හිරුනිකා ! ලැජ්ජ නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
පළාත් පාලන අයතන මැතිවරණයක දී ගිය වසරේ ඔක්තෝබර් මසයේ කොළොන්නාවේ දී වෙඩි පහරින් මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිඟුරක්ගොඩදී අද සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩ වූවාය. උතුරු මැද පළාත් සභාවේ පොළොන්නරුව දිසා අපේක්ෂකයනට සහාය දක්වමින් අදහස් දක්වමින් ඇය පැවැසුයේ පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට තමන්ට කිසිදු අදහසක් නැති බවයි. ඇය එසේ කීවේ ඇය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කරමිනි. තම පියාණන් ලේ වගුරුවමින් දහඩිය හළමින් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රැකගත යුතු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතු බවත් කීවාය. හිරුනිකා ගැන පුදුම විය යුතු නැත. ඒ විතරක් නෙමෙයි දේශපාලනයට ගෑවුණු කෙනෙක් ගැනත් පුදුම විය යුතු නැත. මේ දේවල් සිද්ද වන්නේ නිවස නිසාද? මෝටර් රථය නිසාද? කුඩු කුඩු සමගයි. මිනීමරුවන් මිනීමරුවන් සමගයි.