විශ්වරුපම් ....

 සටහන 
ශෂිකලා ඩි ජි පුංචිහේවා 

කමල හසන්ගේ විශ්වරුපම් දකුණු ඉන්දියානු සිනමා නිර්මාණයකි . පහුගිය මාසයේ මහත් අන්දෝලයකට පත්ව තාවකාලික තහනමකට ලක්ව , දැනට ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙමින් පවතින්නේ ,එරට මහාධිකරණයෙන් ලත් තීන්දුවට පසුවය .

 හේතුව එය මුස්ලිම් ත්‍රස්තවාදය ඉස්ම්ස්තු කරමින් හා ආගමානු පිළිවෙත් විවිචනයට ලක් වීම යයි . එරට මුස්ලිම් ජනතාව පවසා සිටි . බිල් ලාඩන් ක්‍රියාකාරකම් හා දැඩි අන්තවාදී මුස්ලිම් නීති මේ මගින් නිරූපිත යයි පැවසේ . ඉන්දියානු මුස්ලිම් අයවලුන් මෙම සිනමාපටයට විරුද්දව පෙළපාලි ගියහ , මහජන කලබල බොහොමයක් සිදුවිය .

 නමුත් , මුස්ලිම් ත්‍රස්තවාදය නොව මුස්ලිම් සංස්කෘතිකවාදයට බර වෙමින් කමල හසන් මෙම සිනමාපටය නිපදව ඇති බව එරට අධිකරණය පිලි අරගෙන .තිබුණි ඔහුට එරෙහි වූ වාරණ ඉවත් .විය .

 මුස්ලිම් ආගම මේ වන විට ෂරියා නිතිය නිසා දැඩි විවේචනයට ලක්ව ඇත . ලෝක අප්‍රසාදයට පත්ව ඇත , දැඩි අන්තගාමී නීති වලට විරුද්දව මිනිසුන් නැගී සිටීම ,සාධාරණය .,සමාජ විප්ලවයක අවශ්‍යතාවය මතුව ඇති යුගයකි ,

 එවන් පසුබිමක විශ්වරුපම් බිහිවීම සාධාරණය . අපට අපේ රිසානා නැතිවිය , සුදෙශ්කරන් තවමත් නිදහස පතා සිටි .

 විශ්වරුපම් ශ්‍රිලංකාවේ තිරගත වීමට නියමිතව තිබියදී , මුස්ලිම් නායකයන්ගේ මැදිහත් වීම තුල දැනට තාවකාලික වාරණයකට ලක්ව ඇත . ස්වභාවධර්මයට පිටුපාන්න ෂරියා නීතියට බැහැ . මිනිස් දහම ඉස්ලාම් දහමට වඩා ප්‍රබලව ඇත . අන්ත මතධාරීන් මෙය දැන ගත යුතු වේ . -->