රජිව් ගාන්ධි ඝාතනයේ සැකකරු ලන්ඩනයේදී මියයයි

අදිර්වු වෙබි අඩවිය
   රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් මුරුගන්, නලිනි යනාදීන් සමඟ අත් අඩංගුවට පත්වූ නඩරාජා රාජසූරියන් (රංගන්) 2012.12.26 වන දින රාත්‍රියේ හෘදයාබාධයක් හේතුවෙන් ලන්ඩනයේදී මියගොස් ඇති බව දැනගැනීමට ලැබී ඇත. ලමාවියේදීම කොටි සංවිධානයට බැඳුනු මොහු, යාපනය කොටුවට එල්ල කල ප්‍රහාරයේ වැදගත් කොටසක් දරණ ලදි. පසුව මොහු ඉන්දියාවේ සිටියදී රජීව් ගාන්ධි ඝාතනය කරන ලදි. අත් අඩංගුවට පත් රංගන්ට පී.නෙදුමාරන්, නීතිඥ රාධා ක්‍රිෂ්ණන් සහ වයිකෝ උපකාර කරන ලදි. මොවුන්ගේ සහයෝගයෙන් නිදහස් වූ රංගන්, ඉන් පසු බ්‍රිතාන්‍යයේ ජීවත් විය. ලන්ඩනයේ ඇති ස්ටැන්ලි අම්මාන් කොවිලෙහි ස්වේච්ඡාවෙන් සේවය කලේය. මුල්ලිවායික්කාල් වලදී පීඩාවට පත්වූ තරුනියක් විවාහ කරගත යුතු බව මොහු පවසා ඇත.

  වසර ගණනාවක් විවාහයක් කර නොගෙන ජීවත්වූ රංගන් මාස කිහිපයකට ඉහතදී තමන් ප්‍රකාශ කල අන්දමින් මුල්ලිවායික්කාල් වලදී පීඩාවට පත් තරුනියක් විවාහ කර ගැනීමට කැමතිවී ඇයව ලන්ඩනයට‍ කැඳවා ඇත. ‍සුපුරුදු පරිදි කෝවිලේ කටයුතු අවසන් කොට නිවසට පැමිණ නිදා සිටියදී හෘදයාබාධය වැළඳීමෙන් මියගොස් ඇත.