේ ගත් චායාරුප පහතින් දැක්වේ.

http://www.lankaguardian.com/2013/08/blog-post_4243.html