EXCLUSIVE: ගෝඨාබය අත් අඩංගුවට ගැනීමට සැලසුමක්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සහ දෙමළ විමුක්ති කොටි කැරලි කරුවන් අතර පවතී අවසන් යුද්ධයේදී සිදු වූයේ යයි කියන යුධ අපාරාධ සම්බන්ධයෙන් එකසත් ජාතින් විසින් තමන්ගේ නිල වාර්තාව ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඊට අනුව යුධ අපරාධ සිදු වූ බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් ඒ නිසා ජාත්‍යන්තර නිතිය අනුව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එකසත් ජාතින් අවධාරණය කොට ඇත.

මේ අතර තමන්ගේ පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටින ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම සඳහා එරට ක්‍රියාත්මක වන සංවිධාන කිහිපයක් සූදානමින් සිටින බව වාර්තා වේ. විදේශ තානාපති සේවා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි රාජපක්ෂ මහතා තම පවුලේ පුද්ගලික කටයුත්තක් සඳහා ඇමෙරිකාවට ගොස් ඇත්තේ රාජතාන්ත්‍රික වරප්‍රසාදද ප්‍රතික්ෂේප කරමිනි. මන්ද තමන්ගේ සංචාරය රහසක් ලෙස පවත්වා ගැනීම එහි අරමුණ විය.

නමුත් අදාළ සංචාරය ආරම්භ වී ඉතා සුළු වෙලාවක් ඇතුලත එකසත් ජාතින් තමන්ගේ නිල වාර්තාව ප්‍රකශ කරනු ලැබීය. එය පදනම් කරගනිමින් සහ තමන්ගේ ඇමෙරිකානු පුරවැසි භාවය ප්‍රමුඛ කොට ගනිමින් රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු පැවරිය හැකිය.

කොළඹින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ අදාළ තත්වය නිසා මේ වන විටත් කොළඹ දේශපාලනය තුල මහත් කලබල කාරී ස්වරූපයක් ගෙන ඇති බැවි. එසේම රජයට සම්බන්ධ මාධ්‍ය කිහිපයක් අදාළ ලේඛම් වරයා උස්බෙකිස්ටානයේ සංචාරයක නිරත වන බවට පුවත් වාර්තාවක්ද පල කොට තිබේ .

Tell a Friend