සුනන්ද දේශප්‍රිය
උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුව පිට රටවල් හෝ එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ කියන තුරු බලා සිටීම අවශ්‍ය නැත. උගත් පාඩම් කොමිසම පත්කළේම අන්තර් ජාතික බලපැම් නිසා යැයි ද මතයක් පවතී. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහිදී සිදුවූ බවට වාර්තා බව අන්තර් ජාතික මානව හිමිකම් නීතිය කෙළෙසීම් එනම් යුද අපරාධ ගණයේ කෙළෙසීම් පරීක්ෂා කිරීමට අන්තර් ජාතික කොමිසමක් පත්කළ යුතුයැයි නැගී ආ අන්තර් ජාතික මතය උගත් පාඩම් කොමිසම පත් කිරීම මගින් සමනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත් විය. දැන් මෙම ක්‍රියාකාරී සැළැස්ම ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙහි පසුවිපරමක් ඇතිවීම වැළැක්වීමට ගෙන එන ලද ව්‍යාජයකැයි මතයක් ද පවතී. නමුත් ජනාධිපතිවරයා කියන්නේ මෙම සැළැස්්ම ගෙන එන ලද්දේ දේශීය අවශ්‍යතාවයන් උඩ බවයි.
එසේ නමුත් මෙම ක්‍රියාකාරී සැළැස්ම ඉදිරිපත් කරන ලද්දේ සුද්දන්ගේ බස වන ඉංග්‍රිසියෙනි. මා දන්නා තරමට නම් මෙම සැළැස්ම සිංහල හෝ දෙමළ බසින් ශ්‍රී ලංකාවේ පොදු මහා ජනයා වෙත ඉදිරිපත් කර නැත. සැළැස්ම ඉදිරිපත් කර වහාම රජය කියා සිටියේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත යවනු ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම්හි ප්‍රගතිය දැක්වෙන ආන්ඩුව විසින් සකස් කරන ලද යූපීආර් වාර්තාවට මෙම සැළැස්ම ද නොනිල වශයෙන් ඈදා ඇති බවයි. එපමනක් නොව එය ප්‍රසිද්ධියට පත් කර සතියක් ඉක්ම යැමටත් පෙර කොළඹ විදේශ තානාපති හමුවක් කැදවා එය විස්තරාත්මකව පැහැදිලි කළේ යැයි ජනාධිපති උපදේශකවරයකු රජයේ මාධ්‍ය මගින් උදම් ඇනුවේය. එළෙස කොළඹ තානාපති ප්‍රජාව දැනුවත් මෙම ක්‍රියාකාරි සැළැස්මේ ප්‍රධානීන් වන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදේශ අමාත්‍ය ජි.එල්.පීරිස් ය. ඉන් දෙදිනකට පසු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්්‍යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සැළැස්ම ක්‍රියාවට නැගුව හොත් ඉන් ශ්‍රී ලංකවේ ජනයාට මහත් වූ යහපත් ප්‍රතිඵල ලැඛෙනු ඇති බවයි. යළිත් තවත් එවැනිම පුවතක් පළ කළ රජයේ මාධ්‍ය කියා සිටියේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති විසින් මෙම සැළැස්ම පිළිබඳව ජරමානු විදේශ අමාත්‍යාංශය දැනුවත් කළ බවයි.
ජනාධිපතිවරයා මොනවා කීවත් මේ තාක් දුරට මෙම ක්‍රියාකාරි සැළැස්ම පිළිබඳව රජයේ පිළිවෙතින් පෙනී යන්නේ එය ඉදිරිපත් කර ඇත්තේ මෙරට ජනතාවට නොව අන්තර් ජාතික ප්‍රජාවට බවයි.
මෙම සැළැස්මෙහි මූලෝපාය ලෙස පෙනී යන්නේ උගත් පාඩම් කොමිසමේ ඉතා වැදගත් නිර්දේශ සම්බන්ධයෙන් එක්කෝ ක්‍රියා නොකිරීම හෝ ක්‍රියා කරන්නේ යැයි කියනු ලබන විට ඒම පරීක්ෂන අවසානයක් නැති කාල රාමුවකට හිර කිරීමයි. මෙම වැදගත් නිර්දේශ බොහොමයක් කොමිසම විසින් අලූතෙන් ඉදිරිපත් කරන ලද ඒවා නොවන අතර දිගු කළක් මුළුල්ලේ අප සමාජයේ සිවිල් සහ දේහපාලන සමාජය විසින් සමාජ ගත කරන ලද ඒවා ය. කොමිසම විසින් නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමටත් පෙර ආණ්ඩුව ඒවායින් බහුතරයක් ක්‍රියාවට නඟා තිබුනැයි ආරක්ෂ ලේකම් ගොඨාභය රාජපක්ෂ කියන විට ඉන් ගම්‍ය වන තවත් කරුණක් තිබේ. එනම් කි්‍රයාත්මක කල නොකළ යුතු මොනවාදැයි කොමිසමේ වාර්තාව පිටවීමටත් පෙර අප තීරණය කර තිබුණා යන්නයි. මේ වනාහී එවැනි ඉටු නොකරන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අක්‍රීය සැළැස්මකි.
ආණ්ඩුවේ සැළැස්ම විසින් නොසළකා හැර හෝ තීරණය කිරීම අනන්තයට යවා ඇති එමගින් ප්‍රයෝගික අර්ථයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති මේ නිදසුන් දෙස බලමු:
යුද්ධයේ අවසන් අදියරෙහිදී සිදු වූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුය යන නිර්දේශය දැනටමත් එම ක්‍රියාපරිපාටීන් පැවැත්වෙන්නේය යන තර්කය මගින් ප්‍රතික්ෂේප කැරේ.
කොමිසම විසින් දක්වා ඇති එවැනි සිදුවිම් පහ සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීම ස්වාධීන අධිකාරියකට පවරනු වෙනුවට දේශපාලනීයකරණය වූ පොලීසියට සහ නීතිපති දෙපාර්ථමේන්තුවටම පැවරීම මගින් එම විභාගයන් ඇල් වතුර කරනු ලබයි. මෙම නිර්දේශ සම්බන්ධව සදහන් කරන සැළැස්ම පුදුමාකර ලෙස 'පරීක්ෂන' යව වචනය පාවිච්චි නොකිරීමට වගබලා ගනී. එමෙන්ම එම විභාග පවත්වනු ඇත්තේ ආරක්ෂක අංශ විසින්ම පමණි.
ජාතික ගීය දෙමළ බසින් ද ගායනා කිරීම පිළිිගත යුතුය යන නිර්දේශය පිළි නොගැනේ.
යුද්ධයේ දී විපතට පත් සියළු දෙනා අනුසමරණය කැරෙන ජාතික ස්මරණ දිනයක් ඇති කළ යුතුය යන්න පිළි නොගැනේ. කෙලින්ම ප්‍රතික්ෂේප කරයි.
රජයේ ආරක්ෂක අංශ විසින් විශාල වශයෙන් සිදු කරන ලද බවට චෝදනා නැගී ඇති අතුරුදහන්වීම් පරීක්ෂා කිරිමට විශේෂ කොමසාරිස්වරයකු පත් කළ යුතුය යන නිර්දේශය පිළි නොගැනේ. එමෙන්ම අත් අඩංඟ=වට ගැනීමෙන් පසු සිදුව ඇති බවට චෝදනා කැරෙන අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂන පැවැත්විය යුතුය යන නිර්දේශය පිළිනොගැනේ.
අතුරුදහන්වීම් සම්බන්ධ සියළු තොරතුරු අඩංඟ= ජාතික මට්ටමේ මධ්‍යගත දත්ත පද්දතියක් සකස්කල යුතු බවට කරන ලද නිර්දේශය පිළි නොගැනේ.
වධහිංසා පැමිණ වීම් වැළැක්වීම පිණිස ඒ හා සම්බන්ධ නීති රීති අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව ප්‍රති සංස්කරණය කළ යුතුය යන්න පිළි නොගැනේ. ඒ වෙනුවට ඒ සම්බන්ධ කටයුතු පාර්ලිමේන්තුවට පවරයි.
අත් අඩංඟ=වෙහි සිටින එල්ටීටීඊ සැකකරුවන්ගේ දත්ත ප්‍රසිද්ධ කළ යුතුය යන නිර්දේශය පිළි නොගැනේ.
(රජයට සහාය දක්වන) නොනිල සහ නිති විරෝධී සමාන්තර හමුදාවන් නිරායුධ කළ යුතුය යන නිර්දේශය ප්‍රතික්ෂේප කැරෙන්නේ දැනටමත් එම කාරිය කර ඇතැයි යනුවෙන් සඳහන් කිරිමෙනි. ( එවැනි කල්ලි හමුදාවන්හි පැවැත්ම නැගෙනහිර මැතිවරණය විසින් යළි ඉස්මත්තට ගෙනැවිත් තිබේ.)
යාපනයේ පලාලි සහ ත්‍රි,මලයේ සාම්පූර්හි ඇති අධි ආරක්ෂක කලාප දෙක සම්බන්දයෙන් යළි සළකා බලන ලෙස කැරෙන නිර්දේශය එහි ඇත්තේ එක් අධි ආරක්ෂක කලාපයක් පමණක්යැයි සදහන් කරමින් ප්‍රතික්ෂේප කැරේ.
යුද්ධයෙන් විපතට පත් සියල්ලන්ටම වන්දියක් ගෙවීමට සළකා බලන ලෙස කැරෙන නිර්දේශය නිහඩතාවය මගින් ප්‍රතික්ෂේප කැරෙයි.
උතුරු නැගෙනහිර ජන ජීවිතයේ සිවිල් කටයුතු කෙරෙන් යුද හමුදාව ඉවත් විය යුතුය යන නිර්දේශය දැනටමත් සියයට 95ක්ම එළෙස ඉවත්ව ඇතැයි යන ව්‍යාජ ප්‍රකාශය කිරීම මගින් නිෂේධ කෙරේ.
මහා ජනයාට රජයේ තොරතුරු ලබා ගැනීම පහසු කරනු සම මාධ්‍ය නිදහසට සහායක් ලෙස 'තොරතුරු දැනගැනීමේ පනතක්' නීති ගත කළ යුතුය යන නිර්දේශය සහමුලින්ම නිෂේධ කැරෙන්නේ එය පාර්ලිමේන්තුවට බාරදීම මගිනි.
මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගවීමේ යාණ්ත්‍රනයන් පිහිටුවීම, ජාතික සංහිදියාව ඇති කරනු පිණිස ප්‍රති සන්ධාන පියවරයන් ශක්තිමත් කිරීම සහ නීතියේ පාලනය පිහිටවනු පිනිස යුද කරණය ආපසු හරවා ප්‍රජාතන්ත්‍රවාදී රාමු ශක්තිමත් කිරීම යනාදි වශයෙන් උගත් පාලන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද මූලික යෝජනා මෙම ක්‍රියාකාරී සැලැස්ම විසින් අක්‍රීය කරනු ලබයි.
Post a Comment