කොලොම්බියාව;- කොකේන් දේවිය වෙඩි තබා මරා දමයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
ඇය නමින් ග්රිස්ල්දා බ්ලන්කොය. ඇයව තම සුවාමිපුරුෂයින් තිදෙනා ගාතනය කිරීම ගැන සැක කරනු ලැබේ. මියාමි කුඩු යුද්දයේදී ඇය ඇති තරම් පුද්ගලයින් ගාතනය කිරීමෙහිලා නියෝග ලබා දෙන ලදී. ඇයව සදුදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මහමගදී මස් විකුණන කඩයකින් පිටව එන විටම වෙඩි තබා මරා දමා තිබේ. ඒ ඇගේ ගම් පියස වන කොලොම්බියාවේ මෙද්ලින්වලදීය. අනිත් අයට කල දේ ඇයට කවිකාර යුක්තියක් මෙන් ලැබුණු බව මියාමි විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අද්යන අංශයේ අංශ ප්‍රදානි සහ ඇමෙරිකාවේ මත්ද්රවිය ජාවාරම යන කෘතිය ලිවූ මහාචාර්ය බ්රුස් බැග්ලි පවසයි.