කොල්ලූපිටිය සමාජශාලාවක සිටියදී පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු 'නයි නළගන' ලෙස ප්‍රසිද්ධියට පත් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි මෙනවිය පහරකෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මෙම සිද්ධිය වාර්තා වූ බවයි.
පහරකෑමකට ලක්වු අදාළ කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දමා ගොස් සිටිය දී පොලීසිය විසින් ඇයව රෝහල් ගත කළ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසුවේය.
සිද්ධියෙන් තුවාල ලැබූ නයි නළ`ගනගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඇය මීට දින කිහිපයකට පෙර අරාබි ජාතික පුද්ගලයෙකු සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට ගොස් ඇත. පසුව එම අරාබි ජාතික පුද්ගලයා තමාට පහරදී පලාගොස් ඇති බව නයි නළගන පොලිසියට කටඋත්තරයක් ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ.