පුත්තලමේ විදුහල්පතිට වැටුප් නැත.



හර්ෂි සි. පෙරේරා

 "මා හට හිමි වැටුප් ලබා දීමට පියවර ගන්න" කියා මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කලේ එච් එම එස් ජයවීර මහතාය. මොහු 2007.01.16 දින සිට පුත්තලම පහරිය විජය කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය. 2012.11.30 දින ඔහුව පුත්තලම කන්දකුලියමුණේ සිංහල කනිටු විදුහලට විදුහල්පති ලෙස මාරු කරන ලදී. ඔහු 2012.12.18 දින එහි වැඩ බාර ගත්තේය. 2012.12.31 දාතමින් යුත් ලිපියෙන් ඔහුව පුත්තලම 17 කණුව දුටුගැමුණු විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස මාරු කරනු ලැබිණි. ඔහු 2013.01.07 දින එකී විදුහලේ වැඩ බාර ගෙන ඇත. ඔහුට මෙම ස්ථාන මාරුවීම් වලින් පසුව 2012 නොවැම්බර් 2012 දෙසැම්බර් 2013 ජනවාරි 2013 පෙබරවාරි මස වැටුප් ගෙවා නැත. එය මේ දක්වාම පුත්තලම කලාප අද්යාපන කාර්යාලය විසින් මගහැර තිබේ.