ෆරස් ට කල වෙඩි තැබීම හෙලා දකිමු.



හර්ෂි සි. පෙරේරා

 සන්ඩේ ලීඩර් පුවත්පත සහ එහි මද්යවේදීන් දිගින් දිගටම රාජපක්ෂ ආණ්ඩුවේ වින්දිතයින් බවට පත් වුහ. අද අලුයම එහි ෆරස් මාද්යවෙදියාට වෙඩි තබා තිබේ.

 ඒ ගැන පහත අදහස් දැක්වුයේ සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියයි. 

"මේ දෙරණෙහි ඉඩ ඇත්තේ රාජපක්ෂ මතයට ,රාජපක්ෂ නීතියට පමණකියි අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කළාය. සන්ඩේ ලිඩර් පුවත්පත මර්ධනය කල නොහැකිවූ තැන ,එහි කළමනාකාරිත්වය තමන්ට හිතවත් අයට ලබාදීමට රාජපක්ෂවරුන් කටයුතු කළහ .එහිදීත් මාධ්‍යවේදීන් හිලෑ කර ගත නොහැකිවූ තැන ,එම පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ෆරස් ශෞක්‍රල්ලි ට අද (16 ) අලුයම කරනු ලැබූ වෙඩි තැබීම මගින් මෙය තවුරුවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය The Independent වෙත අදහස් දැක්වුවාය." 

ජනදිපතිවරයා සුපුරුදු බයිලාව දිගහැර ඇත. එනම් සිද්දිය ගැන වහා පරීක්ෂණයක් කිරීමට නියෝග කිරීමයි. අපි මේවාට රැවටෙමුද? බුද්දීමත්ව සිතන්න. මෙවැනි සිද්දීන්ට විරෝදය පල කරන්න.