ඉස්ලාම්
අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට
ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය
හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ
අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක
ආරක්ෂකයෝ නොවෙති. ආගමේ නාමයෙන් ඕනෑම කෙනෙකුගේ බෙල්ල කැපීමට සැදී පැහැදී
සිටින මුස්ලිම් අන්තවාදීන් සහ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගික
අපයෝජනයට ලක් වී සමාජයට වයිර කරන බලු සේනා කහකඩයන් කොයි මොහොතේ හෝ යලිත්
ලේ ගංගා ගලා යන යුද්ධයකට මේ රට යලිත් වරක් ඇද දමනු ඇත. අවසානයේ දී මේ සියලු
වද වේදනා උරුම වන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධයක් නොමැති එදා වේල හොයා කා
ජිවත්වන දිලිඳුන්ටය.
මේ උණුසුම්කාරී තත්වය යටතේ නිහඬව සිටින යහපත් මිනිසුන් ද මේ ලේ ගලා යාමට
නියමිතව තිබෙන වාර්ගික කෝලාහලයේ වග උත්තරකරුවෝ වෙති. දදයක් කසන විට සනීපය.
මේ ගෙවෙන්නේ දදය කසන විට දැනෙන සනීපය ය. නමුත් මේ සනීපයෙන් පසු පිලිස්සි යන
වේදනාවක් ළඟ එන බව සිතන්න.