සංස්කෘතිය කියන්නෙ එක තැන පල්‍වෙන, හණමිටි ගොඩක් නෙවෙයි. සංස්කෘතිය වෙනස් වෙනවා. වැඩිහිටියෝ ඒක පිළිගන්න සූදානම් නැහැ. ඒ වචනයෙන් ක්‍රියාවෙන් නෙවෙයි.
සිංහල බෞද්ධයෝ - අද වෙනකොට තවදුරටත් වැඩියෙන් සංස්කෘතිය ගැන කතා කරනවා. රකින්න හදනවා. නමුත් රකින්නෙ මොකද්ද කියලා - මුන්ම දන්නෙ නෑ.
අන්තිමට රකින්න හදන්නෙ නිර්භීත කම, නිර්මාණශීලි බව නොවෙයි. නිවට කම, බොරුව, වංචාව. මේ බංකොලොත් වැඩිහිටි පිරිස දූෂිතයො, වංචනිකයො, මොවුන් සංස්කෘතියේ ධනාත්මක ලක්ෂණ සියල්ල විනාශ කරපු අය.
සංස්කෘතිය රකින්න හදන්නෙ බණ කියලා. වත්මනට කිසිදු අර්ථයක් නැති කවි ගාථා ලව්ඩ්ස් පීකරයෙන් නොතේරෙන, තේරුම අහන්නට බැරි පාසල් දරු දැරියන් ලවා යටි ගිරියෙන් කියවලා.
“ගමයි පන්සලයි” - “වැවයි දාගැබයි” අපේ සංස්කෘතිය. මෙය අද අලුත් අවුරුද්දට - රූපවාහිනී රචනා වලට නිමිත්තක් පමණයි.
ගම පන්සල සමග නැහැ. ඒ අඩුව වසා ගන්න එකතු කරගෙන ඉන්නෙ පොලීසිය. අද පොලීසියට පන්සල නැතිවම බැහැ. පන්සලට පොලසිය නැතුවම බැහැ.
“එක සමාන පියාපත් ඇති කුරුල්‍ලෝ එක අත්‍තේ ලගිති.” කියමනකි.
අද එය සත්‍ය කර ඇත්තේ පන්සලයි - පොලීසියයි. දූෂිත මිනීමරු පොලීසිය හා දූෂිත මිනීමරු පන්සල හා එක්ව තිබේ.
එදා වැවයි දාගැබයි. අද වැවට උරුම කියන්නේ හෝටලයයි. හෝටලයේ පාරිභෝගිකයින්ගේ පරිභෝජනයට එක්ව ඇති අංගයකි දාගැබ. හෝටලය නැති නම් දාගැබ ගඩොල් ගොඩක් බවට පත්වීම අනිවාර්යයි.
වැඩිහිටි පරම්පරාවේ මේ සංස්කෘතික විනාශයට වගකිව යුතුයි. තරුණ පරපුරේ වගකීම මෙය වෙනස් කිරීමයි. ඒ අතීතයට ගෙන යෑමට දරන ව්‍යාර්ථ උත්සාහයකින් නොවේ. නිර්මාණශීලී, ගරුත්වයක් ඇති අනාගත පරපුරකට - ශ්‍රී ලංකාව දායක කරවීමට, පියවර ගැනීමෙනි. පන්සලින් පොලීසිය, පොලීසියෙන් පන්සල ඉවත් කිරීමෙන් - වැවෙන් හෝටලයත්, හෝටලයෙන් වැවත් වෙන් කිරීමෙන්.
ජනසංසදය