ඊශ්‍රායලය ;- "සමාජ මාද්‍ය හමුවේ බලා සිටිය නොහැක."




හර්ෂි සි. පෙරේරා

ඊශ්‍රායල් ආණ්ඩුව තම ප්‍රචාරක කටයුතු සදහා විශ්වවිද්‍යාල සිසුන් යොදා ගැනීමට කටයුතු කරයි. මෙහිදී කිසිවිටකත් සිසුන් ආණ්ඩුවේ නියෝජිතයින් ලෙස හැදින්වෙන්නේ නැත. එම සිසුන් මුණු පොත, ටුවිටර් සහ යුටියුබ් හි පණිවිඩ ප්‍රසිද්ද කරනු ඇත. මෙය අගමැති බෙන්ජමින් නෙටනියනුගේ ආණ්ඩුවේ මහජන රාජ්‍යතාන්ත්‍රික බාවයට අදාල වියාපෘතියක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 840.000 ක් ආයෝජනය කිරීමට නියමිතය. ඒ විශ්වවිද්‍යාල සිසුන් සිය ගණනකගේ  බදවා ගැනීම්, සංවිදානය කිරීමට සහ ක්‍රියාකාරකම් වලට ආදාර වශයෙනි. ඊශ්‍රයල ශිෂ්‍ය සංගමය විදේශ බාෂා ගැන දැනුමක් ඇති සිසුන් 550 ක් විශ්වවිද්‍යාල 07 කින් බදවා ගැනීමට නියමිතය. නම හෙළි නොකළ මෙම ක්‍රියාදාමය සමග සිටින නිලදරියෙකු ජෙරුසලම් පොස්ට් වෙත කිවේ සමාජ මාද්‍ය හමුවේ බලා සිටීමට හැකියාවක් නැති බවයි. මෙහිදී සමාජ මාද්‍ය හරහා රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂාව සම්බන්ද කරුණු සාකච්චා කෙරේ.