පීඩක-පීඩිතයො ලෙස ගොඩ බෙදපල්ලා



ඥානසිරි කොත්තිගොඩ

''අපේ කොල්ලො'' ''රනවිරුවා''     පදමාරූ
''මෙහෙයුම් මානුෂික රිම් එකෙ     දුනිවාරූ
''සුවිනිත සෙබලු''මේ මුලු ලෝකෙන් තේරූ
වැලිවේරියක් කලෙ ඇය්           මාවිල් ආරූ

කටුනායක, හලාවත, අවිවලින්        තොර
ලබුනද පිලිතුරක් වෙඩිඋන්ඩයෙන්     හැර 
අවිගෙන අතට ඉල්ලුවෙ මොනවද     උතුර
යහදිවියකට භූමියෙ නිදහසෙ            යතුර

උතුරට උගත් පාඩ්ම් කොමිසන්           දැමුවා
දකුනේ ''තෙවෑනි  ඇස වහලා පිට      කෑසුවා
රුහුනෙත් '' මානුෂික මෙහෙයුම්'' දැන් දෙනවා
මුන් වෑපුරුවේ බොරු මේකපෙ තල      කනවා

කම් ඕ චිකාගෝ කවුදෝ වෙඩි        දෙනවා
ව්ම්මෝ නාටකය රගමඩලට              එනවා
අම්මෝ ලොක්කාට එතකොට      තදවෙනවා
දැම්මෝ කොමිසමක් ''ෂොඑක'' නිම වෙනවා

ජාතිවාදෙ පිහිනූ දෙස්                 පලුවන්නේ
පෝරක තනා තොපි යහතින්   වෑජඹෙන්නේ
මේවගෙ එවුන්හට තව තව        රෑවටෙන්නේ
ඇස්ගෙඩි වලට හෙනගහලද        සිහලුන්නේ

පාලකයන්ට නෑහැ ආගම්           දෑ බේදේ
පාලිතයන් බෙදුවෙ ඔලුවට         දා මේදේ
හමුදා-පොලිස්-අදිකරය           වෑනි වූ දේ
හෑදුවේ රකින්නය් දනපති        ක්‍රමවේදේ

 දැන්වත් ඉතින් මේදේ        තේරුම් ගල්ලා
පිඩක-පීඩිතයො ලෙස      ගොඩ බෙදපල්ලා
පීඩිත බලය එක මිටකට            තබපල්ලා
 බැරිනම් ඉතින්... පුලුවන්     දේ කරපල්ලා

''මුක්තිය'' කියන කඩදාසිය       ඉරපල්ලා
නවයට ඒ කෑලි සම සම         බෙද පල්ලා
හරහට ඉන්න උන්          මුහුදට දමපල්ලා
නිදහසෙ සටන කල් පිරිලා       අරඹ​ල්ලා