උඩුගම පොලිසිය;- පැට්ටාගේ අවශ්‍යතාවට නිලදාරීන් මැරයින් වේ.



හර්ෂි සි. පෙරේරා

ඔහු නමින් වැලිහේන කන්කානම්ගේ චතුරංග උදය කුමාරය. වයස අවුරුදු 23 කි. අලුත් ඉහල, හොරන්ගල්ල ගෙදර, මාපලගම මද්යම හි පදිංචිව සිටි. 2013.01.27 දින උඩුගම කැටගොඩ හන්දියේ බස් නැවතුම් පොලේ සිටියදී උඩුගම පොලිසියේ සිවිල් ඇදුමින් පැමිණි විජේනායක රාළහාමි ඇතුළු සිවු දෙනෙකු පැමිණ අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට මෙම නිලදාරීන් හෝස් බටයකින්, පොලු වලින් සහ අත් වලින් පහරදී ඇති අතර පසුව ත්රිවිලරයක දමා ගෙන උඩුගම පොලිසියට ගෙන ගොස් ඇත. ත්‍රිරෝද රතයේදීද ඔහුට පහර දී ඇත. පොලිසියට ගෙන ගිය ගමන් ස්ථානදිපතිද පහර දී ඔහුව කුඩුවට දමා ඇත. ඔහුට කෙලින් සිට ගැනීමට නොහැකිව බිම වැටී තිබේ. 

ඔහු මට අමාරුයි කියමින් කෑගසා ඇති අතර ඉන්පසුව ඔහුව උඩුගම රෝහලට ගෙන ගොස් ඇත. වයිද්යවරයාට පොලිස් පහරදීම සහ වේදනාවන් ප්‍රකාශ කලද ඔහු ඒ ගැන වැඩි තැකීමක් කර නැත. ලේ ගලමින් තිබු අත් වල සහ කකුල්වල ඇගිලි වල තුවාල වලට පමණක් බෙහෙත් දමා ඇත. 

2013.01.28 දින දහවල් බද්දේගම මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර ශරීර ඇප මත මුදා හැර තිබේ. ඉන්පසුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුව 2013.01.27 දින සිට 2013.01.30 දක්වා නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශයක් ගෙන ඇති අතර ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරී පරික්ෂා කර තිබේ. 

මෙසේ චතුරන්ගව අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා, වියාජ නඩු පවරා ඇත්තේ විජේනායක රාළහාමිගේ ලගම ඥාතියෙකු වන පැට්ටා නමැති අයගේ අවශ්‍යතාවටය. චතුරංග 2013.01.24 දින පැට්ටා ඇතුළු පිරිසකට එරෙහිව අපරාදයක් සම්බන්දයෙන් පැමිණිල්ලක් කර ඇති බව සදහන් කරමිනි. 

ඔහු 2013.02.05 වැනි දින මෙම උඩුගම පොලිසියේ නිලදාරීන් සිදුකල අපරාදයට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරන ලදී.  -->