එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කණ්ඩායම් රැස්වීමේදී මේ බව හෙළි කර තිබේ. ඒ අනුව එම චැනල් ෆෝ මඩ වීඩියෝ පටය මුලින්ම මහනුවර නගරයේ ඉදිරියේදී පැවැත්වෙන එ.ජා.ප රැළියකදී බෙදා හරින බවද ඔහු ප්‍රකාශ කොට ඇත. මතභේදාත්මක දරුස්මාන් වාර්තාව සිංහලයට පරිවර්තනය කොට ඇති බවත් එයද ජනතාව අතරේ බෙදා හරින බවද එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසා තිබේ. කෙසේ වෙතත් එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මන්ත්‍රීවරු ඊට විරෝධය දක්වා ඇත.
එ.ජා.ප කොළඹ දිසා මන්ත්‍රී සුජීව සේනසිංහ සහ පුත්තලම දිසා එ.ජා.ප මන්ත්‍රී රංගේ බණ්ඩාර යන මහත්වරුන් අවධාරණය කොට ඇත්තේ එ.ජා.පය මේ මොහොතේ රටට සිදුවන හානිය ගැන අවධානය යොමු කළ යුතු බවයි. ( සිළුමිණ)
රටේ ප්‍රදාන විරුද්ද පක්ෂය හැටියට ඒ ජා පයේ මෙම වැඩපිළිවෙල ඉතා කාලෝචිතය. චැනල් 04 වීඩියෝ සහ දරුස්මාන් වාර්තාව රජයට මඩ ගසනවාද නැද්ද යන්න තීරණය කල යුත්තේ මෙරට මහ ජනතාවයි. ඒ සදහා ඒවා කියවිය යුතුය. නැරබිය යුතුය. එසේ නැතුව රජයේ මද්ද්යට පමණක් අහුන්කන්දිමෙන් ජනතාවට අපක්ෂපාති විනිශ්‍යකට පැමිණිය නොහැක.
රටට හානි වන්නේ ජනතාව නොමග යැවීමෙනි. ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇත. ඔවුන්ට තොරතුරු සදහා ප්‍රවේශය ලබාදීම ආණ්ඩුවේ මෙන්ම වගකිව යුතු විපක්ෂයකද කාර්යබාරය වේ.

Post a Comment