පරිවාසයෙන් සෙතක් වෙයිද?


හර්ෂි සි. පෙරේරා

පරිවාසයට ළමුන් බාර දීම නියයික වශයෙන් හොද වුවාට ප්‍රයෝගික වශයෙන් බරපතල අර්බුද රාශියක් තිබේ. ළමුන් පරිවාස බාරයට පත්කළ පසු එතනින් ඒ ළමුන් රජයේ හෝ පවුද්ගලික ළමා නිවාසයකට බාර කෙරේ. මේ දෙඅන්ෂයේම ළමා නිවාස වල බරපතල අක්‍රමිකතා, දුෂණ සහ විවිද ආකාරයේ නීතිවිරෝදී ක්‍රියා ඇත. මේ අනුව පරිවාස බාරයට පත්කළ බදුල්ලේ විනිතගම පියදිගුන නොදරුවන් දෙදෙනාගේ ජිවිත තවත් අදුරෙන් අදුරට පත්වේද? 

 පුංචි පුතා ලොකු වැඩක් කරයි යනුවෙන් 2013 මැයි මස 10 ප්‍රසාද් රුක්මාල් මහතා මෙම ලිපිය ලංකාදීපයේ පල කර තිබිණි. බදුල්ලේ විනීතගම පියදිගුණ ගෙදරක නව හැවිරිදි දරුවෙක් උදේ පහට අවදවී හය හැවිරිදි මල්ලීට ද කවා පොවාල ඇඳුම් අන්දවා සැතපුම් එක හමාරක් දුර පාසලට පයින් යයි. ලිප පත්තු කිරීමට උස මදි නිසා පුටුවක් උඩට නැඟ ලිප පත්තු කරයි. උදේ හතට මල්ලීද සමග පාසල් යන ඔහු මල්ලීද සමග සවස ගෙදර එයි

 ඔහුගේ මව කොළඹ රෝහලක කණිටු සේවිකාවකි. පියා ගැන තොරතුරක් නැත. දරුවන් සමග සිටීම සඳහා මව බදුල්ලට මාරුවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව කියති. මව මාසයකට දෙකකට වරක් ගෙදර එන්නීය. දරුවනට අවශ්‍ය කෑම බීම සපයා යළි කොළඹ යන්නීය. පියදිගම විදුහලේ විදුහල්පති ඇකිරියේ ධම්මරතන හිමියෝදල ගුරුවරු දල ඇසල්වැසියෝ ද මේ දරු දෙදෙනා පත්වී සිටින ඉරණම දනිති. 

 බදුල්ල පොලීසිය අද ඔවුන් පොලීසියට රැගෙන ආවේ ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහාය. වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතා ඒ පියවර ගත්තේය. බත් හැලියක් ද එළවළුවක් ද කුස්සියේ තුබූ බව පොලීසිය කියයි. දරු දෙන්නා බදුල්ල උසාවිය මගින් පරිවාස බාරයට පත් කිරීමට නියමිතය. ඇගේ ලොකු දරුවන් :12, 7* දෙන්නා බදුලුපිටියේ මිත්තණිය ළඟය.