ප්‍රභාකරන් මිය ගිය ස්ථානයේ එක් දිනයක් නතරව සිටීමට ඩොලර් සියයක් ( රු. 15,000 )

අදිර්වු වෙබි අඩවිය
  
 
දහස් ගණනක් ජනතාව ඝාතනය කල මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ කලපුව ආසන්නයේ සිංහල ජාතිකයින් විසින් සුභෝපභෝගී හෝටලයක් ඉදිකර ඇත. දෙමළ ජනතාවගේ සිරුරු වල දමා ඇති මෙම ප්‍රදේශයේ නන්දිකඩාල් කලපුව පෙදෙසින් මෙම හෝටලය ඉදිකර ඇත. දෙමළ ජාතිකයිනි, මෙම හෝටලයෙහි ප්‍රචාරක වෙළඳ දැන්වීම කුමක්දැයි දන්නවාද? මෙය ප්‍රභාකරන් මියගිය ස්ථානය බවත්, මෙම ස්ථානයේ ඔබට ජීවිතයෙහි එක් වරක් පමණක් රැඳී සිටිය හැකි බවත්, ප්‍රබාකරන් මියගිය ස්ථානයේ විවේකය ගත කරමින් එක් දිනක් රැඳී සිටීමට ඩොලර් සියයක් පමණක් බවත් සිංහල පුවත්පතක් වන මව්බිම දැන්වීමක් පලකර ඇත. මුල්ලිවායික්කාල් වල හෝටලයක් ඉදිකලහොත් සිංහල ජාතිකයින් පැමිණෙනු ඇති බව දැන මෙම හෝටලය ඉදිකර තිබෙනවා පමණක් නොව සිංහල ජාතිකයින් දිරිමත් කිරීමට ප්‍රබාකරන් මියගිය ස්ථානය යනුවෙන්ද සඳහන් කර ඇත. මේ තුලින් දෙමළ ජනතාව තේරුම් ගත යුත්තේ කුමක්ද? අද පමණක් නොව කිසිඳු දිනක සිංහල ජාතිකයින් තුලින් ජාතිද්වේෂය ඉවත් නොවන බවයි.

දෙමළ ජනතාව දහස් ගණනක් මියගිය ස්ථානය, ඝාතන භූමිය සංචාරක ස්ථානයක් බවට පත්කල නින්දිත රට කුමක්ද යන්න විමසුවහොත් එය ශ්‍රී ලංකාව විය හැක. ඇමරිකානුවන්, ජර්මන්, නාසින්, ඉඩියමින් වැනි අය නොකල සමහර කටයුතු ශ්‍රී ලංකාවේ රජයේ නායකයින් සිදුකරයි. වේදනාවට පත්ව සිටින ඊළාම් දෙමළ ජනතාව තුල තවත් වේදනාවන් ඇති කිරීම සඳහාත්, සිංහල තරුණ ප්‍රජාව වැරදි මාර්ගයේ රැගෙන යාම සඳහාත් රජයේ නායකයින් උනන්දුවක් දක්වයි. BBC වාර්තාකාරිනියක වන ප්‍රැන්සිස් හැරිසන් මේ සම්බන්ධයෙන් තම තදබල විරෝධය ප්‍රකාශ කර ඇත. සිංහල පුවත්පතක් මෙලෙස සදාචාර විරෝධී අන්දමින් දැන්වීමක් පලකිරීම ඇය හෙලා දැක ඇත.