The Most/Recent Articles

Showing posts with label Janasansadaya. Show all posts
Showing posts with label Janasansadaya. Show all posts

නීතිය, පොලීසිය, උසාවිය හා යුක්තිය පසිඳලීම මෙම ප්‍රකාශනයේ තියෙන සියලුම කරුණු නිවැරදියි. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ.


2013 දෙසැම්බර් 29 වන දින, ජනසංසදයේදී, නීතිය, පොලීසිය, උසාවිය හා යුක්තිය පසිලීම යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කරන ලද -  ‘ප්‍රකාශනය කේන්ද්‍ර කරගෙන පැවති කථිකාවට එක්වෙමින් ඉහත සහන් ප්‍රකාශය කළේ - ජේ්‍යෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතාය.
ප්‍රකාශනයේ සහන් කරුණු මූලික කරගෙන අදහස් දැක්වූ සියලු දෙනා මතු කළ මූලික ප්‍රශ්නයක් විය. එනම් මෙම ප්‍රකාශනය සාමාන්‍ය ජනතාව අතට පත් කරන්නේ කෙසේද යන්නයි.
මෙම මාතෘකා යටතේ බොහෝ ප්‍රකාශන ලියවී තිබේ. ඒ නීති රීති සම්බන්ධවයි. භාවිතය හා භාවිතා කරන්නේ කෙසේද සහ මෙම ආයතන විශේෂයෙන්, පොලීසිය හා උසාවිය අභියෝගයට ලක්කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් සාමාන්‍ය ජනතාවට ලියන ලද එකම ප්‍රකාශනය මෙය බව සැමගේ පිළිගැනීම විය.
වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයින්, ප්‍රජා මූලික සංවිධාන, රාජ්‍ය දෙපාර්තමේන්තු, නීතිඥවරු,ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, මාධ්‍ය, ක්‍රියාකාරීන් හා සිවිල් සමාජ නියෝජනය කරමින් හතලිස් නව දෙනෙකු මෙම කථිකාවට එක්විය.
 වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වූද මානව හිකම් කේෂත්‍රෙය් ඉදිරියෙන් සිටින ජේ්‍යෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, මාධ්‍යෙව්දී ජයසිරි අලවත්ත, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ හා නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ විමල් ප්‍රනාන්දු, 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයෙක්‍ වූ හා වෘතීය සමිති ක්‍රියාකාරිකයෙක්‍ වූ සෝමපාල ගරුසිංහ,  වෘතීය සමිති ක්‍රියාකාරිකයෙක්‍ හා අධ්‍යාපන නිලධාරියෙකුව සිටි පී.ලියනගේ, විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස්(විශ්‍රාමික) ඩබ්.ඒ.එල්. වීරසිංහ, මහියංගන රජමහා විහාරයේ ප්‍රෙව්ණිදාස ක්‍රමයට එරෙහිව මූලිකත්වය ගෙන ක්‍රියාකරන බන්දුල ගුණතිලක, කාන්තා ක්‍රියාකාරිණියක් වූ ශ්‍රීමා බෝපිටිය,නිදහස් හා සාධාරණ මැතතිවරණ ව්‍යාපාරයේ විමල් ප්‍රනාන්දු, නිදහස් වෙළ කලාපයේ වෘතීය සමිති ක්‍රියාකාරී වී.එස්. වීරක්කොඩි හා ජේ්‍යෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී (විශ්‍රාමික) පී.වී.එස්. සේනාරත්න, අදහස් දක්වමින් හා යෝජනා ඉදිරිපත් කරමින් දායක විය.

ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ, බැසිල් ප්‍රනාන්දු මහතා පොලිස් ප්‍රතිසංස්කරණ මැයෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම(වීඩියෝව) ප්‍රදර්ශනය කරනු ලැබීන.
ජනසංසදය පිළිබ කෙටි හැින්වීමක් නීතිඥ හර්ෂි සී. පෙරේරා කළ අතර වැඩ සටහන මෙහෙය වීම ලේකම් චිත්‍රාල් පෙරේරා සිදු කළේය.

සියලු දෙනා දැක්වූ දායකත්වය ඉදිරියෙය්දී ඉදිරිපත් කරන්නෙමු.
ජනසංසදය

දිග එළිකර සිටින පොලිස් අපරාධකාරයෙක් .

ජනසංසදය - පළිගන්න පැවරූ බොරු නඩුවක්. නඩුව පවරා ඇත්තේ නීති වරෝධී ලෙසට. වරෙන්තු නිකුත් කර තිබුනද වරෙන්තු ක්‍රියාත්මක කර නැත. මොහු අධිකරණයට ගරු නොකරන පුද්ගලයෙක්.

මේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තීන්දුවක සදහන් කරුණුය. පොලිස් අපරාධ කාරයෙක් ගැනයි මේ සටහන. මේ පොලිස් අපරාධකාරයා අන් කවරෙකු නොව අදටත් පොලිසියේම තබාගෙන සිටින පොලිස් පරීක්ෂක දමිත් පෙරේරාය.

සරත් කුමාරව, මොරටුව පොලිසිය අත්අඩංගුවට ගත්තේ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට ය. ඒ 2008 ජූලි මස 05 වන දිනය. 2008 ජූලි මස 18 වන දින තෙක්, දින 08ක්, නීති විරෝධීව රවා තබාගෙන වධ දුන්නේය.

ඔහුගේ මව අත්අඩංගුවට ගැනීම සහ වධදීම ගැන ලිඛිතව - පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය. ආසියානු මානව හිමිකම් කොමිසම සිද්ධිය අදාලව හදිසි ආයාචනයන් කිහිපයක් නිකුත් කළේය.

මෙම පසුබිම තුල මොරටුව පොලිසිය, සරත් කුමාරව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. බොරු චෝදනා යටතේ නඩු තුනක් ගොනු කරමින්ය.  ගෙයක් බිදීම, රන් මාලයක් මංකොල්ල කෑම හා හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් ළග තබා ගැනීම යන චෝදනා යටතේ එම නඩු තුන ගොනු කරනු ලැබීය.

ගෙවල් බිදීම හා රන් මාලයක් කොල්ලකෑම යන චෝදනාවලට, ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබින. එහෙත් හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් ලග තබා ගැනීමේ චෝදනාවට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොතිබින.

එම නිසා, එම චෝදනාව සදහා ඇප ලබා ගැනීමට පානදුර මහාධිකරණයේ පිහිට පතන්නට ඔහුට සිදුවිය. සරත් කුමාරට එරෙහිව මොරටුව පොලිසිය පවරා තිබෙන හෙරොයින් චෝදනාව, ව්‍යාජ එකක් බව සදහන් කරමින්, ඔහු ඇප මත මුදාහැරීමට මහාධිකරණය තීන්දු කළේය. මෙම බොරු චෝදනාව නැගීම පිළිබද කලහැකි දෙයක් අධිකරණයට නොමැති බවද - තීන්දුවේ සදහන්ය.

රන් මාලයක් මංකොල්ල කෑම  පිළිබද නඩුව පොලිසිය විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබීය.

ගෙයක් බිදීම හා හෙරොයින් ළග තබා ගැනීමේ චෝදනා යටතේ නඩු දෙකට මුහුණ දෙන්නට සරත් කුමාරට සිදුවිය.

ගෙයක් බිදීමේ නඩුවෙන්ද ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

හෙරොයින් ළග තබා ගැනීමේ නඩුව - මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ම විභාගයට තීරණය වූයේ, මොරටුව පොලිසිය, සරත් කුමාර ළග තිබී හසුවූ බවට කියමින් අධිකරණයට ඉදිරිපත් කල හෙරොයින් මිළිග්‍රෑම් 2300 යේ, අඩංගු හෙරොයින් ප්‍රමාණය මිළි ග්‍රෑම් 94ක් බවට රස පරීක්ෂක නියම කිරීම නිසාය.

මෙහිදී, මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබාදීමට නොහැකි ප්‍රමාණයක, හෙරොයින් තිබෙන බවට, උසාවියට ඉදිරිපත් කරන කුඩු පිළිබද තීරණ ගැනීමට මහේස්ත්‍රාත්වරයාට නොහැකිය. ඒ නිසාම, පොලිසිය අඛණ්ඩව, කිසිදු බාධාවකින් තොරව, සියලු වගකිව යුත්තන්ගේ පූර්ණ ආශිර්වාදය යටතේ - නඩුකාරයාව, උසාවිය රවටමින්, ශ්‍රී ලංකාවේ යුක්තිය පසදලීමේ ක්‍රියාපටිපාටිය කෙතරම් විගඩමක්ද යන පෙන්වා දෙයි.


 දීර්ඝ නඩු විභාගයකින් පසුව, මෙම - ‘‘බොරුහෙරොයින් චෝදනා නඩුවෙන්, සරත් කුමාරව නිදොස්කොට නිදහස් කරන්නේ - ඉහත සදදහන් කරුණු, මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවේ සදහන් කරමින්ය.

මෙම බොරු චෝදනාව නිසා - දරු පවුල් කාරයකු වන, කුලී වැඩකර ජීවත් වන සරත් කුමාරව දින 515 ක් රක්ෂිත බන්ධනාගාරයේ ලගින්නට සිදුවිය. මෙම කාලය තුල සරත් කුමාරගේ බිරි නොවින්ඳ දුකක් නැත.

මේ අතර සරත් කුමාර  නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, බොරු නඩු දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, තමන්ගේ මූලික අයිතීන් පොලිස්පති හා මොරටුව පොලිසිය උල්ලංඝණය කල බවට - තීන්දුවක් ලබා ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

එම නඩුව - මේ වන විට විභාගයට අරගෙන තිබේ. පොලිස් කාරයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු උත්සාහ ගන්නේ නඩු කියා ජයගන්නට නොව, මුදලකට යුක්තිය හිලව් කිරීමටය.

අපරාධ - මුදල් වලට හිලව් කිරීමට තරම් මේ වක විට ශ්‍රේෂ්ඨාධිකරණය පත්ව තිබීම, පුණ්‍ය භූමිය මුහුණ පා තිබෙන ඛේදවාචකයට තවත් එක් නිදසුනකි.

සරත් කුමාර නඩුව - සෑම අවංක මානව හිමිකම් ක්‍රියාධරයකු විසින් අධ්‍යයනය කල යුතු, කථිකාවකට භාජනය කල යුතු තවත් එක් නඩුවකි.


බෙලහීන ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට - රාජපක්ෂ ගැත්තන්ට, පොලිසියට, බොරදියේ මාඵ බාන නිල හා නිල නොවන බාර් එකේ ඇත්තන්ට මෙම කරුණු - මේ සිද්ධධීන් වහ කදුරු බව අපි හොදාකාරවම දනිමු.

ගාල්ල ප්‍රදීප ස්ථම්භය කියා පාන උන්ගේ සංස්කෘතිය හා අපේ සංස්කෘතිය .

ජනසංසදය

ගාල්ල ප්‍රදීප ස්ථම්භය - පුවරුව දෙස බලන්න. මෙය ඉදිකර ඇත්තේ 1939 දීය. රජයේ වැඩ දෙපාර්ථමේන්තුව මගින්ය.

පුවරුවේ සටහන් වන්නේ, එම ඉදි කිරීම නිර්මාණය, වගකීම දැරූ ඉංජිනේරුවා ගේ නමය.

ඒ කාලේ මෙම ඉදිකිරීමට අනුමැතිය දෙන්නට ඇත්තේ හයවන ජෝර්ජ් රජුගේ ශ්‍රී ලංකා නියෝජිත අග්‍රාණ්ඩුකාර පදවිය දරූ - ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩේකෙට්ය. මෙම පුවරුවේ ඔවුන්ගේ නම් සදහන්ව නැත.

අද බෝක්කුවක් දැම්මොත්, ගමේ පාරකට කොන්ක්‍රීට් එකක් දැම්මොත් - රාජපක්ෂගේ සිට ගමේ ප්‍රාදේශීය සභාවේ එකා දක්වාම මුහුණත් තහඩුව ගසා, බෝක්කුවට පාරට වියදම් කලාට වැඩි මුදලක් වැය කර, තඩි කටවුට් ගසති.

මේවා කරන්නේ උන්ගේ අප්පාගේ අම්මාගේ බූදලයෙන් නොවෙයි හදන්නේ. මහජන මුදල් වලින් ය.

ගාල්ල ප්‍රදීප ස්ථම්භය ඉදි කළේ මහජන මුදලින්ය. ඒ නිසා එහි නම් ගම් ගසා ගැනීමට තරම් හීන මානයක් හයවන ජෝර්ජ් රජුට හෝ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ  ට නොතිබුනේය.

නිර්මාණයේ කළ ,ඉදිකිරීමට නායකත්වය දුන්න, කැපවු පුද්ගලයාගේ නම සදහන් කිරීම ප්‍රමානවත් බව ඔවුන් වටහා ගෙන සිටියේය.

කඩුගන්නාවේ ඩෝසන් කුලුන ද මෙයට හොද නිදසුනක්ය.      


මේ උන්ගේ සංස්කෘතිය හා අපගේ සංස්කෘතිය අතර පවතින නෙසට තවත් එක් නිදසුනක් පමණි.

පන්සලයි - ‍පොලීසියයි !! වැවයි - ‍හෝටලයයි !!!



සංස්කෘතිය කියන්නෙ එක තැන පල්‍වෙන, හණමිටි ‍ගොඩක් ‍නෙ‍වෙයි. සංස්කෘතිය ‍වෙනස් ‍වෙනවා. වැඩිහිටියෝ ඒක පිළිගන්න සූදානම් නැහැ. ඒ වචන‍යෙන් ක්‍රියා‍වෙන් ‍නෙ‍වෙයි.
සිංහල ‍‍බෙද්ධ‍යෝ -  අද ‍වෙන‍කොට තවදුරටත් වැඩි‍යෙන් සංස්කෘතිය ගැන කතා කරනවා. රකින්න හදනවා. නමුත් රකි‍න්නෙ ‍මොකද්ද කියලා -   මුන්ම ද‍න්නෙ නෑ.
අන්තිමට රකින්න හද‍න්නෙ නිර්භීත කම, නිර්මාණශීලි බව ‍නො‍වෙයි. නිවට කම, ‍බොරුව, වංචාව. මේ බංකො‍ලොත් වැඩිහිටි පිරිස දූෂිත‍යො, වංචනික‍යො, ‍මොවුන් සංස්කෘති‍යේ ධනාත්මක ලක්ෂණ සියල්ල විනාශ කරපු අය.
සංස්කෘතිය රකින්න හදන්නෙ බණ කියලා. වත්මනට කිසිදු අර්ථයක් නැති කවි ගාථා ලව්ඩ්ස් පීකර‍යෙන් ‍නො‍තේ‍රෙන, ‍තේරුම අහන්නට බැරි පාසල් දරු දැරියන් ලවා යටි ගිරියෙන් කියවලා.
“ගමයි පන්සලයි” -   වැවයි දාගැබයි” අපේ සංස්කෘතිය. ‍මෙය අද අලුත් අවුරුද්දට -   රූපවාහිනී රචනා වලට නිමිත්තක් පමණයි.
ගම පන්සල සමග නැහැ. ඒ අඩුව වසා ගන්න එකතු කර‍ගෙන ඉ‍න්නෙ ‍පොලීසිය. අද ‍පොලීසියට පන්සල  නැතිවම බැහැ. පන්සලට ‍පොලසිය නැතුවම බැහැ.
“එක සමාන පියාපත් ඇති කුරුල්‍ලෝ එක අත්‍තේ ලගිති.”  කියමනකි.
අද එය සත්‍ය කර ඇ‍ත්තේ පන්සලයි -  ‍පොලීසියයි. දූෂිත මිනීමරු ‍පොලීසිය හා දූෂිත මිනීමරු පන්සල හා එක්ව ති‍බේ.
එදා වැවයි දාගැබයි. අද වැවට උරුම කිය‍න්නේ ‍හෝටලයයි. ‍හෝටල‍යේ පාරි‍භෝගිකයි‍න්ගේ පරි‍භෝජනයට එක්ව ඇති අංගයකි දාගැබ. ‍හෝටලය නැති නම් දාගැබ ග‍ඩොල් ගොඩක් බවට පත්වීම අනිවාර්යයි.

වැඩිහිටි පරම්පරා‍වේ ‍මේ සංස්කෘතික විනාශයට වගකිව යුතුයි. තරුණ පරපු‍රේ වගකීම ‍මෙය ‍වෙනස් කිරීමයි. ඒ අතීතයට ‍ගෙන යෑමට දරන ව්‍යාර්ථ උත්සාහයකින් ‍නො‍වේ. නිර්මාණශීලී, ගරුත්වයක් ඇති අනාගත පරපුරකට -  ශ්‍රී ලංකාව දායක කරවීමට, පියවර ගැනී‍මෙනි. පන්සලින් ‍පොලීසි‍ය, ‍පොලීසි‍යෙන් පන්සල ඉවත් කිරී‍මෙන් -   වැ‍වෙන් ‍හෝටලයත්, ‍හෝටල‍යෙන් වැවත් ‍වෙන් කිරී‍මෙන්.
ජනසංසදය 

පොලිසිය අදිකරණය අබිබවායයි.(VIDEO with English subtitles)

ජනසංසදය 

රටේ නිතිය රකින්නට තියෙන ආයතනය මෙබදුනම් සෙසු අංශ ගැන සිතා ගැනීම අපහසු නැත. නීතියේ අදිපත්‍ය මානව හිමිකම් ආරක්ෂා නොවන රටක් කෙබදු සන්වර්දනයක් ලබා ගත්තද එයින් වැඩක් නැත. නීතිවිරෝදී පොලිසියකින් පාලකයින් වරප්‍රසාද ලබා ගන්නා අතර සාමාන්ය ජනයා නිරතුරුව පිඩාවට පත් වේ. මෙය වෙනස් කල යුතුය. ඒ සදහා සමිත වැනි පුරවැසියන් බල ගැන්විය යුතුය. සමිත වැනි ජනයා බිය නැත. තම මානව හිමිකම්  කඩවීම් ගැන කතා කරන්නට බිය නැත. එය සුවිශාල සම්පතකි. වෙනසක් සදහා දනාත්මක සාදකයකි. බලාපොරොත්තු තබා ගනිමු.

VIDEO;- පිබිදෙන ආශ්චර්ය;- පොලිසිය නිමල්ගේ කන පලයි (With English Sub Titles).



VIDEO;- ශ්‍රී ලංකාව - සදාරණත්වය විගඩමකි. (With English Subtitles)




VIDEO; නඩු පවරන්නා නොහොත් දිවිත්ව ඒජන්තකරු.




VIDEO;- පොලිසිය උසාවියට බිල්ලක් දෙයි.




VIDEO;- දත් නැති ඇට නැති ලොක්කෝ !





VIDEO;- මුර බල්ලන් මුර කරන්නේ කවුද? පොලිසිය කාන්තාවකට සැලකු අයුරු.




VIDEO;- මානව හිමිකම් කොමිසම සිත් බිදවූ දනන්;- අරවින්දගේ සහ ඉනොජ්ගේ කතා.(With English Subtitles)