ස්ත්‍රී වාදී දේශපාලනය



"ස්ත්‍රී වාදයේ මුලික අරමුණ වී තිබෙන්නේ,  ස්ත්‍රීන්ව දෙවැනි ගනයේ සමාජ පුර
වැසියන් වෙන එක ප්‍රශ්න  කිරීම"
"මං  කියන්න හදන්නේ "ලිංගික වෙනස" කියන්නේ සමාජයේ හැම එකටම බලපාන දෙයක්,.."
"පැහැදිලිවම පිතෘ මුලික සංකල්පය පැහැදිලි කිරිමයි  , පුරුෂාදීපත්‍යයි
කියන්නේ  දෙකක්"

"  ස්ත්‍රීන් කියල කියන්නේ ජීවවිද්‍යාත්මක ප්‍රබේදයක්(category) පමණක් නෙවෙයි. එක ඇවිල්ල අත්පත් කර ගන්න  තියන දෙයක් , අධිපත්‍ය පතුර වන්න තියන දෙයක්  "
"ඉස්ලාම් ආගමේ ගත්තොත් ස්ත්‍රියට දෙන් නැහැනේ  පුද්ගලභාවයක්, එයාට බැහැනේ පුද්ගලයෙක් විදිහට හිතන්න, තීරණ ගන්න දෙන් නැහැනේ."
"ආතතිය තුලින් තමයි විරෝධය දැක්විම එන්නේ. ඒක ඕනම කෙනෙක්ගේ වෙන්න පුළුවන්,අපි හිතමු පංතියක් විරෝධය දක්වනකොට හරි වෙනත්  ජන කොට්ඨාශයක් හරි."
"පිරිමියකුට යම් කිසි ආයතනයකට ඇතුල් වෙලා ඒ ආයතනය තුල යම් කිසි විදිහක  තමන්ගේ පුද්ගල භාවය සාක්ෂාත් කරගැනීමට තිබෙන හැකියාවට වඩා, ස්ත්‍රීයකට එතන අමතර(extra) භාදකයක්(barrier)තියනව, එතකොට ඒ භාදකය  ජය ගැනීම සදහා උත්සහ කරනව. "
"පාලක පවුල් වල අර්බුදයක් ආව වෙලාවක, යම් යම් අවස්ථා වල ස්ත්‍රීන්ට අවස්ථාවක් එනවා,.. මේක තවත් පැහැදිළි කරනවානම්,ලංකාවේ අපි කියනවනේ "අපේ තමයි පලවෙනි අග්‍රාමාත්‍ය වරිය ආවේ" කියල.ඒක වුනේ කොහොමද?...ඒක වුනේ පාලක කණ්ඩායම් ඇතුලේ අර්බුදයක් ඇති වෙනව, අපි කියන්නේ රික්තකයක්(vacuum) ඇති වෙනවා, ඒ  රික්තකය පිරවිමේ තාවකාලික පියවරක් ලෙස එයාව එනව"
"යුද්ධ වලදී ප්‍රදේශ අත් පත් කර ගත්තාම දේපල කොල්ල කෑමට අමතරව සිදුවන  එකක් තමයි ස්ත්‍රීන් දුෂණය විම,.."
"ස්ත්‍රී සමානත්ම වාදය(feminism) කියල කියනව, දැන් අපට මාක්ස් වාදය(marxism) කියල හම්බ වෙනව. ඉතින් ඒ වගේ  මාක්ස් වාදය අපි ධර්මයක්(doctrine) කියල කියමු නමුත් ස්ත්‍රී වාදයේ ඒවැනි පැහැදිළි ප්‍රකාශනයක් නැහැ,.."ස්ත්‍රී වාදය" කියල කිවුවට,.."
"ස්ත්‍රීන් ඉන්නේ දුෂණය කිරිම සදහා  (so they are to be raped), ඒ කියන්නේ ස්ත්‍රී ශරීරය කියල කියන්නේ පිරිමියාට තමන්ගේ  ආධිපත්‍ය පැතිර වීමට තිබෙන භූමියක් අන්න ඒක තමයි ප්‍රදානම දේ . ඒකේ ඉහලම රූපය තමයි ස්ත්‍රී දුෂණය කියල කියන්නේ,"
" යම් කිසි තැනක  ,පීඩනයක් ගෙන දෙනවනම්  සමාජ සම්බන්ද තා වල,..   ඒ ගැටුම පවතින තාක් කල් ඒ  ගැටුම පිළිබද  දේශපාලනයකුත් තියෙනවා.ඒ දේශපාලනය හරහ  ස්ත්‍රීන්ගේ භූමිකාව මොකක්ද කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙනව."
         ස්ත්‍රී වාදී දේශපාලනය, න්‍යායක් ලෙස දැනට දශක කිහිපයකට  පෙර උපත ලැබුවකි. නමුත් මේ පළිබද කතිකාවතේ ඉතිහාසය ශතවර්ෂයක් පමණ අතීතයක් හිමි කරගනු ලබන්නකි.  කෙසේ නමුත්  ස්ත්‍රී වාදී දේශපාලනයේ  ප්‍රතිමානයන්   ස්ථාන ගත වීම,   ලංකේය සමාජ දේශපාලනය තුලද  අඩු වැඩි වශයෙන්  හදුනා ගැනීමට ලැබෙන්නකි. විශේෂයෙන් මේ පිළිබද ප්‍රමාණික ලෙස සංවාද ගත විමට අවශ්‍ය සමාජ භාරයද ඉහල අගයන් අත් පත් කර ගනිමින් සිටි.  ඒ  අනුව  ස්ත්‍රී වාදී දේශපාලනය සහ එහි විකාශනයේ සිට නුතනය දක්වා, අප සංවාදයකට එලබුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ  අචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සහ අචාර්ය ජානකි ජයවර්ධන  සමගයි.
                                තත් කාලින දේශපාලන පරිසරයේ අචාර්ය තුමන් හිමි කරගෙන තිබෙන වටිනාකම, මෙම මාතෘකාව එතුමන් ඉදිරියේ සංවාද ගතකිරීමට සුදුසු කමක් යැයි සිතු අතර, ඒ හා සමගම අචාර්ය තුමියගේ අදහස් මෙම මාතෘකාට වඩා පුලුල් හා සාදාරණ වට පිටාවක් නිර්මාණය කර දුන් බව අපේ පිළිගැනීමයි
අචාර්ය නිර්මාල් රන්ජිත්
අචාර්ය ජානකී ජයවර්ධන



  ලංකා  ගාර්ඩියන් -  ප්‍රවේශයක් ලෙස අචාර්යතුමිය , කුමක්ද ඔබ තුමියගේ
කියවිම ස්ත්‍රී වාදී දේශපාලනය යනු  කුමක්ද?  සහ එහි විකාසනයේ පසුබිම
පිළිබද


අචාර්ය  ජානකි -  ඉතා සරලව සදහන් කිරනවානම් ස්ත්‍රී වාදය පිළිබද විවිධ
අදහස් තියෙනවා, මුලිකව තිබෙන අදහසක් තමයි "සමතැන ඉල්ලනව " කියන එක , ඒ
සමතැන ඉල්ලීම හුගක් අය තේරුම් ගන්නවා පිරිමින් හා සමානව ජීවත්වීමට ඉල්ලන
අයිතිය කියල, නමුත් මම දන්න ස්ත්‍රී වාදය තුල  සමතැන කියන එක කියනව, ඒ
කියන්නේ ස්ත්‍රීන්ට සමාන තත්වයක් ලැබිය යුතුයි කියන එක පුරුෂයන්ට හා
සමාන, නමුත්  එයින් අදහස් කරන්නේ පිරිමි වගේ ජිවත්වෙන්න කියන එක නෙවෙයි.
                    ඔවුන් ගේන  තර්කය තමයි,... දැන් අපේ මුලික පිළිගැනීම තමයි සමාජයේ ඉන්නේ
ලිංග වර්ග  දෙකයි කියල,  ගැහැණු සහ පිරිමි එමෙන්ම ඉලග පිළිගනිම තමයි  යම්
කිසි සමාජයක් පවතින්නට මේ වර්ග දෙකම අත්‍යවශ්‍යයි කියන එක. ඉතින්  එක
වර්ගයක් නැති උනොත් සමාජ  පැවැත්මට,...එය   ප්‍රශ්නක්  ඇති වෙනවයි කියන එක.
එහෙමනම්,...  වර්ග දෙකම  සමාජ පැවැත්මට අවශ්‍යයි නම්, ඇයි එක්
සමාජ  වර්ගයකට පමණක්  වැඩි වටිනාකමක් දෙන්නේ සමාජයේ  කියන එක.  ඒ
කියන්නේ පිරිමි අයට පමණක්. එමනිසා  එතනින් කථා කරන්නේ පිරිමින් හා සමානව
ජීවත්වීම කියන එක නෙවයි,.."සමාන සමාජ වටිනාකමක් ලැබිම" කියන එක. ඒ අනුව
ස්ත්‍රී වාදයේ මුලික අරමුණ වී තිබෙන්නේ, "ස්ත්‍රීන්ව දෙවැනි ගනයේ සමාජ පුර
වැසියන් වෙන එක ප්‍රශ්න  කිරීම". ඒ අයත් සමාන සමාජ වටිනාකමක් ඇති
කණ්ඩායමක් බවට පත් විය යුතුයි කියන එක.
                           

   එහි ඉතිහාසය ගැන බැලීමේදී විවිධ
යුග වලදී මෙය සංවාද ගත වෙනවා. ස්ත්‍රී වාදය කියන පදය (වචනය) භාවිතයට
එන්නේ විසිවන සියවසේ දී,.. ප්‍රංශයෙන් තමයි හදුනා ගැනිමට ලැබෙන්නේ. ඊට
කලින්  දාසය වන සියවසේ යුරෝපයේ කතා කරනවා ස්ත්‍රී ව්‍යාපාර පිළිබද,
අයිතිවාසිකම් දිනා  ගැනීමට සිදු කරනු ලබන. දේපල අයිතිය, අධ්‍යාපන අයිතිය
වැනි අයිතිවාසිකම් ඉල්ලා සිදුකරන ව්‍යාපාර නැත්නම් අයිතිවාසිකම්  පිළිබද
ව්‍යාපාර.  ඉන්පසු විසිවන සියවස මුලදී හදුනාගනු ලබන දෙය තමයි යම් යම්
අයිතිවාසිකම් දිනා ගත්තු  පමණින්, සමාන සමාජ වටිනාකමක් ලැබෙන් නැහැයි
කියන කාරණය. එතනදී තමයි අපි පුරුෂාදීපත්‍ය පිළිබද කතා කරන්නේ. පිරිමි
අධිපති වීම පිළිබද,..විශේෂයෙන් පිතෘ මුලික භාවය (PATRIARCHAL) පිළිබද නෙවෙයි.
පැහැදිලිවම පිතෘ මුලික සංකල්පය පැහැදිලි කිරිමයි,.. පුරුෂාදීපත්‍යයි
කියන්නේ  දෙකක්.   පිතෘ මුලිකයි කියද්දි එයින් අදහස් කරනේ මුලිකව  පියාට
මුල් තැන ලැබිම. ඒ අනුව පියා   යටතේ සෙසු පිරිමින්  සහ ගැහැණුන්  ජිවත්
විම.  පුරුෂාදිපත්‍ය කියුවම ඒක ඊට වඩා පුළුල් වෙනවා, ඒ කියන්නේ
ගැහැණුන්ට වඩා පිරිමින්ට අධිපති බලයක් හිමි වෙනවයි කියන එක. නමුත්
පුරුෂාදිපත්‍ය සංකල්පයක් විදියට තිබෙන ධුරාවලිය,.. ගැහැණුන් සහ පිරිමින්
අතර තිබෙන මේ ධුරාවලිය විස්තර කිරිමට යාමේ දී එහි ගැටළු මතු උනා, එත් සමග
සිදුවන ඉලග දේ තමයි හතලිස් ගණන් වලින් පසු පටන් ගන්නවා සංස්කෘතිය ප්‍රශ්න
කිරිමට.  ඉට කලින් අපට දක්නට ලැබෙන් නැහැ  සංස්කෘතිය ප්‍රශ්න කිරිමක්,මෙත්
සමග හැට හැත්තා  ගණන් පමණ වෙද්දි  අපි කතා කරන්න පටන් ගන්නවා ස්ත්‍රී
පුරුෂ සමාජ භාවය පිළිබද,එය සිදු වෙන්නේ මෙම  සංස්කෘතිය ප්‍රශ්න කිරිම
හරහා සිදු කරන සමාජ විද්‍යාත්මක අද්ධයන තුලින්.මේ අනුව හදුනා ගන්නවා,
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තමයි අවශ්‍ය වෙන්නේ මේ සමාජ ධුරා වලිය පවත් වා  ගෙන
යාමට, එමෙන්ම  සමාජ සංවිධානය සදහා මේ වෙනස පවත්වා ගැනීම  අත්‍යාවශ්‍ය බව.
                          මේ කාරණය විවිධ අය විවිධ ලෙස විග්‍රහ කරනව, භෞතිකවාදී ස්ත්‍රී වාදීන්
ගත්තොත් ඔවුන් කතා කරනවා සමාජ ව්‍යුහ සමග ඒ කියන්නේ සමාජ ව්‍යුහ වල තියෙන
ධුරාවලිය පවත්වා ගැනීම,තව අය කතා කරනවා භාෂාවේ මේක ගොඩ නැගෙන ආකාරය
පිළිබද. සමහරෙක් කතා කරනවා එදිනෙදා ජිවිතයේ අපි කොහොමද මේක කරන්නේ කියන
එක. නමුත් අවසානයේ පැමිණෙන තැන තමයි ගැහැණු සහ පිරිමි වීම කියන එක
ස්භාවික නැහැ කියන තැන. හුගක් අය තේරුම් ගන්නවා ජීවවිද්‍යාත්මක වෙනස මත
පදනම්ව,... ඒක උඩ සමාජ සහ සංස්කෘතික පැටවුමක් තියනවයි කියන එක. ඒ කියන්නේ
ස්භාවයෙන් ගැහැණු සහ පිරිමි කියන්නේ වෙනස් දෙකක්,  ඒ දෙකට වෙනස් භූමිකාවන්
(ROLE) දෙකක් තියනවයි කියන එක.නමුත් ඒක එහෙම නෙමේය කියන අදහස එනවා, ඒ
කියන්නේ ජිවවිද්‍යාත්මකව වර්ග කිරිම (CATEGORIZE)  ස්භාවික නැහැයි කියන එක. ඒ
අනුව  ගැහැණු සහ පිරිමි අය අතර තිබෙන වෙනස් කම් වලට වඩා සමාන කම් වැඩි
කියන අදහස එනව.  නමුත් "ජීවවිද්‍යාත්මකව වෙනස්ය" කියන මතය,.. මත ඉන්න නිසා
සමාජීයව අපි වෙනස් කියන වර්ග කිරිම (CATEGORIZE) හැදෙන්නේ සහ ඒ භූමිකාවන් තීරණය වන්නේ කියන එක.
මෙන්න මේ ප්‍රශ්න කිරිම උඩ අප තේරුම් ගන්නවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට
අනුව  කොහොමද මේ වෙනස  හැදෙන්නේ කියන එක. ඔය වැනි පෙළ ගැසීම් හරහා තමයි  මෙය විකාශය වෙන්නේ. 
 ලංකා  ගාර්ඩියන් - ආචාර්ය තුමනි, ස්ත්‍රී වාදී දේශපාලනයේ ප්‍රකාශන ස්වරුපය කෙසේද අපට හදුනා  ගත හැකි වන්නේ

අචාර්ය නිර්මාල්-
මෙහෙමයි ජානකි කිවුවා වගේ "පිතෘ මුලික" කියන එක කියනවා. ඉට  අමතරව  විකාසනය  වි තිබෙනව, ස්ත්‍රීන් සහ පිරිමින් අතර යම් විදියක විබෙදනයක් ඇති විම තුලින්, මේ විබෙදනයට ධුරාවලියක්(hierarchy) හම්බ  වෙලා තියෙනව,... ඒ කියන්නේ මේක ධුරාවලියක් කියල කියන්නේ.
                         අපි  මුලින් බැලුවොත්  මේවායේ  ප්‍රාථමික තත්වයන්,.. දැන් පවුල ගත්තොත්,.. පවුල ඇති වෙනකොට විශේෂයෙන් ළමයි බිහි විමෙන් පසු ළමය  රැක බලා ගත යුතුයිනේ  (protect)   අවුරුදු කිහිපයක් යනකම්. දඩයම් කිරිමට යාමේ දී එහෙම  දරුවටත් මවටත් රැකවරණයක් ලබාදිය යුතුයිනේ යම් කිසි කාලයක්, එතකොට ඒ කාලයට දඩයමේ යාමට  බැහැනේ.  ඒ අනුව ඒක ඇතුලෙ යුගලය කියන එකට යම් පසුතලයක්  (background) තියනවයි කියල  කියමු, ඒක ඇතුලේ යුගල පවුලක් හැදෙනවා,( යුගලයක් හැදෙනවා). මේක ඉන් පස්සේ  විකාසනය (evolve) වෙනවනේ . දේපල එක්ක, බලයත්  එක්ක, යුද්ධ එක්ක මෙය විකාසනය වනව,දැන් මේ  ජීවවිද්‍යාත්මක සංසිද්ධියට  ලැබෙනවා සමාජීය සංකෙතාත්මක  අර්ථයක්. ඒ අනුව ස්ත්‍රීන් කියල කියන්නේ ජීවවිද්‍යාත්මක ප්‍රභේදයක්(category) පමණක් නෙවෙයි. ඒක ඇවිල්ල අත්පත් කර ගන්න  තියන දෙයක් , අධිපත්‍ය පතුර වන්න තියන දෙයක් මේ අයුරින් ස්ත්‍රී පුරුෂ භේදය කියන එකට තියනව ධුරාවලියක්. දැන් මෙහෙම හිතමු මෙතන ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ඉන්නවනම් ඒ  වෙනස තිබෙන්නේ සමාන තල වල නෙවෙයි, උඩ යට තිබෙන එකක්. මේ ධුරාවලිය ගත්තොත් යට ඉන්න අය මත තිබෙනවානේ පීඩනයක් මොකද ධනය මේ සියල්ල රැස් වන්නේ උඩ ඉන්න අය තුල,  ඒ පමණක් නෙවෙයි ස්ත්‍රීන් කියල කියන්නේ පිරිමින්ගේ සුරක්ෂණය(protection) යටතේ  ඉන්න අය සහ ඒ අයව  යටත් කර තබා  ගත යුතු පිරිසක්, ඒ අනුව ඒ අයට පුද්ගලභාවයක් තියනවයි කියන එක පිළිගන් නැහැ. අපිට ඕක ගොඩක් පෙන්න තියෙනවනේ, දැන් ඉස්ලාම් ආගමේ ගත්තොත් ස්ත්‍රියට දෙන් නැහැනේ  පුද්ගලභාවයක්, එයාට බැහැනේ පුද්ගලයෙක් විදිහට හිතන්න, තීරණ ගන්න දෙන් නැහැනේ. දැන් මේකේ තිබෙන ලිංගිකමය(gender) ස්වරුපය,  පිරිමියාටත්  එහෙම තියෙනව ඒ කියන්නේ නීති රීති වලට අනුමත වීම්, නමුත් මේ අනුමත වීම් සියල්ල සකස් වී තිබෙන්නේ ලිංගිකමය වෙනස(gender deference) උඩ. එතකොට අපි හිතමු දැන් මේක ඇතුලේ පුද්ගලභාවය ප්‍රතික්ශෙප කිරීම තියනවනේ ස්ත්‍රීන්ට, නමුත් මෙහිදී ස්ත්‍රීන් කියල කියන්නෙත් හිතන්න පුළුවන් සහ හිතන,...ක්‍රියා කරන  පිරිසක් නේ. මෙන්න මේ හිතන්න පුළුවන් කමයි ඒ හිතීම සහ ඒක ක්‍රියාත්මක කිරීමට තියන හැකියාව පාලනය කිරීමයි අතර තියනවනේ යම් කිසි ආතතියක්,මම යෝජනා කරන්නේ මෙන්න මේ ආතතිය තුලින් තමයි විරෝධය දැක්විම එන්නේ. ඒක ඕනම කෙනෙක්ගේ වෙන්න පුළුවන්,අපි හිතමු පංතියක් විරෝධය දක්වනකොට හරි වෙනත්  ජන කොට්ඨාශයක් හරි. ඒ වගෙ  මෙතන දීත් සිදු වන්නේ, පුද්ගල භාවය ප්‍රතික්ෂේප කරනු ලැබූ කොටසක්, ඒ තමන්ගේ  පුද්ගල භාවය සාක්ෂාත් කර ගැනීම සදහා කරනු ලබන මැදිහත් වීමක්.එතකොට මේ මැදිහත් වීම විවිධ තැන් වල එන්න පුළුවන්, එක විවිධ ප්‍රකාශන විදිහට එන්න පුළුවන්. 
                           උදාහරණයක් විදියට ගමු බෞද්ධ සාහිතයේ කියවෙන භික්ෂුණි ශාෂණය ඇති කිරිම පිළිබද ප්‍රශ්නය, ඒ කතන්දර ටික ගත්තොත් ඒ අයට සිද්ද  වෙනවනේ සංවාදයකට යන්න.ඒ අනුව මේ පිළිබද සංවාදයක් තියනවා.  බුදු හාමුදුරුවෝ ගත්තයි කියන ස්තාවරයක් තියනව, කෙසේ නමුත් මේ ගැන නොයෙක් නොයෙක් සංවාද තිබෙනවා.මේ තොරතුරු අර්ථකථනය කරන්නේ කොමද කියල දැන් මං ඒ වාදයට යන්න කැමති නැහැ. නමුත් එතන පේනවනේ මත භේදයක්(issue) තිබුනයි කියල, බුදු හමුදුරෝ කිවයි,.. කියනවා වෙනත්  ශාශන වලත් එහෙම නැහැයි කියල.මහාවිර ශාශනය එහෙම සදහන් වෙනවනේ. නමුත් එතන ප්‍රජාපති ගෝතමී වගේ අය ඒ  වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින්(campaign) එය ලබා ගන්නව. දැන් එතන තියෙන්නේ, පිරිමියකුට යම් කිසි ආයතනයකට ඇතුල් වෙලා ඒ ආයතනය තුල යම් කිසි විදිහක  තමන්ගේ පුද්ගල භාවය සාක්ෂාත් කරගැනීමට තිබෙන හැකියාවට වඩා, ස්ත්‍රීයකට එතන අමතර(extra) භාදකයක්(barrier)තියනව එතකොට ඒ භාදකය  ජය ගැනීම සදහා උත්සහ කරනව. ඉතින් මේක මේ වගේ බහුලව  සිදු  වෙලා තිබෙනවා, මං දැන්  සදහන් කලේ  බෞද්ධ සාහිතයේ තිබෙන එක අවස්ථාවක්.  ඊට පස්සේ දැන් ඔය නවීන සමාජ වල පවා තිබෙනවා.
                               මෙන්න මේ හැකියාව පුර්ව නුතන සමාජ වල අහුරල තිබෙන්නේ, ඒ කියන්නේ ඒක ස්ත්‍රින්ට පමණක් නෙවෙයි පොදුවේ  පහළ ඉන්න සමාජ  කොටස් වලට මේක  ප්‍රකාශ වෙන්න දෙන් නැහැ. විවිධ ප්‍රභූ අරගල වල එහෙම ඔය තත්වය දක්නට ලැබෙනවා ඒ කියන්නේ කාරකත්වයට  ඒම  සදහා දරන  උත්සහයන්.  උදාහරණ විදිහට ලංකාවේ "සුගලා"  වගේ අය, විවිධ බිසෝ වරු. එමෙන්ම පිරිමි නාමකරණයන් එහෙමත් තියෙනවා උදාහරණ විදියට "අනුලා බිසව " පිළිබද කතාව, විහාර මහ දේවියගේ කතාව. මෙවැනි කථා තුලින් කියවෙන දේ තමයි,.. ස්ත්‍රීන්ට අවශ්‍ය වෙලා තිබෙනවා තමන්ගේ පුද්ගලභාවය සාක්ෂාත් කර ගැනීමට.හැබැයි එක තිබිල තියෙන්නේ අරගලයක් ඇතුලේ විතරයි,ඒක  තත්වයක්(condition) නෙමෙයි. උදාහරණයක් විදිහට පාලක පවුල් වල අර්බුදයක් ආව වෙලාවක, යම් යම් අවස්ථා වල ස්ත්‍රීන්ට අවස්ථාවක් එනවා,.. මේක තවත් පැහැදිළි කරනවානම්,ලංකාවේ අපි කියනවනේ "අපේ තමයි පලවෙනි අග්‍රාමාත්‍ය වරිය ආවේ" කියල.ඒක වුනේ කොහොමද?...ඒක වුනේ පාලක කණ්ඩායම් ඇතුලේ අර්බුදයක් ඇති වෙනව, අපි කියන්නේ රික්තකයක්(vacuum) ඇති වෙනවා, ඒ  රික්තකය පිරවිමේ තාවකාලික පියවරක් ලෙස එයාව එනව.ඒක නැති වෙලා ගියායින් පසු නැවත සුපුරුදු ක්‍රියාවලියම(dominant order) සිදු වෙනව. ඒ නිසා මේ ප්‍රතිචාර දැක්වීම ඇවිල්ල තියෙනවා, සාමාන්‍යයෙන් ඔය නවීන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව සමග තමයි මේවා ඇවිල්ලා තියෙන්නේ.එතකොට ඒවා කම්කරු ව්‍යාප‍ර වෙන්න පුළුවන්, චන්ද බලය ලබා ගැනීම වෙන්න පුළුවන්, අධ්‍යාපන  අයිතිය ලබා ගැනීම වෙන්න පුළුවන්, ඔන්න ඔය වගේ මේ කාරනේ විවිධ පැති වල තියනවා. අපිට ගොඩක් දකින්නට පුළුවන් මේවා ප්‍රකාශයට පත් වෙනවා  යුද්ධ පරිසරයන් වල මොකද යුද්ධයේ දී වැඩිපුරම අතවරයට ලක්වෙන්නේ කාන්තාවන් හා ළමයින්නේ. යුද්ධ වලදී ප්‍රදේශ අත් පත් කර ගත්තාම දේපල කොල්ල කෑමට අමතරව සිදුවන  එකක් තමයි ස්ත්‍රීන් දුෂණය විම,.. ඒක වෙන එකක්.  ඒ වගේ විනාශයට(victim) පත් වුවන් සිටිනවා, එහෙම උනාම ඒ පිඩාවට(victimization) එරෙහිව නැගී සිටීමක් වෙනව. මෙන්න මේ වගේ අපට ගොඩක් අවස්ථා හොයා ගන්න පුළුවන් ස්ත්‍රීන්ගේ කාරකත්වය කියන එක  ප්‍රකාශයට පත් කරන.
 ලංකා  ගාර්ඩියන් - අචාර්ය තුමිය, මොකක්ද  ස්ත්‍රී වාදයේ තිබෙන  අරමුණු, ඔවුන් සදහන් කරන පැහැදිලි අරමුණක් හෝ දිනා ගැනීමට අපේක්‍ෂා කරන ඉලක්ක තිබෙනවද?

අචාර්ය  ජානකි -
 ඔතනදි නිර්මාල් කියන එකට ඕක සම්බන්ද කරන්න පුළුවන්. දැන් මෙහෙමයි ස්ත්‍රී සමානත්ම වාදය(feminism) කියල කියනව, දැන් අපට මාක්ස් වාදය(marxism) කියල හම්බ වෙනව. ඉතින් ඒ වගේ  මාක්ස් වාදය අපි ධර්මයක්(doctrine) කියල කියමු නමුත් ස්ත්‍රී වාදයේ ඒවැනි පැහැදිළි ප්‍රකාශනයක් නැහැ,.."ස්ත්‍රී වාදය" කියල කිවුවට,...පළවෙනි දේ තමයි  ඔන්න ඔය  කාරණය.
                        ස්ත්‍රී  වාදය තුල පිළිගන්න එකක් විදියට මම දකිනවා "වෙනස පිළිබද දේශපාලනය " ( politic of difference) සහ  හැට ගණන් වල මතු වන "පුද්ගල භාවය කියන්නෙත් දේශපාලනය" කියන එක.  එක පැත්තකින් ගත්තොත්, බටහිර  දේශපාලන න්‍යාය කරණය පුරුෂාදී පති ආකාරයේ  න්‍යාය කරණයක් වීම,  කියන එක විවේචනය  තුලින් තමයි  ඕක එන්නේ. ඒ කියන්නේ ලිබරල් හෝ සමාජවාදී හෝ  තියෙන  සෑම දේශපාලන ධර්මයක්ම  පුරුෂ මුලිකයි කියන එක. ඒක ඇතුලේ පුරවැසි භාවය(citizen),ප්‍රජාව ගැන කියද්දී ගැහැණු අය කියන්නේ ආන්තීක කරණය වන, හැලෙන කොටසක්ය  කියන එක.මොකද ඒ ගොල්ලන් සමාජයේ පොදු කටයුතු වලට අයිති නැති කොටසක්ය කියල හිතන එක. එතකොට  ඒක ගේනවා ස්ත්‍රී වාදීන්, මොකද පවුල කියන්නෙත් දේශපාලනය, ඒක බලය පවත් වා ගන්නා ස්ථානයක් කියන එක. තවදුරටත්  බැලුවොත් මෙහිදී අපට දකින්නට ලැබෙනව "වෙනස පිළිබද දේශපාලනය " ( politic of difference) කියන එක. ඔවුන් කියපු දේ  තමයි, මධ්‍යම පාන්තික ගැහැණුන්ට බැහැ,... (අපි උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය ගමු) කලු ජාතික ගැහැණුන්ගේ  අද්දැකීම එක්ක සමාන වෙන්න. මොකද ඒ ගොල්ලන්ගේ අද්දැකීම වෙනස් වෙනව, දැන් අපි කියමු කලු ජාතික වහල්(කලු ජාතික ගැහැණියක්) ගැහැනියක් කියල කියන්නේ ඇය  පුරුෂාදීපත්‍යට පමණක් නෙවේ, වර්ග වාදයටත් යටත් වෙල හැදෙන කෙනෙක්. ඉතින් එවිට මතු වූන අදහස තමයි,අපිට සමුහයක් හැටියට එකතු වෙල, එක අපේක්ෂාවකට(goal) පැමිණීම (විශේෂයෙන් මෙහිදි විප්ලවයක් කිරීම  කියන අදහසක් නැහැ) තුලින් "සමාන සමාජ වටිනාකමක් ලබා ගැනීම" කියන එක,..මෙන්න මෙය තමයි ප්‍රදාන කාරණයක් විදිහට මම දකින්නේ. ඒ වගේම මේක මතු වෙනව "සමානාත්මතාවය" ,"ස්ත්‍රීන්ගේ විමුක්තිය","සම අවස්ථා ලැබීම" මේ මේ විවිධ දේවල් වලින් කිවුවත් මේකේ අවසාන අරමුණ ගත්තාම "සමාන සමාජ වටිනාකමක් ලබා ගැනිම" කියන එක තමයි. නමුත් මේක සම්බන්දව ක්‍රියාත්මක වීමේදී,.. අපි කියමු උදාහරණයක් විදිහට විප්ලවයක් කරනවද, දේශපාලන පක්ෂයක් පිහිට වනවද කියන එක දකින්න ලැබෙන් නැහැ. ප්‍රදානවම ස්ත්‍රී වාදී දේශපාලනය තුල දකින්න ලැබෙන උපාය මාර්ගික  වෙනස  ඒක තමයි.
                           ඊළගට එකේ තව දෙයක් තමයි නිර්මාල් කිව වගේ,  ගැහැණුන්ගේ අද්දැකීම්  එහෙම නැත්නම් ධුරාවලි ගත විමේ ස්භාවයේ තියෙනවා  සමාජයෙන් සමාජයට වෙනස් කම්. ඒක සමාජයට අනුව, සංස්කෘතියට අනුව, භූගෝලීය කලාපයන්ට අනුව වෙනස් වෙනවා, ඒක ඇතුලේ ඒ ගොල්ලන්  ඒක සමග ගනුදෙනු කිරීම සදහා නිරත වන දේශපාලනයේත් වෙනස්කම් තියෙනවා. ඉතින් මෙන්න මේකත් සමග තමයි ස්ත්‍රී වාදී දේශපාලනය කියන එක සකස් වෙලා තියෙන්නේ.මෙහිදී අන්තිම අපේක්ෂාවක් කියල එකක්  කියන්නේ නැහැ,.. නමුත් ප්‍රදානම දේ තමයි  මෙන්න මේ   සමාන සමාජ වටිනාකමක් ලබා ගැනිමට නම්,... "සමාජය වෙනස් කල යුතු දේශපාලනයකට යා යුතුය"  කියන  එක. එතකොට කතා කරන්නේ සමාජය වෙනස් කිරීමේ දේශපාලනයක්, ඒක ඇතුලේ  ප්‍රදාන දේශපාලන  ධාරාවේ තියෙන උපාය මාර්ග වලින් ඔවුන් ඈත් වෙනව. 
 අචාර්ය නිර්මාල්-  සමාජ වෙනස් වීම කොහොමද ස්ථාන ගත කරන්නේ කියල කීවොත්,..ලිංගිකත්වය කියන එක ස්ත්‍රින්ව පිඩනයට පත් කරන්න තිබෙන එකක් පමණක් නෙවෙයි. ඒක මේ සමාජය පොදුවේ ගොඩ නැගිල තියෙන විදිහක්, සමාජය සංවිදාන ගත වෙල තිබෙන ක්‍රමයක්. දැන් මේක ගැහැණු අයට සලකන්නේ කොහොමද කියල ඉගැන්නුවා කියල හරියන එකක් නෙවෙයි.උදාහරණයක් විදිහට ඉන්දියාවේ තියෙන්නේ ප්‍රසිද්ද ස්ථාන වල ස්ත්‍රින්ව දුෂණය කරනවා,..විජේරාම හන්දියෙත් සිදු කරල තිබුනේ, අන්න ඒ වගේ   මෙන්න මේක  නීති දැන්ම කියල, දඩුවම් වැඩි කලා  කියල  වැඩක් නැහැ ස්ත්‍රීන් ඉන්නේ දුෂණය කිරිම සදහා  (so they are to be raped), ඒ කියන්නේ ස්ත්‍රී ශරීරය කියල කියන්නේ පිරිමියාට තමන්ගේ  ආධිපත්‍ය පැතිර වීමට තිබෙන භූමියක් අන්න ඒක තමයි ප්‍රදානම දේ . ඒකේ ඉහලම රූපය තමයි ස්ත්‍රී දුෂණය කියල කියන්නේ,  පිරිමියා හිතන්නේ ස්ත්‍රියව ජයග්‍රහණය කිරීමේ අවසානම ක්‍රමය එය  බව.
                            මං  කියන්න හදන්නේ "ලිංගික වෙනස" කියන්නේ සමාජයේ හැම එකටම බලපාන දෙයක්,.. එක මේ ස්ත්‍රී පුරුෂ සම්බන්දයට විතරක් නෙවෙයි. එක දැන් අපි අපි,.. පිරිමි පිරිමිම කතා කරන විදිහටත්,හිතන විදිහටත්,..ආයතන හැදිලා තියේන විදිහටත්,විශ්වවිද්‍යාල හැදිලා තියෙන විදිහ, නිවාස ඉදිකර තිබෙන විදිහ(ගෘහා නිර්මාණ ශිල්පය), එහෙම නැත්නම් වාහන නිර්මාණය කරල තියන විදිහ,.. උදාහරණයක් විදිහට යතුරු( පැදි නිර්මාණය කරල තියෙන විදිහ.ඒ වගේ හැම එකටම බලපාන දෙයක්, මේක වෙනස් කරනව කියන එක,...... පාර්ලිමේන්තුවට කොටා එකක් ගැනීම, ස්ත්‍රී දුෂණ වලට  මරණිය දණ්ඩනය නියම කිරීම ඒ වගේ දේවල් වලින් කරන්න පුළුවන් ඒවා නෙවෙ. මේක ඇවිල්ල සමාජය සම්බන්දයෙන් කරන්න විප්ලවීය වෙනසක්,..අන්න එතනින් තමයි මේක සදාරණි කරණය වෙන්නේ.

ලංකා ගාර්ඩියන්-  අචාර්ය තුමනි, මේවන විට ස්ත්‍රී වාදී දේශපාලනය ලබා ගත්,.. හිමි කර ගනු ලැබූ විශේෂ ජයග්‍රහණ තියනවද?

අචාර්ය නිර්මාල් -
ඒ ප්‍රශ්නේ මං හිතන් නැහැ එතරම් වටිනාකමක් තියනව කියල,.... දැන් මේහෙමයි....දැනට ස්ත්‍රීවාදී දේශපාලනය ලබාගෙන තියන ජග්‍රහණය තමයි, ඒක දැනට සැලකිය යුතු සමාජ  කතිකාවතක් බවට පත් වෙලා තිබෙනවා.

අචාර්ය  ජානකි -  ඔය ප්‍රශ්නෙදි අකාර දෙකක් තියනවා,.. එකක් තමයි සමාජ ව්‍යාපාරයක් විදිහට විසිවන සියවසේදී හා විසිඑක්වන සියවසේදී සැලකිය යුතු තරම්  දේවල් ප්‍රමාණයක් අත්පත් කරගත් ව්‍යාපාරයක් විදිහට ස්ත්‍රීවාදී ව්‍යාපාරය හදුන්වන්න පුළුවන්.ගොඩක් නීතිමය ප්‍රතිසංස්කරණ ලබාගෙන තිබෙනවා,.. ඔය දේපල අයිතිය ලබා ගැනීම හරි, රැකියා වල නියුක්ත වෙන්න හරි, අධ්‍යාපනය ලබා ගැනීම හරි, සෞකය සම්බන්දව  හරි,.... එකක් තමයි ඒක.
                           අනික තමයි ඇති කරල  තියනව ලෝකයේ,.. මෙහෙම ධුරාවලි ගත සමාජ සම්බන්දතාවයක්  නිසා  ස්ත්‍රිය පිඩනයට ලක් වී සිටිනවයි කියල. ඒ වගෙම  නිර්මාල් කිවුව වගේ ඒ පිළිබද සැලකිය යුතු කතිකාවතක් ඇතිකරල තියනව. ඊළගට ඒක විශ්වවිද්‍යාල වල උගන්වන ප්‍රදාන ධාරාවක් වෙලා තිබෙනවා. මෙහෙම ගත්තාම විශාල දේවල් ප්‍රමාණයක් අත්පත් කරගත් දෙයක් කියල පේනවා අපිට. නමුත් මුලිකව අපි  අර පළවෙනි ප්‍රශ්නයටම  යනව, ස්ත්‍රීවාදය තුල දිගටම අහපු  මෙවැනි දේ අත්පත් කර ගත්ත පමණින් සමාජය වෙනස් වෙනවද කියන එක. ඒක වෙනස් කරන්න නම් වෙන්න ඕන  ප්‍රදාන කාරණාවක් තමයි,.. මම හිතන්නේ අර,...ස්ත්‍රිය සහ පුරුෂයා කියල වර්ග දෙකක් ඉන්නවාය කියන  මතය සහ ඊලගට  ඒ දෙක මත සමාජය සංවිදානය වනවාය කියන එක, ඒක ස්භාවික දෙයක්ය  කියන එක ප්‍රශ්න කිරීම. ඒ ප්‍රශ්න කිරීම සිදුවෙනව,.. හැබැයි  මම දන්නේ නැහැ  ඒක කොයි තරම් දුරට සමස්ථව මිනිස්සු කොතෙක්  තේරුම් ගන්නවද කියල.

ලංකා ගාර්ඩියන් - මට දැන ගන්න අවශ්‍ය කාරණය තමයි ඔය ක්‍රියාවලිය හරහාද මේ වන විට ලෝකයේ විවිධ  ස්ථාන කරා ස්ත්‍රීය පැමිණ තිබෙන්නේ,.. මෙහි පසුබිමක් තියනවද  කියන එක.

අචාර්ය නිර්මාල් -
නැහැ නැහැ එහෙම වෙන්න ඕන නැහැ අනිවාර්යයෙන්ම,,........

අචාර්ය ජානකි -  දැන් ඕක අර නිර්මාල් කීව වගේ කල්‍යාණවති රැජින පත් වූනේ ස්ත්‍රී වාදය තියන කාලයක නෙමෙයි නේ. එහෙම නැත්නම් එංගලන්තයේ එලිසබෙත් රැජින පත් වෙන්නේ,,..  ලෝකයේ විශාලතම අධිරාජයක හිමි කාරිණිය  වෙන්නේ ස්ත්‍රී වාදය නිසා නෙවෙයි.  ඒවා තියනවා අපිකියමු දැන් අපේ පීඨාධිපති(dean)  වෙද්දී ඒ එයාගේ කුසලතාව(merit)  එක්ක. ඉතින් දැන් මෙතන තහංචියක් නැහැ. 
 අචාර්ය නිර්මාල්- ඒක ඇවිල්ලා ලිංගික මතවාදයේ(gender ideology) පැවැත්ම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකුත්  නෙවෙයි. උදාහරණයක් විදිහට කාට හරි කියන්න බැහැ සිරිමා බණ්ඩාරණායක අගමැති වීම,  ලංකාවේ  කාන්තා විමුක්තියේ උපරිම ස්ථානයක් කියල.

අචාර්ය ජානකි-  ඔව්,,.ඒක හරි  යටත් විජිතය හා අධිරාජ්‍ය අතර තිබුන  සම්බන්දය බලපෑම් කරනවයි කියල ගැහැණු සහ පිරිමින්ගේ  අතර තියෙන ඒ ධුරාවලිය ( hierarchy order)  හදන්න. ඉලගට තව කොටසක් ඉන්නව අපි  ස්භාවික කොටසක් කියලා නොපිලි ගන්න,  ඒ කියන්නේ දැන් සමලිංගිකයන් කියන අය. එවැනි අය මතු වෙනකොට අපිට පේනවා මේ ආන්තික කරණය තුල තිබෙන දුර්වල බව.
  (* සංවාදයේ කොටසක් පටිගත කිරීමේ යන්ත්‍රයේ දෝෂයක් නිසා,..  එම ඍජු අදහස සටහන් කිරිමට නොහැක එය සමස්ත සංවාදයට හෝ මෙම කොටසට හානියක් නොවන බව අපි විස්වාස කරන්නෙමු,. එසේම මේ පිළිබදව  පාඨකයන්ට  හා අචාර්ය දෙපලට කණගාටුව ප්‍රකාශ  කරන්නෙමු.)

ලංකා ගාර්ඩියන් - පොදුවේ ගත්තොත් අනික් හැම කරුනක දි වගේම ස්ත්‍රී වාදයේත්  විවිධ ස්වරුප තියනවා,.. ඒ අනුව ලිබරල්වාදී, සමාජ වාදී, රැඩිකල් වාදී, තුන්වන ලෝකයේ ආදී ලෙස. මගේ ප්‍රශ්නය තමයි මේ විවිධ ස්වරුප වලින් ස්ත්‍රී වාදය දක්නට ලැබෙන්නේ ඇයි කියන එක.

අචාර්ය නිර්මාල්-
ඒක වෙන්නේ මෙහෙමයි දැන් ඔබ කිව වගේ ලිබරල්, සමාජ වාදී , රැඩිකල්,,.. ඔය හැම එකේදිම මේවා සම්බන්ද වෙනවනේ.  අපි මෙහෙම කියමු ලිබරල් වාදී ප්‍රතිසංස්කරණයකදී එතකොට ඒක ඇතුලෙත් අර ස්ත්‍රීය පිළිබද ප්‍රශ්නය එනවනේ. එතකොට ඒ ලිබරල් රාමුවක් ඇතුලේ අර ස්ත්‍රියගේ ප්‍රශ්නේ යලි නිර්වචනය කරනව. ඒ යලි නිර්වචනය කරන කොට, ඒගොල්ලෝ  මුලික ලිබරල් රාමුවක්  ඇතුලේ මේ සමාජය යලි සකස් කිරිම පිළිබද ඔවුන්ගේ පර්යාලෝකනය තියනවනේ එක ඇතුලේ තමයි ඔවුන් අර ස්ත්‍රිය පිළිබද ප්‍රශ්නය  දකින්නේ. එතකොට ඒක වෙනම දහරාවක් වෙනව. ජානකි කිව වගේ මාක්ස් වාදය වෙනම මතවාදයක් විදිහට එනකොට ඒක ඇතුලේත්  වෙනම නිර්වචනය වෙනව මේ ස්ත්‍රිය පිළිබද  ප්‍රශ්නය. මාක්ස් වාදීන් සමාජයේ ආර්ථික සම්පත් බෙදිම පිළිබද  ප්‍රශ්නය  මුලික දෙයක් විදිහට ගන්නවනේ එතකොට ඒක ඇතුලේ අරක  ස්ථාන ගත කරනව,.. 'ස්ත්‍රී පුරුෂ සමාජ භාවය' පිළිබද ප්‍රශ්නය. එතකොට ඒක  අර  ලිබරල් ලක්ෂණයට වඩා වෙනස් ස්වරුපයක් ගන්නවා. එතකොට මේවා අතර වෙනස්කම් ඇති වෙනව,..මෙන්න මේ විවිධත්වය නිසා තමයි ඔය ප්‍රවණතා ඇති වෙල තියෙන්නේ.

ලංකා ගාර්ඩියන්- ස්ත්‍රී වාදී දේශපාලන චින්තනය තුල,..'ස්ත්‍රියගේ සමාජ භුමිකාවේ ප්‍රමාණයෙහි'   අනාගතය කොහොමද දකින්නේ?

අචාර්ය නිර්මාල්-
මෙහෙමයි භූමිකාව කියල කියන්නේ ඇත්තටම දැන් අපේ මුලිකම තර්කයනේ මෙතන  ලිංගිකත්වය කියන එක, ඒ කියන්නේ ලිංගිකත්වය කියන එක සමාජයේ තියෙන මුලික සංවිධාන  රුපයක් කියන එක. ඒක ස්ත්‍රියට අදාලව ගත්තාම පීඩක එකක්, එතකොට මේ පීඩනය තිබෙන තාක් කල් මේකට කාර්ය භාරයක් තියෙනව. ඒක තමයි සරලම පිළිතුර.

අචාර්ය  ජානකි-
 ඔක ගැන තව ටිකක් විස්තර කලොත් මෙහෙමයි,,. අපි කියමු දැන් පුරුෂාදීපත්‍ය කියන එකත් සමාජයේ හැමදාම එකම විදිහට පවතින්නැහැ, සමාජය වෙනස් වෙද්දී පුරුෂාදීපථයේ  සමහර පීඩනය ගෙනල්ල දෙන ඒවා බිදිලා යන්න පුළුවන්. හැබැයි ඒ එක්කම නව පීඩනය ගෙන දෙන ඒවා මතු වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ තියනවා සම්බන්දයක්, එහෙම වූනාම  නිර්මාල් කිව වගේ  පීඩනය කියන එක දිගටම පවතිනව.
                         ඉලග කාරනේ මම දකින්නේ අපි තේරුම් නොගන්නා සහ මං හිතන්නේ  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන එක  විස්තර කරන්න පුළුවන් හොදම දේ තමයි  ස්ත්‍රිය සහ පුරුෂය කියන්නේ සමාජ නිර්මිතයක් කියන එක.  ඒක තියන දෙයක් නෙවෙයි ,පවතින දෙයක්  නෙවෙයි.  ඒක දෙන දෙයක්,,... එතකොට යම් යම් සමාජ වල ඒ ඒ වකවානු වල ගැහැණු කෙනා කවුද පිරිමි කෙනා කවුද එයාගේ  සමාජ භූමිකා මොකක්ද ඒත් සමග එයාට හිමිවන තත්වය මොකක්ක්ද, එකත් එක්ක එයාට කරන්න පුළුවන් මොනාද මොනාද බැරි  කියල තීරණය කරනව. මෙන්න මේක ධුරාවලියක්  ( hierarchy) විදිහට පාතින තාක් කල් දිගින් දිගටම මේකේ තියනව නොනවතින අරගලයක්.
                               දැන් අපි පවුල ගැන කතා කලොත්  පවුලේ තියේනවා විශාල ගැටුමක් එලියට පෙන්නේ නැති ඒ  වගේම සමාජය තුලත්. පවුලේ සහ සමාජයේ  මෙන්න මේ ගට්ටනය දෛනිකව තියන එකක්.  ඒක විශාල  දේශපාලන ගැටුමක්, බලය පිළිබද ගැටුමක් විදිහට ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ.ඒ කියන්නේ  වෘර්තීය සමිතියක් ගිහින් ආණ්ඩුව සමග සටන් කරනව වගේ. නමුත් මේ ගැටුම දෛනිකව තියන එකක්, මේ  පද්ධතිය ( hierarchy)  පවතින තාක් කල් එක තියනව. මේ ගැටුම අස්සේ නැවත අර අතතියත් එක්ක,   නිර්මාල් කීව වගේ ඒ ආතතියත් එක්ක ඒ ආතතියට උත්තර හෙවිමකුත් තියනවා.මොකක්ද අපි  කරන්නේ කියන එක.  ඉතින් ඒක විවිධ කාල වල විවිධ විදිහට පැන නගිනවා,.. ඒක එක්කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ස්ත්‍රී වාදය ඉවරයි කියල, එහෙම එකක් පෙන්න පුළුවන් නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට මතු වෙන්න පුළුවන් වෙනස්  විදිහකට ඒක අපි දන්නේ නැහැ.
                            
   නමුත් අර කිව වගේ යම් කිසි තැනක  ,පීඩනයක් ගෙන දෙනවනම්  සමාජ සම්බන්ද තා වල,..   ඒ ගැටුම පවතින තාක් කල් ඒ  ගැටුම පිළිබද  දේශපාලනයකුත් තියෙනවා.ඒ දේශපාලනය හරහ  ස්ත්‍රීන්ගේ භූමිකාව මොකක්ද කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙනව. අපි ගත්තොතින් විසිවන සියවස මුල ස්ත්‍රියගේ තිබුණු  භූමිකාව නෙවේ අද වෙනකොට තියෙන්නේ. ඒක එක වර විශාල වෙනසක් නොවෙන්න පුළුවන් නමුත් යම් කිසි වෙනස්  වීමේ ක්‍රමික බවක් දකින්න තියනව කියල කියන්න පුළුවන්. 
                      සමන් (slglanka2013@gmail.com)