බර්ටි මහඇමති සටනෙන් ඉවත්වුනේ තම පුතාට ඇමති ධූරයක් දෙනබවට එකඟ වීමෙන් පසු

කැබිනට්‌ සංශෝධනය ඔක්තොම්බර් 15 දාට පෙර 


උතුරුමැද පළාත් හිටපු මහාමටහි බර්ටි ප්‍රේමලාල්, තම පක්ෂයේම පරතිවාදිය හෙවත් වැඩිම මනාප ලැබූ එස්. එම්. රංජිත් සමනග සටන අතහැර එම පළාත් සභාවේම මන්ත්‍රීවරයෙකු ලෙස තනිවම ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ ජනාධිපති රාජපක්ෂ ඔහුගේ පුතරයට ඇමැතිධුරයක් ලබා දෙන බව පොරොන්දු වීමෙන් පසුය.

අද පුවත් පත් වාරතා කර ඇති අන්දමට, ඇමැති මණ්‌ඩලය ඔක්‌තෝබර් 15 දාට පෙර සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අධ්‍යාපන, උසස්‌ අධ්‍යාපන, ඛනිජ තෙල්, කර්මාන්ත ඇතුළු අමාත්‍යාංශ කිහිපයක පමණක්‌ වෙනස්‌වීම් සිදුවනු ඇතැයි පැවසේ.

මෙවර කැබිනට්‌ සංශෝධනයේදී සියලුම අමාත්‍යාංශ වෙනස්‌ නොවන බව කී හෙතෙම බොහෝ දුරට අග්‍රාමාත්‍ය ධුරයේද වෙනසක්‌ සිදුවීමට ඉඩ ඇතැයි කීය.

ඇමැති තනතුරු මෙන්ම නියෝජ්‍ය ඇමැති තනතුරුවලද වෙනසක්‌ සිදු වීමට නියමිත අතර පසුපෙළ සිටින තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද, නියෝජ්‍ය ඇමැති තනතුරු ලබා දෙන බව කීය. එමෙන්ම උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්‍රයා වන දුමින්ද දිසානායක මහතාටද දැනට දරන නියෝජ්‍ය ඇමැති තනතුර වෙනුවට ඇමැති ධුරයක්‌ හිමිවනු ඇත.

උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ අවසන් වූ විගස යෝජිත ඇමැති මණ්‌ඩල සංශෝධනය සිදු කිරීමට රජය තීරණයක්‌ ගෙන තිබූ බවද ඒ අනුව එකී සංශෝධනය ඔක්‌තෝබර් 15 ට පෙර සිදුවන වීමට නියමිත.