අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබී ය.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි පූජිත් ජයසුන්දරට මීට පෙර ඔහුට නියෝග කර තිබිණි. නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි.
හේමසිරි ප්‍රනාන්දුට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර නියෝග කර තිබුණු අතර පපුවේ ඇති වූ බව කියන වේදනාවක් හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු ද කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයට අද පෙරවරුවේ ඇතුළත්ව තිබිණි.
Post a Comment