යකඩ හොරාණෙනි ඔබ අපට විරුවෙකි!


l අමිල ගුණරත්න

යකඩ චෞරයා යැයි විරුදාවලිය ලත් සුදර්මන් රදලියගොඩ මැතිතුමා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා අධිකරණයෙන් වරෙන්තු නිකුත් වුයේ 2011 ජුලි මස 19 දිනය. නමුත් පොලිසිය එතුමාව අත්අඩංගුවට ගත්තේ නැත. පුරා වසරක් වරෙන්තුකාරයෙකු වී සමාජයෙන් පලා නොගොස් සැඟවී නොසිට ස්වාධින රුපවාහිනී සේවයේ වැඩ කරමින් උසස් පොලිස් නිලධාරීන් ආශ්‍රය කරමින් දේශපාලකයන් සමග හරි හරියට වාඩි වෙමින් මැයි දිනයට පවා සහභාගී වෙමින් ඔබ ගත කල ජීවිතය අති විශිෂ්ටය. කැලෑවේ සැඟවී සිටි සරදියෙල්ටත් , බංකරයේ සැඟවී සිටි ප්‍රභාකරන්ටත් වඩා ඔබ වැඩකාරයෙකි. ඒ නිසා මෙතැන් සිට අප ඔබතුමා ලංකාවේ ජාතික වීරයෙකු ලෙස සලකන බව කීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ පොලිසිය යනු වැසිකිලි පෝච්චියක් බවත් ශ්‍රී ලංකාවේ අධිකරණය යනු මනප්පුවාගේ ඔලුවේ ගසාගෙන තිබෙන නැමි පනාවට වඩා වැඩිමනත් දෙයක් නොවන බවත් ප්‍රයෝගික භාවිතාව තුලින් ඔබතුමා අපට පෙන්නා දුන්නේය. සුදර්මන් රදලියගොඩ මැතිතුමනි ඔබ ලාංකීය අපට අභිමානයකි. ජාතික විරුවාණෙනි ඔබට චිරං ජයතු.