කරු කළගුණ සලකයි!

බන්ධනාගාර ගතව සිටින හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ සුව දුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේය. ඔහු ජම්පරයක් ඇඳ සිටිනු දැකීමෙන් තමන් මහත්සේ කනගාටුවට පත්වූ බවත් අවුරුදු 30කටත් වඩා ශාපයක්වූ යුද්ධය අවසන් කිරීමට දායක වූ ජනරාල් ෆොන්සේකා මහතාට සලකන ආකරය ගැන පක්ෂ බේද අමතක කර ලංකාවාසී සැවොම එක් රැස්වී විරෝධය පල කළ යුතු කාලය එලඹ ඇතැයි ද ඔහු පැවැසීය. කොටි සැකකරුවන් බොහෝ දෙනකු වැලිකඩ සිටින බැවින්, ජනරාල් ෆොන්සේකා මහතාගේ ආහාරයට වස විසත් එක්කර ජීවිත හානියක් සිදු කිරීමට හැකි බවත්, රාත්‍රී කාලයේ දී යම් හිරිහැරයක් කිරීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවත් එහු පැවැසීය. Tell a Friend