අධ්‍යාපන ඇමති ධුරය වෙනස්කොට ෆුටා වර්ජනය නැවැත්වීමේ උත්සාහයක

බැසිල් සහ මොහාන් ලාල් ග්‍රේරු ට අධ්‍යන ඇමති ධූර

මේ වන විට විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ සංගමය විසින් පවතවාගෙන යන වැඩවර්ජනය තාවකාලිකව හොඅ නැවත දැමීමට රාජපක්ෂ ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි. එහෙ ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ අධ්‍යාපන සහ උසස්  අධ්‍යාපන ඇමති ධුර වෙනස් කොට ඒවා බැසිල රාජපක්ෂට සහ මොහාන් ලාල් ග්‍රේරුට පිරිනැමීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ඇමති ධුර වෙනස් කිරීම ෆුටා සංවිධානය විසින් සිදුකරන වැඩවර්ජනය තාවකාලිකව නැවත්වීම එකම අරමුණ වේ.  එමඟින් ෆුටා වර්ජනය තුලින් ඉල්ලා සිටින ඉලීම ක්‍රමානුකූලව මඟ හැරීමට උත්සහ ගැනීම සිදු කිරීමට ආණ්ඩුව සුදානම් වේ.

මේ වන විට රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ධුරයන් දරන දෙදෙනාම මහත් පිළිකුලට සහ දැඩි විවේචනයට ලක් වී ඇති බව ආණ්ඩුව තුළම පවතින පොදු මතය වේ.