ඇෆ්ගනිස්ථානය;- විරුද්ද ලිංගික සාදය 17 කගේ බෙලිකපා දැමීමට හේතු වෙයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
ඇෆ්ගනිස්ථානයේ දකුණු හෙල්මන්ඩ් ප්‍රාන්තයේ පිරිමින් 15 කගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ බෙලි කපා ගාතනය කර ඇත. මෙය සිදුකර ඇත්තේ තලිබාන් සටන්කාමින්ය. ඒ විරුද්ද ලිංගික ප්‍රිය සම්බෂණයකට සහබාගි වී ගී ගැයිම සහ නැටීමට දඩුවම වශයෙනි. සදුදා ඔවුන්ගේ මළසිරුරු නිවසක තිබියදී සොයා ගෙන ඇත. මේ ගැන ක්ෂණිකව වගකීම බාර ගැනීමක් සිදුවී නොමැත. සාමාන්යෙන් ඥාතීන් නොවන පිරිමි සහ ගැහැණු එකට ගැවසීම ඇෆ්ගනිස්ථානයේ සිදුනොවන අතර තලේබාන්වරු එවැනිදේ දැඩිව හෙළා දකිති. 2001 දී ඇමෙරිකන් සහය යටතේ ඇෆ්ගන් හමුදා විසින් අවසන් කල ඔවුන්ගේ 05 අවුරුදු පාලන යුගය තුල කාන්තාවන්ට චන්දය දීම, බොහෝ වැඩ කටයුතු සහ සුවාමිපුරුශයා හෝ පිරිමි ඥාතියකු නොමැතිව නිවසින් බැහැරව යාම තහනම් කර තිබිණි. එවැනි අයිතීන් නැවත ලබා ගත්තද ඇෆ්ගනිස්ථානය ලොව කාන්තාවන්ට නරකම රටක් ලෙස තවමත් පවතී.