කළුතර දකුණ පොලිසිය ගෙවල් කඩන්නට නියෝග කරයි.



හර්ෂි සි. පෙරේරා

අපේ පොලිසිය තමන්ට අයිති නැති දේ කරන්නට පැනලා ඉදිරිපත් වේ. මේ තවත් එවැනි නීතිවිරෝදී ක්‍රියාවකි. මේ හිරිහැරයට මුහුණ දෙන්නේ ගෝවින්ද වඩුගේ අයිරාංගනී සහ ගෝවින්ද වඩුගේ මෙත්තානන්දය. ඔවුන් සහෝදරයින්ය. ඔවුන් 51/14, බඩු ගබඩා පාර, කළුතර දකුණ යන ලිපිනයේ නිවාස දෙකක පදිංචිව සිටිති. ඔවුන්ගේ නිවාස සුනාමියට කැඩුණු අතර බඩු බාන්ඩ සියල්ලද විනාශ විය. ඔවුන් ඊට පසුව එම නිවාස පිළිසකර කර ගෙන පදිංචි වුහ. ආණ්ඩුවෙන් ඔවුන්ට මඩ වගුරු බිම් වල ඉඩම් ලැබුනද ප්‍රමාණවත් මුදලක් ඒවායේ නිවාස ඉදිකිරීමට ලැබුනේ නැත. දැන් කළුතර දකුණ පොලිසිය ඉහලින් ආ නියෝගයක්යි පවසමින් ඔවුන්ට තම නිවාස කඩා ඒවායින් ඉවත්වන ලෙස නියෝග කරයි. මෙය ශ්‍රී ලංකා පොලිසිය තමන්ගේ හෝ තම හිතවතුන්ගේ අබිවුර්දිය සදහා කරන සම්පුර්ණ නීතිවිරෝදී ක්‍රියාවකි. ඔවුන්ව නිවාස වලින් ඉවත් කරන්නට නම් එය නීතියේ නියෝගයක් මත සිදුවිය යුතුය. පොලිසිය නිතිය නොවේ.