පාදුක්ක පොලිසිය අන්නාසි වත්තට පක්ෂපාති වෙමින් වියාජ නඩු පවරයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
ශානුක රොෂාන් ජයවර්දන මලගල මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්යෙකි. 2012.08.12 දින සවස මිතුරන් දෙදෙනෙකු සමග සරුංගලය කැඩීම නිසා එය ගැනීමට අන්නාසි වත්තට ගිය විට එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙක් මෙන්න හොරු ඇවිත් කියමින් ඔවුන් දෙසට දුව ගෙන විත් ඇත. අනිත් මිතුරන් දෙදෙනා දුව ගියද ශානුක නැවතුනේ තමන් වරදක් කර නොමැති බැවිනි. එවිට අන්නාසි වත්තේ පුද්ගලයින් ශානුකට ඉතා අමානුෂික ලෙස පහර දී ඇත. එක්‌ පුද්ගලයෙක් ශානුකගේ අත කරකවා අනික් පුද්ගලයා බෙල්ල මිරිකා ඔහුව බිම දමා අන්නාසි වත්තට ඇද ගෙන ගොස් ඇත. එහිදී පොලු වලින් සහ පටියකින් පහර දී දම්වැලකින් ගැට ගසා පිහියේ කැපෙන පැත්තෙන් නළල කපා කැපෙන්නේ නැති පැත්තෙන් අතට පහරදී ඇත. මෙම පහරදීම නිසා ශානුක පාදුක්ක රෝහලේද හෝමාගම රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසුව වියාජ නඩු පවරා බන්දනාගාර ගත කර තිබේ. දැන් ඔහුව නිදහස් කර ඇති බව වාර්තා වේ. ඔහුගේ පියා වන චන්දිම ලක්මාල් ජයවර්දන මේ පිලිබදව 2012.08.17 දින මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, නීතිපතිට, පොලිස්පතිට, ළමා ආරක්ෂක අදිකාරියට, කොලබ නියෝජ්‍ය පොලිස්පතිට, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයට , නුගේගොඩ ජෙෂ්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී. රුපියල් 12000 ක් වටිනා අන්නාසි ගෙඩි 60 ක් හොරකම් කිරීම පිළිබද ශානුකට පැවරු වියාජ නඩුවේ අංකය බි 883/12 වේ.
 
චයාරුපයේ සිටින්නේ ශානුකගේ පියාය.