ගබ්සාව නීතිගත කිරීම.



හර්ෂි සි. පෙරේරා

ඊයේ බොදු බලය ඇන ගෙන ඇත. ඒ සවුක්ය අමාත්යංශය පවත්වාගෙන යන වයිද්‍ය මද්යස්ථානයක් වැටලීම මගිනි. බොදු බලය උඩ පැන්නේ ගබ්සා මද්යස්ථානයක් වැටලු බව කියමිනි. ශ්‍රී ලංකා නීතියට අනුව ගබ්සාවක් කර ගත හැක්කේ මවගේ ජිවිතයට අනතුරක් වන අවස්ථාවේදී පමණි. අන් අවස්ථාවල එය නීතිවිරෝදී වේ. මේ තත්වය නිසා මහජනතාව පිඩාවට පත්වේ. ස්ත්‍රී දුෂණයක් නිසා ගැබ්ගෙන ඇති අවස්තාවකද ගබ්සාවක් කර ගත නොහැක. කාන්තාවට තම ශරීරය සම්බන්දයෙන් තීරණ ගැනීමේ අයිතිය ලබා දිය යුතුය. මිට දින කිහිපයකට උඩදී 18 හැවිරිදි උසස් පෙලට ඉගෙන ගන්නා පාසල් ශිෂ්‍යාවක් අලුත්ගම කන්දේ විහාරයේ අදිකාරිගොඩ ඉන්ද්‍රානන්ද දුෂණය කල අතර ඇයව වයස අවුරුදු 15 දී කොබවක ශ්‍රී සුමනාරාමයේ බඩල් කුබුරේ නන්දසිරි සහ විහාරාදිපති දෙල්මල්ලේ සුමනරතන විසින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබිණි. බොදු බලය කල යුත්තේ මෙවන් බික්ෂුන් ලෙස පෙනී සිටින චිවරදාරින් සසුනෙන් නෙරපා දැමීමයි. එසේ නැතිව මහජනයා පිඩාවට පත් කරමින් නිත්‍යානුකුලව පිහිටවූ සවුක්ය මද්‍යස්ථාන වැටලීම නොවේ.