හොරණ ශ්‍රී මේදන්කරයට විරුද්දව නැවතත් අල්ලස් හා දුෂණ චෝදනා



හර්ෂි සි. පෙරේරා

පාසලෙන් අල්ලස් හා දුෂණ ඉවත් නොකර එය රටින් මුලුනුපුටා දැමීමට කතා කිරීම පවා හාස්‍ය ජනකය. හොරණ ශ්‍රී මෙදන්කර විද්‍යාලයට එරෙහිව මිට පෙරත් ළමුන්ට පහරදීම ඇතුළු දෙමාපියන්ගෙන් අල්ලස් ගැනීම පිළිබද චෝදනා එල්ල විය. පහතින් දැක්වෙන්නේ තවත් එවැනිම සිදුවීමකි. 

කේ. කමනී මානෙල් පෙරේරා
          95/1,කහටපිටිය,
          කණන්විල,
          හොරණ.
          2013.08.15
                                        
සභාපති,
අල්ලස් හෝ ¥ෂණ විමර්ශණ කොමිෂන් සභාව,
36, මලලසේකර මාවත,
කොළඹ 07.

මහත්මයාණෙනි,

බප/ශ‍්‍රී මේධංකර මහා විද්‍යාලය - හොරණ
විදුහල්පති කේ.එ්.සේනාරත්න- සම්බන්ධයෙන්
අල්ලස් හා ¥ෂණ පිළිබඳව කරනු ලබන පැමිණිල්ල

අප දන්නා පරිදි 2010 වසරේ ළමුන් ඇතුලත් කර ගැනීමේදී සහ පාසල් සංවර්ධනය යන කරුණූ පෙරදැරි කරගෙන, සිසුන් මගින් දෙමාපියන්ගෙන් නීති විරෝධී ලෙසට මුදල් එකතු කිරීම සිදු කරනු ලබයි.

මොහුගේ මෙම අල්ලස් හා ¥ෂණ පිළිබඳව කාලයක් මු`ඵල්ලේ කරන ලද පැමිණිලිවල එක් ප‍්‍රතිඵළයක් වශයෙන්, 2012 වසර පළමු වසරට ඇතුලත් කරගන්නා ළමුන්ගෙන් - නීති විරෝධීව අය කරන ලද මුදල් ආපසු ගෙවනු ලැබු හෙයින් - ඔහුට විරුද්ධව නීතිමය හෝ විනයානුකූල හෝ පියවරක් ගනු නොලැබීය.

මා පහත සඳහන් කරන්නේ -2013 වසරට පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේදී සිදුකරනු ලැබූ අල්ලස් ගැනීම් හා ¥ෂණ ක‍්‍රියා සම්බන්ධයෙන්ය.

එහිදී - මා, මාගේ නිවුන් දරුවන් දෙදෙනා ඇතුලත් කර ගැනීම හා අදාලව පහත කරුණු සැකෙවින් සඳහන් කරමි.

(1* 2013 වසර, පළමු වසරට, මාගේ නිවුන් දරුවන් වන, එච්. ඩබ්. බී .ටි. නවාංජලී හා එච්. ඩබ්. බී.ටි. දිව්‍යාංජලී ව හොරණ ශ‍්‍රී මේධංකර මහා විදුහලට ඇතුළත් කර ගැනීම සඳහා විධිමත්ව අයඳුම් කළෙමි.

(2* මාගේ දරුවන් වෙනුවෙන් අදාල සුදුසුකම් යටතේ -   එනම්,

     2.1 සහෝදර පදනම යටතේ ඉල්ලූම්පත් දෙකක්ද
    (මාගේ වැඩිමල් දියණිය විදුහලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි*

    2.2 ආසන්න පදනම යටතේ ඉල්ලූම්පත් දෙකක්ද
    ( ඉහත ලිපිනයේ ස්ථිර පදිංචිය -  කි.මී. 2 කට අඩු*
   
   ඉදිරිපත් කළෙමි. 

(3* මේ හා අදාල සම්මුඛ පරීක්ෂණ 2012 සැප්තැම්බර් 04 දින පැවති අතර, මා හට ලැබුන ළකුණු ප‍්‍රමාණය 90 කි.


(4* එදින, මාගේ දරුවන් දෙදෙනාව තෝරාගත් බවත්, එම නිසා පදිංචි සහතිකයේ මුල් පිටපත තබාගන්නා බව විදුහල්පති ප‍්‍රකාශ කළා.

එ් අනුව - එනම්  ‘‘පදිංචි සහතිකයේ මුල් පිටපත’’ තබා ගත් හෙයින් මා ඉල්ලූම්කර තිබූ හොරණ රාජකීය විද්‍යාලය හා මොරගහහේන මහා විද්‍යාලයට සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගීවීමට නොහැකි විය.

සැ.යු. 
2013.08.01 දින, පදිංචි සහතිකය ලබා නොදීම පිළිබඳව මා විසින්, හොරණ පොලීසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් 2013.08.11 දින පැවති විභාගයේදී, විදුහල්පති කේ. එ්. සේනාරත්න, මාගේ ‘‘පදිංචි සහතිකය’’ ලබාගත් බව පිළිගත් අතර, මුල්පිටපත් ආපසු නොදෙන බවද ප‍්‍රකාශ කළා.

(5* 2012 නොවැම්බර් මස, ඇතුලත් කිරීමේ නාම ලේඛන ප‍්‍රසිද්ධියට පත් කළ විට, එය පරීක්ෂා කිරීමේදී, මාගේ දරුවන් දෙන්නා ගේ නම් එහි ඇතුළත් වී නොතිබින.

(6* එ් අනුව, මා, විදුහල්පති කේ. එ්. සේනාරත්න හමුවී විමසූ විට, ඔහු කියා සිටියේ නම් ඇතුළත් නොවුනත්, දරුවන් දෙන්නා ස්ථිරවම ගන්නා බවයි.

(7* එයින් අනතුරුව, අභියාචනයක්ද ඉදිරිපත් කරනු ලැබුවා. අවසානයේදී, විදුහල්පති කේ. එ්. සේනාරත්න කියා සිටියේ, දරුවන් දෙන්නා පාසලට ඇතුලත් කර ගැනීම ස්ථිර බවයි.

(8* මේ ආකාරයට, 2013 මාර්තු අවසන් වන තුරුම, දරුවන් දෙන්නා ගන්නා බවට විදුහල්පති කේ. එ්. සේනාරත්න ප‍්‍රකාශ කළා.

(9* මේ අතර, මට දැනගන්නට ලැබනේ විදුහල්පති කේ. එ්. සේනාරත්න ළකුණු 90ට වඩා අඩු සිසුන් රැුසක් ඇතුලත් කර ඇති බවයි. 

(10*. මෙසේ දුෂිත ආකාරයට ළමුන් ඇතුලත් කර ගැනීමේදි එක් අයෙකුගෙන්

1. ආරම්භයේදී රු: 10,000රැුු බැගින්ද, ඊට පසුව රු:25,000රැුු සිට  රු: 40,000රැුු දක්වා මුදලින් ලබාගෙන ළමුන් ඇතුලත් කරගෙන තිබේ.

2. එයට අමතරව හොරණ, පාදුක්ක පාරේ පිහිටි ආරියරත්න නැමැති වෙළඳ ආයතනයට ගොස් 
රු: 25,000රැුු කට වැඩි ප‍්‍රමාණයකට සිමෙන්ති මිළදී ගත් බවට මුදල් ගෙවූ රිසිට්පතක් හෝ මෙම විදුහලට රු: 25,000රැුු කට වැඩි ප‍්‍රමාණයකට ක‍්‍රීඩා භාණ්ඩ ලබාගත් බවට මුදල් ගෙවූ රිසිට්පතක් රැුගෙන -  ගෙනවිත් භාර දීමට නියම කර, එසේ රිසිට්පත් ගෙනවිත් දුන් අයගේ ළමුන් විදුහල්පති ඇතුලත් කරගෙන තිබේ.

3. මේ ආකාරයට මා මුදල් දීමට හෝ ආරියරත්න වෙළඳ ආයතනයට ගොස් මුදල් දී රිසිට්පත් ලබාගෙන විදුහල්පතිට දීම මා සිදුකර නැත. 

4. එයට අමතරව, සමහර ළමුන් ඇතුලත් කර ගැනීමේදී, රු:10,000රැුු   හෝ වැඩි මුදලක්, හොරණ මහජන බැංකුවේ පවත්වාගෙන යන පාසැල් සංවර්ධන සමිතියේ යයි කියා ගන්නා ගිණුමට බැර කර, ලදුපත ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී, එ් අනුව ක‍්‍රියාකරන ලද අයගේ ළමුන් ඇතුලත් කරගෙන තිබේ.

මේ ආකාරයට ආසන්න පදනම හෝ සහෝදර පදනමක් නොමැතිව, ළකුණු 90 ට වඩා බොහෝ අඩු දරුවන්  ඇතුලත් කරගෙන තිබේ.

(11* මෙම අල්ලස් ගැනීම් හා ¥ෂිත කි‍්‍රයාමාර්ග වලට අමතරව, මෙම විදුහල්පති කේ. එ්. සේනාරත්න, මෙම විදුහලේ ළමුන් ගණනාවක්ම අපයෝජනයට ලක් කර ඇති බව ඔබ සියලූ දෙනා හොඳාකාරව දන්න බව මා විශ්වාස කරමි.

12. දැනට විදුහල්පතිවරයා හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප‍්‍රකාශ කරන්නේ, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට ඉඩ නොමැති බවයි. මෙයද අස්‍ය ප‍්‍රකාශයකි. මෙම විද්‍යාලයේ පළමු ශ්‍රේණි පංති 4ම, ළමුන් ඇතුලත් කරගැනීමට ඉඩ තිබේ. ඉඩ නැති බව ප‍්‍රකාශ කරන්නේ, අල්ලස් ලබාගෙන ළමුන් ඇතුලත් කිරීමටය.

13. මොහු විසින්, අල්ලස් වශයෙන් ලබා ගන්නා මුදල් විලින් කොටසක් බැර කරන්නේ හොරණ, මහජන බැංකුවේ පවත්වාගෙන යන, අංක 041100170024445 දරන ”පාසල් නගා සිටුවීමේ ගිණුම” ට බව ප‍්‍රකාශ කරමි.

මෙම ගිණුමට, මුදල් බැර කර, බැරපත ඉදිරිපත් කිරීම මගින්, මෙම මුදල් ජාවාරම කරනු ලැබේ.

14. මේ ආකාරයට, අල්ලස් ලබාගෙන, 2013 පළමු වසරට ඇතුලත්කර තිබෙන ළමුන් කිහිප දෙනාගේ විස්තර පහත දක්වමු.

   1. කේ.එ්.මෙතුකී - 1 සී ශ්‍රේණිය 
      ළකුණු 86යි.
      
      පියා - කේ.එ්.ජයකාන්ත - කහටපිටිය, කණන්විල, හොරණ.
      
      අල්ලස් ලබාගෙන, ආසන්න පදනම යටතේ ළමුන් 35ට ඇතුලත්කර තිබේ.
      
      රු: 10,000/=ක මුදලක් තැන්පත් කර ඇත්තේ, හොරණ මහජන බැංකුවේ -041100170024445 
      දරන පාසල් නගා සිටුවීමේ ගිණුමටය.

   
   11. මවගේ නම - දීපිකා, පවුල් සෞඛ්‍ය සේවිකාව - හොරණ- සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට 
       අනුබද්ධ කණන්විල සායනයේ සේවය කරයි. 

       දරුවා පිරිමි දරුවෙකි. ඇතුලත් කරගෙන ඇත්තේ 2013 මැයි මාසයේදීය.
   
       ලබාගෙන ඇති ළකුණූ ප‍්‍රමාණය 70කි.

       පදිංචිය - මොරගහහේන, මිල්ලෑව.

       ආසන්න පදනම - සහෝදර පදනම හෝ වෙනත් පදනමක් අයත් නැත.

       මැය - රු: 25,000/=කට වැඩි මුදලක් ආරියරත්න වෙළඳ ආයතනයට ගෙවා, සිනේති සහ ක‍්‍රීඩා 
       භාණ්ඩ ලබාගත් බවට ”බිලක් ” ලබාගෙන, ඉදිරිපත් කර තිබේ.


     111. දිලීප මධුරංග පෙරේරා (1 ශ්‍රේණිය ඞී*
          
          පියා : කිතුල්පිටියවත්තගේ සනත් පෙරේරා
  
          පදිංචිය- 1. අරමනාගොල්ල, හොරණ (තාවකාලික පදිංචිය*
                     2. රත්නපුර පාර, ගුරුගොඩ, හොරණ (ස්ථීර පදිංචිය*

      සඩග දසුනි 
     
          පියා - තුසිත කහටපිටිය

          ලිපිනය - ටොරැුට්ටා වත්ත, කහටපිටිය, කනන්විල, හොරණ.

          මෙම දරුවා ලැබූ ළකුණු ප‍්‍රමාණය 90කි.

          රු: 10,000/=කට වැඩි මුදලක් මෙම විදුහලේ ගුරුවරියක් වන චන්ද්‍රා (ලොකු චන්ද්‍රා* 
          මහත්මිය (2 එ් ශ්‍රේණියට උගන්වනු ලබන* මගින් ලබාගෙන ඇත.

15. මාගේ නිවුන් දරුවන් දෙදෙනාව, ආසන්න පදනම යටතේ ඇතුලත් කර ගැනීමට සිය`ඵ සුදුසුකම් තිබියදීත්,ඇතුලත් කර නොගත්තේ,

 විදුහල්පති කේ.එ්.සේනාරත්න, මාගේ දරුවන් දෙදෙනාට , එක් ළමයෙකුට රු: 30,000/= බැගින් මුදලක් ඉහත මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන -041100170024445 දරන ගිණුමට මුදල් බැර කරන ලෙස කරන ලද ඉල්ලීමට මා එකඟ නොවූ නිසා බව ප‍්‍රකාශ කරමි.


මා  ඉල්ලා සිටින්නේ,

අල්ලස් හා ¥ෂණ ක‍්‍රියාවලට මා එකඟ නොවූ නිසා, මාගේ දරුවන් දෙදෙනා පාසලට ඇතුලත් කර නොගත් බව ප‍්‍රකාශ කරන අතර, මේ සම්බන්ධයෙන් ඔබ කොමිෂම මගින් විමර්හණයක් සිදු කරනා ලෙසට ඉල්ලා සිටිමි.

මේ සම්බන්ධයෙන්  ඕනෑම අවස්ථාවක වාචිකව සාක්ෂි දීමට සූදානම් බවත්, තොරතුරු ලබාදීමට සූදානම් බවත් ප‍්‍රකාශ කරමි.



කේ. කමනී මානෙල් පෙරේරා