පසුගිය සති අන්තයේ සිට තවත් ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක් ලංකා ආණ්ඩුව විසින් තහනම් කිරීම පිළිබඳව එක්තරා මාධ්‍ය ආයතනයකින් අනුෂ පැල්පිට මහතාට සහ ආරියරත්න ඇතුගල මහතාට කතා කොට ඇති නමුත් ඔහුන් දෙදෙනාම අදාළ ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ, අපිවත් දන්නේ නැහැ ඕව වෙනකම් අන්න අර සේකටරි තමයි වග කියන්න ඕනා කියාය. ඉන් පසු අදාළ මාධ්‍ය ආයතනය ජනමාධ්‍ය අමාත්‍යංශ ලේඛම් ගනේගල මහතාට කතා කිරීමට උත්සහ කළ නමුත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දීමෙන් වැළකී ඇත.
මේ වන විට අදාළ වෙබ් අඩවි තහනම් කිරීම කිසිඳු නිත්‍යානූකූල භාවයකට වලංගු නොමැති අතර ආණ්ඩුව වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක්ද සකස් කොට නැත. එසේම අදාළ වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝඅප්නු සංගමය ඇතුළු රටවල් ගණනාවකින් මේ වන විට චෝදනා එලල් වෙමින් තිබේ.
Post a Comment