අපේ කාලේ දේශප්‍රේමියකුගේ දවසක්.

                  
               උදැසන සුබ මොහොත යෙදී තිබුනේ අලුතින් චීන ආධාර යටතේ ඇරබු විදුලිබලාගාරය එරටට නිල වශයෙන් පවරා දීමේ අවස්ථාවයි. ඒ සදහා ඔහු ඉතා විචිත්‍රවත් ජාතික ඇදුමකින් සැරසුන අතර ජාතියේ අනන්‍ය බව ලෝකයට පෙන්වීමට මනරම් කුරහන් සාටකයකින්ද සැරසුණි. උත්සව භූමියට අපේ කථානායකයා පැමිණෙන විට වේදිකාව ඉදිරිපිට සිටි කුඩා දරුවෙකු සුරතට ගෙන ඔහුගේ සෙනෙහස දැක්වුයේ  අනෙක් අයගේ දෙනෙත් වලට කදුළු කැදවමිනි, එතරම් හැගීම්බර ලෙස ඔහු ඒ මොහොතේ තම රංගනය ඉදිරිපත් කිරීමට සමත් විය. එහිදී ඔහු ඉතා ප්‍රබල කතාවක් කරමින් කියා සිටියේ දේශීය බුද්දීමතුන්ගේ දැනුමේන් මෙය බිහිවූ බවත් එය අපට මහත් අභිමානයක් බවත්ය නමුත් සත්‍ය ලෙසම එය සම්පුර්ණයෙන් ඉදිකරනු ලැබුවේ චීන ඉංජිනේරුවන් සහ එරටින් පැමිණි ශ්‍රමිකයන්ගෙනි. උත්සවය අවසානයේ ඔහු කෙලින්ම පිටව ගියේ සිංහරාජ වනාන්තරය මැදින් ඉදිවුනු මාර්ගය වීවෘත කිරීම සදහාය. ඉන්පසු ඔහු මාර්ගය අසල තට්ටු සියයක සංචාරක හෝටලයක් තැනීමට මුල්ගල තබන ලදී. එහි විශේෂත්වය වුයේ එම මොහොතට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටිමය.
                       අද දිනය සුවිශේෂී දිනයක් වූ අතර ඉන්පසුව ඔහු ගියේ ශ්‍රීපාද කඳුමුදුනේ සහ  නුවර කෘෂිවිද්‍යාලයක් තිබෙන භුමිවල ඉදිකිරීමට යන සැහැල්ලු ගුවන්යානා බැස්ස වීමට කරන ව්‍යපෘති(වැඩ බිම්) නැරබීම සදහාය. පසුව දහවල් ආහාරය සදහා ඔහු ගියේ මැක්ඩොනල් අවන්හල වෙතයි.
                       දහවල් දවස වැඩිපුර වෙලාවක්  ඔහුට තිබුනේ  විවිධ ගිසුම් අත්සන් කිරීම සදහාය ඒ අතර රටේ විශේෂ ආර්ථික වටිනාකම් ඇති භුමි විදෙස සමාගම් වලට පැවරීම සදහාය. ඒ අනුව ගෝල්ෆේස් ප්‍රදේශයේ ඉතා වටිනා  භූමියක්  ආදී ලෙස විය.අනතුරුව පාසල් ළමුන්ගේ උත්සයකට ගිය ඔහු එහිදීද ඉතා ප්‍රබල කතාවක් කරමින් සිය දැතින් තමන්ගේ පපුවටද වේගයෙන් ගසාගනිමින් ප්‍රකාශ කලේ තමන් මෙන්  මේ රටට  ආදරේ කරන දුදරු පිරිසක් හැදීම දෙමාපියන්ගේ වගකීම බවයි.

                                  
අජන්ත ඉලේපෙරුම