හර්ෂි සි. පෙරේරා
රජ්ජාගොඩ ගමගේ සමන් කුමාර 29 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. හෙතෙම පැලවත්ත පිරිස් මුදලාලිට අයත් සමගි වෙළදසැලේ කුරුදු වැඩ කරයි. 2012.11.25 දින රාත්‍රී 11 වැඩ මුරය අවසාන කොට පාපැදියෙන් නිවස බලා එන විට රාත්‍රී 12 ට පමණ පහල හෙවස්ස පාසැල අසලදී ඔහුව ජීප් රථයෙන් පැමිණි මීගහතැන්න පොලිසියේ එදිරිසිංහ නමැති නිලදාරියා හා තවත් අයෙක් නතර කර ඇත. පසුව ඔහුගේ කම්මුල් වලට කන් වලට සහ පපුවට එදිරිසිංහ නමැති නිලදාරියා විසින් පහරදී ඇත. තමාට බයිපාස් එකක් කර ඇති බව කියද්දීත් ඔහුගේ පපුවට ගසා තිබේ. ඔහුව පොලිසියේ කුඩුවට දමා පසුදින මීගහතැන්න රජයේ රෝහලට ගෙන ගිය නමුත් ඔහුව වයිද්යවරයා නිසි ලෙස පරික්ෂා කර නැත. 27 ටිකට් කපා ඇත. මෙම අමානුෂික වදහිංසා පැමිණවීම සමත කිරීමට මතුගම සහකාර පොලිස් අදිකරිවරයා කටයුතු කරමින් සිටි. මේ පිලිබදව සමන් 2012.12.12 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ මතුගම පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය.
-->