විනිසුරුවරු වැඩවරති. ජනතාවට කෙලවෙති. ආණ්ඩුවට හෙන ! ගහපිය.

 
හර්ෂි සි. පෙරේරා
 
අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට විරෝධය පලකිරීම සඳහා හෙට :8* විනිසුරුවරුන් තම දෛනික රාජකාරිවලින් ඉවත්වීමට අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත. මෙම විරෝදය පෑම ඉතා හොදය. මිට පෙර මන්නාරමේ සිද්දියට විනිසුරුවරු වැඩ වැරු අවස්ථාවේ ඇතැම් නීතිඥයින් අසරණ ජනයා තලා පෙලා දමමින් මහා ජනයාගෙන් ගාස්තු අය කළහ. හෙට මේ දේම සිද්දවීමේ සම්බාවිතාවක් පවතී. මේ සියල්ලට රාජපක්ෂ ආණ්ඩුව වග කිවයුතුය. මේ පහරදීම ගැන විමර්ශනයක් පවත්වන්නයි ජනපතිවරයා නියෝග කිරීමද බරපතල සැක මතු කරයි. ඇතිවන ප්‍රදාන සැකයනම් මේ අපරාදය කර ඇත්තේ නීතියට ඉහලින් සිටින පිරිසකි. ඔවුන්ව කොන්ට්‍රෝල් කල හැක්කේ ජනපතිට පමණක් බැවින් හෙතෙම පොලිසියට නියෝග දෙයි. නිතිය හැල්ලුවට ලක් කරන පිබිදෙන ආශ්චර්ය මේවන විට අප්පිරියාවක් බවට පත්වී ඇත. මේ දැන් පැවැත්වෙන ක්‍රිකට් මැච් එක දිනුවොත් පවතින කෙදවාචකය ගැන එල්ලවන චෝදනාවෙන් තම හෙළුව මදකට හෝ ආවරණය කර ගැනීමට රාජපක්ෂ රෙජිමයට මද අස්වැසිල්ලක් ලැබෙනු ඇත. -->