ඇමෙරිකාව කිපෙයි. සිරියාව සමග යුද්දයකට යයිද?




හර්ෂි සි. පෙරේරා 

සිරියාවේ අවි ගැටුම් පවතින ප්‍රදේශ වලට ගිය එක්සත් ජාතීන්ගේ කණ්ඩායමට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කිවේ සිරියාව සම්බන්දයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ රසායන අවි බාවිතා කිරීමත් ඒ ගැන සිරියානු ආණ්ඩුවට දෝෂාරෝපණය කරමිනි. රසායනික අවි බාවිතය නිසා ගිය බදාදා දමස්කස් අසල සිය ගණන් ජනයා මියගියහ.  එක්සත් ජනපද නීතියට අනුව සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමට ජනාදිපති බැරක් ඔබාමාට බලය ඇති නමුත් ඒ සදහා ඔහු ප්‍රථමයෙන් කොන්ග්‍රසය දැනුවත් කල යුතුය. ඒ අනුව ක්‍රියාදාමය ආරම්බ කල යුත්තේ දෙපාර්ශවයේ එකගතාවයෙනි. රුසියාව කියන්නේ එක්සත් ජාතීන්ගේ වරණයෙන් තොරව සිරියාව සම්බන්දයෙන් හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම තදබල ලෙස ජාත්‍යන්තර නීතිය උල්ලංගනය කිරීමක් බවයි. ඔවුන් ඒ සදහා උදාහරණ ලෙස හමුදා මැදිහත්වීමෙන් ඉරාකයේ සහ ලිබියාවේ කිසිදු දියුණුවක් සිදුනොවූ බව ගෙන හැර දක්වති.