රාජ්‍ය අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ ප්‍රතිඥා

| ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සමිමෙිලනයේ මූූලිකත්වයෙන් රාජ්‍ය අධ්‍යාපනය නැතහොත් නිදහස් අධ්‍යාපනය වශයෙන් ව්‍යවහාර වන අධ්‍යාපනයේ වත්මන් තත්වය හා අනාගතය පිලිබඳ ෙඉතිහාසික සමිමෙිලනයක් බස්නාහිර පළාත් සෞන්දර්්‍ය කේන්ද්‍රයේදී 2012 අගෝස්තූ මස 17 වන දින පවත්වන ලදීග මෙම සමිමෙිලනයට ඡාතික වෘත්තීය සමිති සහ සවිල් සමාඡ සංවිධාන 50 කට අධික ප්‍රමාණයක් සමිබන්ධ වූ අතර ඵහිදී රාජ්‍ය අධ්‍යාපනය සුරැකීමට සාමුහික ප්‍රතිඥාවක් නිකුත් කරන ලදීග ඵම ප්‍රතිඥාව සහ ප්‍රතිඥාවෙි පෙරවදන ඇතුළු මීට සමිබන්ධ වූ වෘත්තීය සමිති සහ සවිල් සමාඡ සංවිධාන ලැයිස්තුව පහත දක්වා ඇත ග

රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමු

අධ්‍යාපනය පිළිබඳ අදහස, මානව සමාජය ද්‍රව්‍යමය වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද පවත්වාගෙන යාම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කේන්ද්‍රීය අගයක් දරයි. අධ්‍යාපනය මිනිස් ශිෂ්ටාචාරයන්ගේ පැවැත්ම සහ චිරස්ථතිය සහතික කරන අතර මානවවාදයට අනුබල දෙයි. එය මානවහිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ධරණීය සංවර්ධනය හා සාමය යන දෑ හි පදනම් ගලක් වේ. මේ නිසා අධ්‍යාපනය සියලූ දෙනාට ලබා ගත හැකි දෙයක් විය යුතුය. (විසිඑක් වැනි සියවස සඳහා උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රකාශනය, 1998).

රාජ්‍ය අංශයේ අධ්‍යාපනය හෙවත් —නිදහස් අධ්‍යාපනය˜ යැයි ප්‍රකට අධ්‍යාපනය ලාංකීය සමාජයේ මූලික අංගයකි. එය වූ කලි නුතන ශ්‍රී ලාංකික සමාජයේ අනන්‍යතාව ගොඩ නැගී ඇති හරයාත්මක වටිනාකමකි. ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තියට හා අධ්‍යාපනයට කරන රාජ්‍ය ආයෝජන වෙත ගාමක ශක්තිය සැපයූ දර්ශනය කේන්ද්‍රගත වූයේ සමාජ අසමානතාව වෙත ආමන්ත්‍රණය කරන්නට අධ්‍යාපනයට ඇති ශක්‍යතාව මතය. අපට ගෝලීය වශයෙන් කීර්තියක් ගෙන දුන්, ජාතියක් වශයෙන් අප ලද බොහෝ ජයග්‍රහණ රඳා පවතින්නේ රාජ්‍ය අධ්‍යාපනය ඔස්සේ ජනතාවට ලබා දෙන ලද අවස්ථා මතය. පසුගිය දශක හය පුරා සමාජ සංචලනය සඳහා ආයාස ගත් හා එය ලබා ගත් මහජනතාවට ඒ සඳහා විවරව තිබූ මාවත අධ්‍යාපනය විය. ඊටත් වඩා වැදගත් දෙයක් ඇත. එය නම් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, විද්‍යාව, කලාව හා සංස්කෘතිය යන ක්ෂේත්‍රවල පුනරුදයක් ඇති කිරීමට කේන්ද්‍රීය කාරණය වූයේ නිදහස් අධ්‍යාපනය යන්නයි.

එහෙත් 1980 දශකයේ මුල සිට අධ්‍යාපනය පිළිබඳ අදහස සෙමෙන් වෙනස් වෙමින් පැමිණ තිබේ. අධ්‍යාපනයේ අරමුණු හා පල යන දෙකම මූලික වශයෙන් වෙළඳපොළ විසින් මෙහෙයවුණු දෙයක් බවට පත් වී තිබේ. අධ්‍යාපනයේ මූල්‍ය බර ක්‍රමයෙන් රාජ්‍යය විසින් එක් එක් ශිෂ්‍යයන් හා ඔවුන්ගේ පවුල් වෙත මාරුවෙමින් තිඛෙන අතර අධ්‍යාපනයේ අරමුණු රැකියා නියුක්ති හැකියාව හෝ වෙනත් වෙළඳපොළ අවශ්‍යතා අනුව ඉතා පටු ආකාරයෙන් නිර්වචනය වෙමින් තිබේ. මේ වෙනස සිදුවී ඇත්තේ බරපතල අහිමිවීමක්ද සමගය: ඒ අහිමිවීම නම් පවුල් මත පැටවෙන මූල්‍ය බර වැඩි වන අතර ප්‍රාථමික, ද්වීතියික, තෘතීක යන සියලූ තලවල රාජ්‍ය අංශයේ අධ්‍යාපනයෙහි ප්‍රමිතිය පහළ වැටීමය. මේ වෙනස්වීම නිසා අධ්‍යාපනයෙහි සමාජ වටිනාකම සේම සියලූ දෙනාට අධ්‍යාපනය ලබාදීමේ සමාජ වගකීම පිළිබඳ මහජන අගය කිරීම අඩු කිරීමටද හේතු වී ඇත. අධ්‍යාපනයේ මෙම ප්‍රමිතිය පහත වැටීම සමගම අධ්‍යාපනය වෙත දේශපාලන මැදිහත්වීම්ද වැඩි වී තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලන අංශය මෙන්ම විෂයමාලා සැලසුම්කරණය වැනි විෂයානුබද්ධ අංශද දේශපාලන මැදිහත්වීමට ගොදුරු වී ඇත.
මේ හේතුව නිසා වෘත්තීය සමිතිවල නියෝජිතයන්, වෘත්තිකයන්ගේ සංගම් හා සිවිල් සමාජ සංවිධාන ලෙස¦
  •  පුළුල් මහජන යහපත පිළිබඳ දර්ශකයක් ලෙස අධ්‍යාපනයේ වටිනාකම ප්‍රතිෂ්ඨාපනය සඳහා ක්‍රියා කිරීමට,
  • රාජ්‍ය ප්‍රතිපාදන ලබන අධ්‍යාපනය රැකගැනීමේ හා වැඩි වර්ධනය කිරීමේ වැදගත්කම හඳුනා ගන්නා තැනට ආණ්ඩුව පෙළඹවීමට,
  •  රාජ්‍ය අංශයේ අධ්‍යාපනය පිළිබඳ මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සාමූහිකව ක්‍රියා කිරීමට,
  • අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජන පිළිබඳ යුනේස්කෝවෙන් අපේක්ෂිත මට්ටම වන දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 6% දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව වූ පොරොන්දුවට ගරු කිරීමට ආණ්ඩුව යොමු කිරීමට හා,
  • අධ්‍යාපන ආයතන කළමණාකරණය සම්බන්ධයෙන් වන දේශපාලන අතපෙවීම් හා මැදිහත්වීම්වලට විරුද්ධවීමට හා ඒවාට අභියෝග කිරීමට ද,
අපි සාමුහිකව සහ අධිෂ්ඨානශීලීව ප්‍රතිඥා දෙමු.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සමිමෙිලනය
ලංකා ගුරු සේවා සංගමය
ලංකා ගුරු සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ශී්‍ර ලංකා ඡාතික ගුරු සංගමය
ලංකා ප්‍රගති ගුරු සංගමය
අධ්‍යාපන වෘත්තීය වේදීන්ගේ සංගමය
පොදු ගුරු වෘත්තිකයින්ගේ සංගමය
ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය
මොරටුව විශ්ව විද්‍යාල වෘත්තීය සංගමය
මොරටුව විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මනAඩලය
ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය කොළඔ විශ්ව විද්‍යාලය
පාසල් අනධ්‍යයන සේවා සංගමය
ආහාර බීම දුම්කොල කර්මාන්ත සමිතිය
ලංකා වෘත්තීය සමිති සම්මේලනය
මුස්ලිමි කාන්තා පර්යේෂන හා ක්‍රියාකාරී සංසදය
නීතිය හා සමාජ භාරය
තරුණ පර්යේෂක සාමූහිකය
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
ශ්‍රී ලංකා ඡනරඡ සෞඛ්‍ය සේවා සංගමය
ෆී්‍රමාර්චි සංවිධානය
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
සමස්ත ලංකා හෙද සංගමය
අන්තර් සමාගමි සේවක සංගමය
කාන්තා ශක්ති සංවිධානය
ඊක්වල් ග්‍රවුන්ඩ්
කාන්තා සහ මාධ්‍ය සාමූහිකය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
සමස්ත ලංකා රාඡ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් ගේ සංගමය
දුරකථන කි්‍රයාකරවන්නන්ගේ සංගමය
ලංකා වෙළඳ සංගමය
එක්සත් කම්කරු සම්මේලනය
රැකියාලාභී උපාධිධාරින්ගේ සංගමය
දේශීය ආÞයම් පොදුසේවක සංගමය
ශ්‍රී ලංකා දුම්රිය සේවා පොදූ සේවක සංගමය
ඡාතික විද්වත් වෘත්තිකයින්ගේ සංසදය
ශී්‍ර ලංකා වරාය පොදු සේවක සංගමය
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය
ඡාතික සේවක සංගමය
වරාය අධිකාරිය සේවක සංගමය
සමස්ත ලංකා දුම්රිය සේවක සංගමය
ටෙලිකොමි ඉංඡිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීඬකවරුන්ගේ සංගමය
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
සමස්ත ලංකා බැංකු සේවක සංගමය
රාජ්‍ය දැව සංස්ථා සේවක සංගමය
පළාත්පාලන පොදු සේවක සංගමය
සමස්ත ලංකා රේගු සේවක සංගමය
චිත්‍රපට සංස්ථා සේවක සංගමය
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය
ලංකා තැපැල් සේවා සංගමය
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය
ඡාතික කම්කරු සංගමය වරාය
රාජ්‍ය සේවා කලමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය
පළාත්පාලන පොදු සේවක සංගමය
වරාය පොදු සමිතිය
දකුණ= ආසියා නිදහස් මාධ්‍යය සංවිධානය ශ්‍රී ලංකා පාර්ෂවය