බුලත්සිංහල පොලිසිය:- තවත් වදහිංසා පැමිණවීමක්.



හර්ෂි සි. පෙරේරා

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පෙරේරා වයස අවුරුදු 45 විවාහක තිදරු පියෙකි. අංක 71 පෙරේරා ඉංජිනියරින් වර්ක්ස්, අතුර, බුලත්සිංහල පදිංචි වී සිටි. ප්‍රබාත් දිමුතු සහ දිලීප ප්‍රසාද් ඔහුගේ පුතුන් දෙදෙනා වේ. 20 හැවිරිදි ප්‍රබාත් දිමුතු මෝටර් කාර්මිකයෙකි. දිලීප ප්‍රසාද් බුලත්සිංහල ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලබයි. ඔවුන් දෙදෙනා තවත් පාසල් යන සිසුන් කණ්ඩායමක් හා ආරවුලක් ඇති කර ගෙන තිබේ. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාට බුලත්සිංහල පොලිසියේ රථවාහන අංශයේ වීරවංස ඒ අවස්ථාවේ බීමතින් සිටි විසින් පහරදී ඇත. පසුව ඔහු ඒ දෙදෙනාව බුලත්සිංහල පොලිසියට රැගෙන ගොස් තිබේ. වීරවංස පොලිස් ස්ථානයේදී ඔවුන්ට කොස්සක් කැඩෙන තුරු පහරදී කුඩුවට දමා ඇත. ඔවුන් දෙදෙනාගේම මුහුණු ඉදිමි මුහුණ බෙල්ල සහ අත් වල තැලීම් තුවාල තිබී ඇත. ඔවුන් දෙදෙනාගේ තත්වය අමාරු බව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සහ ඔහුගේ බිරිද පවසති. පසුව පොලිසිය විසින්ම ඔවුන් දෙදෙනාව බුලත්සිංහල රෝහලට රැගෙන ගොස් 1 වාට්ටුවේ නතර කර ඇත. ඔවුන්ගේ පියා 2013.03 .14 දින මේ බව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පොලිස් අදිකාරී කළුතර වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.